SithSuwa

SithSuwa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SithSuwa, Mental Health Service, 4th Floor, Janajaya Building, Rajagiriya, Colombo.

08/09/2021

ස්වභාවධර්මය ...

මල් පිපුනට එහි සුවඳ විඳින්නෙ මල නොවෙයි. ඵල දැරුවට ගස් වැල් එය භුකති විඳින්නෙ හස් වැල් නොවෙයි.ලුනු හැදුනට මුහුදෙ එහි රස බලන්නෙ මුහුද නොවෙයි.දිය උල්පත් තිබුනට ප්‍රධාන පොලොවෙ පිපාසාව සිඳගන්නෙ එම උල්පත් නොවෙයි,ඉර හඳ අහසෙ තිබුනට එහි රශ්මිය විඳින්නෙ ඉර හඳ නොවෙයි,දසතින් සුලඟ හැමුවට හුස්ම ගන්නෙ සුලඟ නොවෙයි..
ස්වභාවධර්මය යනු මේ සියල්ලම අප වෙනුවෙන් වු අනේක විධි නිර්මානයකි..ස්වභාවධර්මයේ රීතිය නම් අන් අය වෙනුවෙන් ජීවත් වීමයි.අන් අය සුරකීමයි.ඒ සඳහා අපි පුරුදු විය යුතුය.ගහ කොල සතා සිව්පාවන් ඇල දොල ගංගා මේ සියල්ලම තව කෙනෙකු වෙනුවෙන් නිර්මාණය වූවකි.එය විනාශ කිරීම අපට අයිති නැත.අපි තවෙකුකු වෙනුවෙන්ද එය ආරක්ෂා කරමු.වටේ පිටේ තියන කිසිම තමන්ට අයිති නැති ස්වාභාවිකවත්වයට හිරිහැර නොකරන්න.
අපි හැදෙමු එවිට ලොව හැදේවි..
ස්වභාවධර්මය සුරකින විස්වාසනීය සමාජයක් බිහිවේවි...

අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි..

02/09/2021
29/08/2021

විශ්වාස කරන්න ඔයාව... විශ්වාස කරන්න මේ විශ්වය.. ඔයාට ඔයා පතන යහපත් දේ අනිවාර්යයෙන් ලැබෙයි.. ඔයාගේ හිතට එන ඍණාත්මක අදහස් එවලේම මරලා දාලා ධනාත්මක අදහස් ඇති කරගන්න.....

මගේ යාලුවෙක් හිටියා එයා නිතරම හිතන්නේ නෙගටිව් විදිහට.. එයා එක්කම මම ඒ කාලේ හිටිය නිසා මටත් අහන්න ලැබෙන්නෙම නෙගටිව් දේවල්...ඉතිං මම එයාට කියනවා ඔයා ඔය විදිහට නෙගටිව් හිතන්න හිතන්න ඔයාට ලැබෙන්නෙම නෙගටිව් දේවල් මයි කියලා ,ඒක අහලා එයාට හිනාගියා....

එයා එවලෙම කියනවා මට " අපි පොසිටිව් හිතුවා කියලා අපිට හම්බෙන දෙයක් නෑ.ඕව බොරු දේවල්. මේ අපි ඉන්න විදිහ වෙනස් කරන්න බෑ ඔයා ඔය කියන පොසිටිව් තින්කින් වලින්.." එයා එහෙම කියද්දි මම හිනාවෙලා එයා කිව්ව නෙගටිව් දේවල් මගේ ඔලුවෙන් සහමුලින් ම අයින් කලා....

එයා කොයිතරම් මං එක්ක ගණුදෙනු කරත් එයාගෙන් මට හානියක් වුනේ නෑ.. එයා නිතරම නෙගටිව් දේවල් කිව්වත් මම ඒ කිසිම දෙයක් මගේ යටිහිතට දාගත්තේ නෑ.. මම විශ්වාස කලා මාව.. මම විශ්වාස කලා මේ විශ්වය...එයා අපිට ඕන දේ දෙනවා.. මම මට ලැබුන පුංචි දේටත් ස්තූතියි කරා...තාමත් එහෙමයි.. එන්න එන්නම මට ලැබෙනවා ස්තූතියි කියන්න පුළුවන් දේවල්...

අරමුණට ඉක්මනින් යන්න නම් ඔයාගේ හැසිරීම වෙනස් කරගන්න ඕන.. මොකද ඔයාගේ හැසිරීමෙනුත් විශ්වය ඔයාට ඕන දේ දෙනවද නැද්ද කියලා දෙපාරක් හිතනවා...හිතන්න ඔයා උදේම නැගිටලා වැඩ කරලා ඔයාගේ අරමුණ ට යන්න උපරිම උත්සාහ කරන කෙනෙක් නම් , ඔයා නිතරම විශ්වයට ස්තූතියි කරනවා නම් අනිවාර්යයෙන් ඔයාට ඔයාගේ අරමුණු ඉක්මනින් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා..... ඔයාට සාර්ථක ගමනක් අවශ්‍ය නම් ඔයා ඔයාගේ හැසිරීම් රටාව වෙනස් කරගන්න...

නෙගටිව් හිතන අයගෙන් ඈත් වෙන්න අවශ්‍ය නෑ..ඔයා කල යුත්තේ ඔවුන්ගේ නෙගටිව් අදහස් ඔයාගේ යටිහිතට එකතු නොකිරීමයි...❤️

11/07/2021

සැබවින්ම ගැටලුව පවතිනුයේ වර්තමානයේ ය.යම්කිසි පුද්ගලයෙකුගේ සිත අතීතය තුළ හෝ අනාගතය තුළ නැ0ගුරම් වෑටී ඇත්නම් ඔහුට හෝ ඇයට වර්තමාන මොහොතේ සීතීම,ක්‍රියා කරන ආකාරය ,විමසා බැලීම හා තීරණ ගැනීම වැනි දෑ දුෂ්කර වන්නේය .

මනෝවිද්‍යා උපදේශක

නුවන් රණසිංහ

071 39 66092/ 076 06 50984

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


4th Floor, Janajaya Building, Rajagiriya
Colombo
10100

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00