Life in Japan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life in Japan, Blogger, Colombo.
23/03/2026
ජපානයේ සිංහල අවුරුදු උත්සව පරිස්සමෙන්!💥💥💥
2026 මාර්තු මස ඉරිදා දිනක, සයිටමා ප්‍රාන්තයේ ටොඩා නගර සභා මන්ත්‍රීවරයෙකු වන යුසුකේ කවායි (Yusuke Kawai), අකිගාසේ උද්‍යානයේ පැවැති ජපාන කුර්දි සංස්කෘතික සංගමයේ 'නව්රුස්' (Newroz) හෙවත් කුර්දි නව අවුරුදු උත්සවයට සහභාගී විය.
ප්‍රාදේශීය කුර්දි ප්‍රජාව දැඩි ලෙස විවේචනය කරන්නෙකු වන කවායි මන්ත්‍රීවරයා, එදින ජපාන ධජය සහිත ඇඳුමකින් සැරසී පැමිණ සිටි අතර, තමා එහි පැමිණියේ "නිරීක්ෂණයකට" බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
පුද්ගලයන් 1,500ක පමණ පිරිසක් සහභාගී වූ මෙම උත්සවය අතරතුර මන්ත්‍රීවරයා සහ උත්සවයට පැමිණි පිරිස අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. එහිදී සාම්ප්‍රදායික වර්ණවත් ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු විසින් කවායි මන්ත්‍රීවරයාට පහර දී ඇත. ඉන් අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ. පොලිසිය මේ වන විට මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජපානය තුළ මේ වන විට පවතින විදේශික විරෝධී රැල්ල නිසා ඉදිරියට පැවැත්වෙන අපගේ සිංහල අලුත් අවුරුදු උත්සවවලදී ද මෙවැනි සිදුවීම් ඇති විය හැකි බැවින්, සියලු දෙනා ඉතා ප්‍රවේශමෙන් හා කල්පනාකාරීව කටයුතු කරන ලෙස කාරුණිකව මතක් කර සිටිමු.
Japan
17/03/2026
📍 Google Maps දැන් සිතියමක් විතරක් නෙවෙයි, ඔයාගේ පෞද්ගලික AI සහායකයෙක්! 🚗🤖
ගූගල් මැප්ස් පාවිච්චි කරන අපිට දශකයකට පස්සේ ලැබුණු සුපිරිම Update එක තමයි මේ. දැන් Gemini AI තාක්ෂණය නිසා මැප් එකත් එක්ක අපිට කතා කරන්න පුළුවන්.
මේ අලුත් Update එකේ අපේ ජීවිතේ ලේසි කරන ප්‍රධාන දේවල් කිහිපයක් මෙන්න:
• 💬 මැප් එකෙන් ප්‍රශ්න අහන්න (Ask Maps):
දැන් "කෝපි ෂොප්" කියලා සර්ච් කරනවා වෙනුවට, "මට ෆෝන් එක චාජ් කරගන්න ප්ලග් පොයින්ට් එකක් තියෙන, සද්දබද්ද අඩු, හොඳ කෝපි එකක් බොන්න පුළුවන් තැනක් ලඟපාත තියෙනවද?" කියලා කෙලින්ම අහන්න පුළුවන්. Gemini AI එක මිලියන ගාණක රිවීව්ස් කියවලා ඔයාට ගැලපෙනම තැන හොයලා දෙයි.
• 🏢 ඇස් දෙකට පේනවා වගේ පාර පෙන්වන 3D Navigation:
ඉස්සර වගේ පැතලි ඉරක් දිගේ යන්න ඕනේ නැහැ. දැන් පාරේ තියෙන ගොඩනැගිලි, පාලම්, පදික මාරු පවා 3D විදිහට පේනවා. විශේෂයෙන්ම සංකීර්ණ හන්දියකට ආවම මැප් එක "Zoom" වෙලා ඔයා ඉන්න ඕනේ නිවැරදිම මංතීරුව (Lane) පැහැදිලිව පෙන්වනවා.
• 🗣️ යාළුවෙක් වගේ කතා කරන Voice Guidance:
"මීටර් 200කින් හැරෙන්න" කියන රොබෝ සද්දේ වෙනුවට, දැන් මැප් එක කියන්නේ "ඉදිරියෙන් තියෙන ඉන්ධන පිරවුම්හල පහුකරපු ගමන් දකුණට හැරෙන්න" වගේ හරිම ස්වාභාවික විදිහට. ඒක පාර හොයාගන්න ගොඩක් ලේසියි.
• ගමනාන්තයටම මග පෙන්වන 'Final Stretch':
බොහෝ වෙලාවට අපි ලොකු බිල්ඩිමකට ගියාම ඒකේ ඇතුල් වෙන දොර හෝ පාර්කින් එක හොයාගන්න දඟලනවනේ. දැන් මැප් එක ගොඩනැගිල්ල ලඟට ආවම ඒකේ ප්‍රධාන දොරටුව සහ වාහන නවත්වන්න පුළුවන් තැන් විශේෂ කරලා පෙන්වනවා.
මේක අපිට ලැබෙන්නේ කවදාද?
දැනට ඇමරිකාව සහ ඉන්දියාව වැනි රටවලට මේක ලැබිලා තියෙනවා. ජපානය සහ ලංකාව ඇතුළු අනෙක් රටවලටත් ඉදිරි මාස කිහිපය ඇතුළත මේ සුපිරි පහසුකම ලැබෙන්න නියමිතයි. ඒ නිසා ඔයාගේ Google Maps App එක Update එකේම තියාගන්න!
#ජපානය
16/03/2026
ලෝකයේ බලවතුන් "හුදකලා" කරන ස්පාඤ්ඤ අගමැතිගේ ප්‍රබල ප්‍රතිචාරය! 🌍🚫
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපයෙන් සහ ජාත්‍යන්තරයෙන් ඉරානයට එරෙහිව සහයෝගය ඉල්ලා සිටින අවස්ථාවේදී, එයට පිළිතුරු දෙමින් ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් කළ ප්‍රකාශය ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක්ව තිබේ. ඔහු පැවසුවේ "ලෝකය ගිනි තබා එම ගින්නෙන් ඇති වන දුමට දොස් පවරන අයට ඔබට සහාය දිය නොහැක" යනුවෙනි.
අතීතයේ සිටම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සම්පත් සූරාකෑම, ආක්‍රමණයන්, ප්‍රහාරයන් සහ ජන සංහාරයන් සිදු කිරීම සාමාන්‍ය කටයුත්තක් බවට පත්ව ඇත. එවැනි ආක්‍රමණශීලී ක්‍රියාවලට ප්‍රතිචාරයක් ලෙස ලෝකයේ ප්‍රතිප්‍රහාරයන් සිදු වන විට, එම රටවල් වෙත දොස් පවරා ඔවුන්ට එරෙහිව යුරෝපයේ රටවල් එකතු කර ගනිමින් හමුදා ක්‍රියාමාර්ග ගැනීම මොවුන්ගේ සාමාන්‍ය උපක්‍රමයයි.
ඉරානයට එරෙහිව නීත්‍යානුකූල නොවන ප්‍රහාරයක් දියත් කර ලෝකයේ ගින්නක් ඇති කර, එයින් ඇති වූ දුමට ප්‍රතිචාර දැක්වීමට වෙනත් රටවලින් සහයෝගයක් ඉල්ලීමට පෙර, ආරම්භයේදීම එවැනි ගින්නක් ඇති නොවන පරිදි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය කටයුතු කළ යුතුව තිබූ බව පෙඩ්‍රෝ සැන්චේස්ගේ මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. අතීතය මෙන් නොව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට සහය නොදීමෙන් යුරෝපයේ රටවල් මෙලෙස කටයුතු කිරීම නිසා, ජාත්‍යන්තරය තුළ ඇමරිකාව සහ ඊශ්‍රායලය වර්තමානය වන විට හුදකලා වී ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the public figure
Telephone
Website
Address
Colombo