Study Buddy

Study Buddy

Share

AtStudyBuddy

15/12/2023

පාඩම් කරද්දි කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද?

🐚 වැදගත්ම දේවල් අඳුරගන්න. Schedule එකක් හදාගන්න.

ඔයාට පාඩම් කරන්න තියෙන, කරන්න තියෙන වැදගත්ම දේවල් මොනවද කියලා අඳුරගන්න. ඒ දේවල්වලට මුල්ම තැන දෙන්න. ඔයාට පාඩම් කරන්න අමාරු විශයන්, පාඩම් වගේ දේවල් වලට වැඩි කාලයක් යොදවන්න. ඒ විදිහට ඔයා පාඩම් කරන්න Schedule එකක් හදාගන්න. දවසේ ඔයාට හොඳටම පාඩම් කරන්න හිතෙන කාලය ඔයාට අමාරු විශයන්, පාඩම් වලට යොදාගන්න.

🐚 පාඩම් කරන දේවල් පොඩි කොටස්වලට කඩාගන්න.

ඔයා අද පාඩම් කරන්නෙ එක පාඩමක් නම් ඒ පාඩමේ තියෙන අනු මාතෘකා කොටස්වලට අනුව පාඩම පොඩි කොටස්වලට කඩාගන්න. එක පොඩි කොටසින් කොටස ඉවර කරන්න. එක කොටසක් සම්පූර්ණයෙන්ම ඉවර කරාට පස්සෙ ඊලඟ කොටසට යන්න.

🐚 එකපාර වැඩ ගොඩක් කරන්න එපා.

ඔයා පාඩම් කරන ගමන් වෙන අමතර වැඩ කරන්න එපා. ඔයා පාඩම් කරන ගමන් අමතර වැඩත් කරනවනන් වෙන්නෙ එක වැඩක්වත් හරියට වෙන්නෙ නැති එක. එක පාරකට එක වැඩක් විතරක් කරන්න.

🐚 පොඩි Break එකක් ගන්න.

ඔයා පාඩම් කරන අතරතුර පොඩි break එකක් ගන්න. එක දිගටම පාඩම් කරද්දි කම්මැලි හිතෙනවනන් ඒ වෙලාවට විනාඩි 10ක විතර පොඩි break එකක් අරන් පොඩ්ඩක් relax වෙන්න. ඔයා පාඩම් කරන්න schedule එක හදද්දි පාඩම් කරන වෙලාව අතරතුර පොඩි break එකකටත් වෙලාව වෙන් කරන්න. ඒ වෙලාවට තේකක් හදාගෙන බොන්න. සිංදුවක් අහන්න වගේ දෙයක් ඔයාට කරන්න පුළුවන්.

©️StudyBuddy

12/12/2023

හැමදාම පාඩම් කරන්නෙ කොහොමද?

☁ Plan එකක් හදාගන්න.

ඔයා පාඩම් කරන්න ඕනෙ විශයන් මොනවද? ඔයා වැඩිපුර අවධානයක් දෙන්න ඕනෙ මොන විශය, මොන පාඩමටද? කියන එක අඳුරගෙන ඒ අනුව ඔයාට ගැලපෙන Plan එකක් හදාගන්න.

පුළුවන්නම් මේ Plan එක කලින් දවසේ රෑ හදලා තියාගන්න. එතකොට ඔයා උදේ නැගිට්ටට පස්සෙ දන්නවා ඔයා අද දවසේ කරන්න ඕනේ මොනවද? අද දවසෙ මන් කරලා ඉවර කරන්න ඕනේ මොනවද? කියන එක. පාඩම් කරන්න ඕනෙ දේවල් මොනවද කියන එක ඔයා පොඩි ලිස්ට් එකක් හදලා තියාගන්න. පාඩම් කරන්න පටන් ගත්තට පස්සෙ ඔයාට ඒක පහසුවක් වෙයි.

☁ පාඩම් කරන්න පටන් ගන්න.

සමහර වෙලාවට ඔයාට කරන්න තියෙන්නෙ පාඩම් කරන්න පටන් ගන්න එක විතරයි. "දැන්ම බෑ පස්සෙ කරනවා" කියලා හිත හිතා හිටියොත් ඔයාට ඒ දේ කරන්න වෙන්නෙම නැහැ. ඒක නිසා කොච්චර කම්මැලි හිතුනත් ඔයා පාඩම් කරන තැනට ගිහින් පාඩම් කරන්න පටන් ගන්න. පාඩම් කරන්න පටන් ගත්තට පස්සෙ ඔයාට එකදිගට ගොඩාක් වෙලා පාඩම් කරන්න පුළුවන් වෙයි.

☁ හැමදේම ලඟින් තියාගන්න.

ඔයාට පාඩම් කරද්දි ඕනෙ වෙන හැමදෙයක්ම පාඩම් කරන්න පටන් ගන්න කලින් ලඟට අරගන්න. ඔයාට පාඩම් කරද්දි ඕනෙ වෙන පොත්, නෝට්ස්, පෑන්, පැන්සල්, හයිලයිටර්ස් වගේම වතුර බෝතලේකුත් ලඟින් තියාගන්න. එතකොට ඔයාගෙ අවධානෙ සැරින් සැරේ වෙන දේවල් වලට යොමු වෙන්නෙ නැහැ.

03/07/2023

Try this study tip....🌸

15/03/2022

🍁 ඔයා පාඩම කියවනකොට මුලින්ම පාඩමේ තියෙන මාතෘකා, අනුමාතෘකා, රූපසටහන් වගේ දේවල්වලට අවධානය දෙන්න.එතකොට ඔයාට මේ පාඩමේ තියෙන්නෙ මොන වගේ දෙයක් ගැනද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

🍁මුළු පාඩමම එකපාර කියවන්න යන්න එපා.පාඩම පුංචි පුංචි කොටස්වලට කඩාගෙන එක කොටසක් කියවලා ඒ කොටසේ තියෙන කරුණු සාරාංශ කරගෙන ඒක තේරුම් ගන්න බලන්න. ඔයා පාඩම් කරන කොටස සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ඊලඟ කොටසට යන්න.

🍁ඔයා පාඩම් කරන දේ එදිනෙදා ජීවිතයේ දේවල්වලට සම්බන්ධ කරලා පාඩම් කරන්න.එහෙම කරන එකෙන් ඔයාට ඒක ඉක්මනටම මතක තියාගන්න පුලුවන් වෙයි.

🍁හැමවෙලාවෙම ඔයාට බැහැ කියලා හිතන්නෙ නැතුව "මට මේ දේ කරන්න පුළුවන්" කියලා හිතන්න.හැමවෙලාවෙම ධනාත්මක විදිහට හිතන්න.

03/11/2021

පාඩම් කරද්දි එන කම්මැලිකම නැතිකරගන්න කොහොමද?

🍁 සුවපහසු, නිස්කලංක තැනක් තෝරගන්න.

ඔයාට පාඩම් කරන්න ආස හිතෙන, සුවපහසු, නිස්කලංක තැනක පාඩම් කරන්න පටන් ගන්න. ඔයා නිතරම පාඩම් කරන මේසෙම පාඩම් කරන්න ඕනෙ කියල දෙයක් නැහැ. ඔයාට හිතෙනවනම් පාඩම් මේසෙ පාඩම් කරන්න බැහැ කියලා ඔයාට වෙන තැනක් තෝරගන්න පුලුවන්.

🍁 පාඩම් කරන දේවල් කුඩා කොටස්වලට කඩාගන්න.

ඔයා පාඩම් කරන්න ගන්න මුලු පාඩමම එක පාර පාඩම් කරන්න ගියොත් නම් ඔයාට ඒක එපාවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒක නිසා ඔයාට පුලුවන් ඔයා පාඩම් කරන්න හදන පාඩම පුංචි පුංචි කොටස්වලට කඩාගන්න. එතකොට ඔයාට පුලුවන් එක කොටසක් පාඩම් කරලා විනාඩි 5ක විතර බ්‍රේක් එකක් අරන් ආයෙ ඊලඟ කොටස පාඩම් කරන්න. මේ වගේ පුංචි බ්‍රේක් එකක් ගන්න එකත් ඔයාට එන කම්මැලිකම මග ඇරගන්න උදව් වෙයි.

🍁 විශයන් වෙනස් කර කර පාඩම් කරන්න.

ඔයා මුලු දවසෙම එකම විශයක් පාඩම් කරන්න ගියොත් නම් ඔයාට ඒක කම්මැලි හිතෙන වැඩක්වෙයි. මේක නිසා ඔයා විශයන් වෙනස් කර කර පාඩම් කරන්න. හිතන්නකො ඔයා විද්‍යාව පැයක් පාඩම් කරා කියලා. ඊලඟ පැයේ ඔයා ගණන් ටිකක් හදන්න. නැත්නම් වෙන විශයක් පාඩම් කරන්න.මේ වගේ විශයන් මාරු කර කර පාඩම් කරන්න.

🍁 To Do List එකක් හදන්න.

ඔයා උදේට නැගිට්ටට පස්සෙ හිතන්න අද දවසෙ මොනාද ඔයාට Complete කරගන්න තියෙන පාඩම්. ඊට පස්සෙ Sticky Note එකක්/ පුංචි කොළයක්/ Note Book එකක් අරන් දිනය දාලා ඒ ටික පිලිවෙලට ලියාගන්න.

2021.11.02
• විද්‍යාව - ශාක පටක කොටස පාඩම් කරන්න.
• ගණිතය - Paper එකක් කරන්න.
• සිංහල - විචාරයක් ලියන්න.
• ඉතිහාසය - Online Class මේ විදිහට ලියාගෙන එකින් එක වැඩ ටික Complete කරනකොට ඒ ඒ විශය / පාඩම ඉස්සරහින් පොඩි ටික් එකක් දාන්න. To Dp List එකක් හදන එක ඔයාගෙ දවසෙ වැඩ ටික ඉවර කරගන්නත් ඔයාට උදව්වෙනවා.

🍁 ඔයාගෙ Mobile Phone එක අයින් කරන්න.

ඔයා පාඩම් කරන වෙලාවට ඔයාගෙ phone එක off කරන්න පුලුවන්නම් හුඟාක් හොඳයි. ඒත් එහෙම කරන්න බැරි නම් ඔයාගෙ phone එක Silent දාන්න. Notification off කරන්න. නැත්නම් ඔයාට පේන්නෙ නැති තැනකින් ඔයාගෙ phone එක තියන්න.

🍁 ඔයාවම ඔයා motivate කරගන්න.

හිතන්න ඔයා අද මේ විදිහට පාඩම් කරන්නෙ මොකටද කියලා. ඔයාගෙ හීන හැබෑකරගත්තට පස්සෙ ඔයා ගෙවන ජීවිතේ මොන වගේ වෙයිද කියලා. ඔයාගෙ සාර්ථකත්වය දැක්කට පස්සෙ ඔයාගෙ දෙමව්පියො කොච්චර සතුටු වෙයිද? ඒ වගේම ඔයාගෙ සාර්ථකත්වයට කැමති නැති කට්ටියකුත් ඉන්නවා. ඒ කට්ටියට මොනා හිතෙයිද ඔයා ඔයාගෙ හීන හැබෑකරගත්ත දවසට. ඔයාට කම්මැලි හිතුනොත් මෙන්න මේ වගේ දේවල් හිතන්න. ඒකෙන් ඔයාවම Motivate වෙනවා. මේකෙන් ඔයාගෙ කම්මැලිකම නැතිවෙලා යයි.

🍁 සිංදුවක් අහන්න.

ඔයා පාඩම් කරද්දි කම්මැලිකමක් එනවනම් ඔයාට පුලුවන් Soft සිංදුවක් අහන්න. වචන නැති instrumental music වගේ අහනවනම් තමයි හුඟක් හොඳ. ඔයාලට ඒ වගේ playlist youtube එකෙන් ඕන තරම් හොයාගන්න පුලුවන්.

🌼 https://youtu.be/TnY0C5YbXmc
🌼 https://youtu.be/e5zUDrNom9Y

මේ තියෙන tips ඔයාට පොඩ්ඩක්හරි උදව් වුනානම් අනිත් අයටත් උදව්වක් වෙන්න share කරන්න. 🤗♥️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kottawa
Colombo