Dr. Seneth Gajasinghe

Dr. Seneth Gajasinghe

Share

Medical Officer at NHSL

16/01/2023

මහජන සේවය පිණිසයි.......
"there are no brave doctors, there are only brave patients."
මම මගේ වෛද්‍ය ජීවිතය තුළ අහපු ලස්සනම කතාව. මොකක්ද මේ හරුපේ තේරුම?
මෙමගින් කියන්නේ වෛද්‍යවරයාත් රෝගියාත් අතර ඇතිවන ගනුදෙනුවකදී / ප්‍රතිකාර කිරීමකදී, එම සිදුවීමට අදාල සියළුම රිස්ක් රෝගියා විසින් ගන්නා බවයි.
1. ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් - අනතුර රෝගියාටයි.
2. ප්‍රතිකාර වැරදුනොත් - අනතුර රෝගියාටයි.
3. ප්‍රතිකාර වල සංකුලතා සැදුනොත් - අනතුර රෝගියාටයි.
4. ශල්‍යකර්මය ප්‍රමාද වුවහොත් - අනතුර රෝගියාටයි.
5. ශල්‍යකර්මය වැරදුනොත් - අනතුර රෝගියාටයි.
6. ශල්‍යකර්මයේ සංකුලතා පැමිණියහොත් - අනතුර රෝගියාටයි.
පවුද්ගලික අංශයේදී
7. ප්‍රතිකාර සදහා පුර්ණ බරපැන - රෝගියා දරනු ලැබේ.
8. සංකුලතා ඇති වුවහොත් එහි බරපැන - රෝගියා දරනු ලැබේ.
මේ පිලිබදව ඔබට අවබෝදයක් තිබීම වැදගත් වේ. එසේම මොඩර්න් මෙඩිසින් හි රෝගියා කිංග් ලෙස සලකනු ලැබේ. එහි තේරුම ඔබට වෛද්‍යවරයා අතික්‍රමණය කල හැකිය යන්න නොව ඔබගේ ප්‍රතිකාර සම්බන්ද ඔබට ඇති සියළු ගැටළු වලට සත්‍ය තොරතුරු සැපයීමට වෛද්‍යවරයා බැදී සිටිනවා යන්නයි. එසේම ඔබගේ ප්‍රතිකාර පිලිබදව තීරණ ගැනීමේ සම්පුර්ණ බලය ඔබ සතුව ඇති බවයි. එනිසා ඔබ සතු මෙම අයිතීන් බාවිතා කිරීමට පසුබට නොවන්න.
1. ඔබට ඔබ රෝගය ගැන හෝ එහි ප්‍රතිකාර ගැන ඇති සියළු ගැටළු වෛද්‍යවරයාගෙන් අසා දැනගැනීමට මැලි නොවන්න. පවුද්ගලික වෛද්‍ය සේවයේදී වෛද්‍යවරයා නියම කරන ලද ගාස්තුව ඔබ ගෙවා ඇති නිසා ඒ සදහා ඔබට පුර්ණ අයිතිය ඇත.
2. ඔබගේ ප්‍රතිකාර ගැන ගනු ලබන තීරණ ගැන සංවේදී වන්න. ඒවා පිළිබදව දැනුවත් වන්න. කරන දෙයක් කරන්නට දී බලා සිටීමේ ක්‍රමය තව දුරටත් වලංගු හෝ කාලානුරූපී නොවේ. (යමක් සිදු වීමෙන් පසු ෆේස් බුක් එකේ හෑලි ලියා පලක් නැති බව වටහා ගන්න. )

16/01/2023

මහජන සේවය පිණිසයි.......
අපි දැන් පොඩ්ඩක් බහුලව බාවිතා වන බෙහෙත් වර්ග ගැන ඉගෙන ගනිමු.
Paracetamol/ පැරසිටමෝල් / Panadol/ පැරසිටෝල් .
මෙය අපි බහුලවම බාවිතා කරන බෙහෙතයි. නමුත් ඔබ නොදන්නා දෙය නම් ලොව වැඩියෙන්ම අධි මාත්‍රාවන් ගැනීම නිසා මිනිස් ශරීරයට හානි පමුණුවන බෙහෙතත් මෙයම වීමයි.
එනිසා බහුලව බාවිතා වන මෙම බෙහෙත නියම ආකාරයෙන් පමණක් බාවිතා කිරීම ඉතා වැදගත් වේ.
පැරසිටමෝල් මාත්‍රාව බර අනුව තීරණය වේ. එම ප්‍රමාණය බර කිලෝ ග්‍රෑම් එකකට බෙහෙත් මිලි ග්‍රෑම් 15කි. එනම් ළමයෙකුට දිය යුතු ප්‍රමාණය ඔහුගේ බර කිලෝ ග්‍රෑම් ගණන වැඩි කිරීම පහළොව වේ. එය දිය යුතු බෙහෙත් මිලි ග්‍රෑම් ගණන වේ. වරකට දිය හැකි උපරිම ප්‍රමාණය මිලි ග්‍රෑම් 1000 කි. ග්‍රෑම් 1 කි. එම මාත්‍රාව නැවත ලබා දිය හැක්කේ පැය හයකට පසුවය. පැය හයකට පෙර නැවත ලබාදීම ශරීරයට හානිකර වේ.

16/01/2023

If current team is failing answer is not the gang failed before them. This country has 22 million not few dozen of people.
so next option is newcommers next in line; yes next generation.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Boralasgamuwa
Colombo