Marketing Plus
"Elevate Your Brand with Digital Excellence"
19/10/2023
ඔන්ලයින් ණය මෝරුන්ගේ මාෆියාව ගැන
• Online Instant Loans ලබා දෙන (Loan Sharks) හෙවත් 'ලංකාවේ ක්ෂණික ඔන්ලයින් ලෝන් app' මගින් සිදුවන නීති විරෝධී ණය දෙන්නන් පහසුවෙන් සහ ඉක්මනින් ඔබට ණය ලබාදුන්නත්, එය ආපසු ගෙවීමේදී ඔබව ඉතා අසීරු තත්වයකට පත්කර මුදල් ලබා ගැනීමට පසුබට නොවෙති.
• සාමාන්යෙන් සැබෑ ලෙසම බැලුවොත් ඔවුන් ඔබට ණය ලබා දෙන වාර් ශික පොළී අනුපාතය 360% - 720% ත් අතර බව දැනගතහොත් ඔබ කිසිදිනෙක ඔවුන්ගෙන් ණය උගුලට අසු නොවනු ඇත.
• ඔබ භාවිත කරන online loan ඇප් එක හරහා, ඔබගේ මොබයිල් දුරකතනයේ සියලු නොම්බර, පින්තුර සහ වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ඔවුන්ට ඇත.
• මෙහි අවදානම වන්නේ එම අංක වල සිටින අයට කතා කර ඔබව ලජ්ජාවට පත්කිරීමේ සිට ඔබගේ පින්තුර අසභ්‍ය ලෙස සකසා ඔවුන් වෙත යැවීම දක්වා පහත අසම්මත ආකාරයේ කටයුතු ඔවුන්ගේ මුදල් නැවත අයකරගන්නා නියෝජිතයින් භාවිත කිරීමයි.
• ශ්‍රී ලංකාව තුල මේ අසම්මත online ණය සදහා නියාමනයක් නොමැති බැවින්, ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සදහා ඉක්මන් ණය ගැනීමේදී මෙවැනි උගුල් වල නොවැටීමට තරම් බුද්ධිමත් වන්න.
• ඔබේ වටිනා ජීවිතය අසීරු තත්වයකට පත් වීමෙන් වලකා ගන්න. මෙවන් ණය උගුල් වලට අසුවී සිය දිවි නසා ගත පුද්ගලයන් දහස් ගණනක් ඇති අතර, ඔබේ ජීවිතය ක්ෂණික ඔන්ලයින් ණය මෝරුන්ගෙන් පරිස්සම් කර ගන්න.
• ඔවුන් බොහෝ විට මුදල් ණයට ගැනීමට අවශ්‍ය සහ නීත්‍යානුකූලව එසේ කළ නොහැකි පුද්ගලයින් ඉලක්ක කරයි.
• එම පහසු ණය සදහා ඉතා ඉහළ පොලී අනුපාත අය කරන අතර, ඔබට වෙනත් විකල්ප නොමැති බව ඔබට හැඟුනත්, අනිවාර්යෙන් ඔවුන්ව මග හැරිය යුතු වන්නේ එම අවදානම නිසාමය.
ඔන්ලයින් ණය උගුල් හෙවත් ණය දෙන මිනී මෝරුන් හදුනාගැනීමේ පහසුම ආකාරය;
1. පහසුවෙන් ණයක් පිරිනැමේ (රු.5,000/- හෝ 9,000/- සිට ඉහලට).
2. බොහෝ විට කඩදාසි හෝ ලේඛන සහිත ණය දීමේ මාර්ගයන් මග හැරීම සදහා ඔන්ලයින් ඇප් භාවිතයෙන් ණය ලබා දෙයි.
3. ණය තොරතුරු කොන්දේසි සහිත නීතිමය ලියකියවිලි නොමැත. කොන්දේසි වෙනස් කිරීමේ බලතලද ඔවුන් සතුවේ.
4. ණය සදහා ඉතා ඉහළ පොලී අනුපාතයක් ඇත. සාමාන්යයෙන් සතියකට සියයට 20 ක් හෝ වසරකට සියයට 360 - සියයට 720 ක් දක්වා.
5. ඔබේ CRIB පසුබිම අවශ්ය නොවේ. බලපත්‍රලාභී ණය දෙන්නන්ට පුද්ගලික තොරතුරු අවශ්‍ය වන අතර සාමාන්‍යයෙන් ණය පරීක්ෂාවක් සිදු කරන අතර, ණය මෝරුන්ට කිසිදු ලියකියවිලි අවශ්‍ය නොවේ.
6. මුලින් ඇප නොඉල්ලන අතර, පසුව පාස්පෝට වැනිදේ ඉල්ලීමට හැක.
7. ලගදී මිතුරන් ලෙස පෙනිසිටිමින් වුවද ඔබව ණය උගුලට හසුකර ගත හැක. එමනිසා අවදානයෙන් සිටින්න.
Sharing For information and safety of privacy details. Thank you.
14/07/2023
ව්‍යාපාරික ලෝකේ අපි නොදන්න දේවල් සෑහෙන්න තියෙන්න පුළුවන් 🌏
ඔයා අනිවාර්යෙන්ම අහල තියෙනවනෙ ලෝකයේ සුපිරි ධනවතුන් ගැන.
• Elon musk
• Jeff bezos
• Bill gates
• Mark Zuckerbeg
ඉතින් මේ විදියට දිගටම පිළිවෙලින් කියාගෙන යන්න පුළුවන්...
මෙන්න මේ සෙට් එකකගේ companies ගත්තත් ඒ වගේම මුළු ලෝකෙම Control කරන ආයතන ටිකක්...
Apple, Google, Amazon, Tesla, Space X ඒ අතරින් ටිකක් විතරයි.
මේ වෙනකොට ලෝකයේ ඉන්න සුපිරිම ධනවතුන්ගේ ආදායම් ගත්තොත් Forbes වෙබ් අඩවියට අනුව
• බර්නාට් ආර්නල්ට් – බිලියන 210.8
• ඊලොන් මස්ක් – බිලියන 196.5
• ජෙෆ් බේසෝස් – බිලියන 117.4
• ලැරී එලිසන් – බිලියන 112.3
• වොරන් බෆට් – බිලියන 106.4
• බිල් ගේට්ස් – බිලියන 104.9
• කාලෝස් ස්ලිම් හේලු – බිලියන 89.9
• මුකේෂ් අම්බානි – බිලියන 83.3
මේ විදියට දිගටම කියන්න පුළුවන්...
දැන් කියන්න යන්නේ මේ හැම කෙනෙක්වම Control කරන God Father කෙනෙක් ගැන..ඒ තමයි Black Rock සමාගම.
මේ සමාගමේ වත්කම ට්‍රිලියන 9.5ක්.
අංක වලින් කිව්වොත්
9,500,000,000,000 😵💫
Black Rock කියන්නේ දැවැන්ත පරිමාණයෙන් ක්‍රියාත්මක වන ප්‍රමුඛ සහ ගෝලීය වශයෙන් පිළිගත් ආයෝජන කළමනාකරණ සමාගමක්..
1988 දී ආරම්භ කරන ලද බ්ලැක් රොක් ලොව විශාලතම වත්කම් කළමණාකරු බවට වර්ධනය වෙලා තියෙනවා...
ඒ වගේම ලෝකේ පුරා සිටින ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයනවා මෙයාලා...
New York නගරයේ ඒකේ මූලස්ථානය සමඟින්, සමාගම තනි තනි ආයෝජකයින්ට, ආයතනවලට සහ රජයන්ට සේවය කරන ගමන් රටවල් 30 කට වැඩි ගණනක ක්‍රියාත්මක වෙන දැවැන්තයෙක් තමයි මේ... 😍
Black Rock සමාගමේ Basic expertise පවතින්නේ
අන්‍යෝන්‍ය අරමුදල්, විනිමය-වෙළඳාම අරමුදල් (ETF) සහ ආයතනික ගිණුම් ඇතුළු විවිධ ආයෝජන වගේ දේවල් කළමනාකරණය කිරීම මතයි... .
1988 දී බිහි වුණු මේ සමාගම මෙහෙම දෙයක් කරලා කොහොමද මෙච්චර වත්කමක් හදාගත්තේ?
ප්‍රශ්නයක් නේද? එයාලා කලේ එයාලා උපයන මුදල් විවිධ ආයතන වල කොටස් මිලදී ගන්න යොදවපු එක...
මේකේ හොඳම කතාව තමයි මේ ආයතනය අපි දැනට ලෝකය Control කරනවා කියලා හිතන් ඉන්න සමාගම් ඔක්කොගෙම වගේ වැඩිම කොටස් හිමිකරුවා. මේ Company එක ගැන පහුගිය දවස් වල වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. ඔයාලටම තේරෙනවා ලෝකය පාලනය කරන විශාලතම ආයතන වල වැඩිම කොටස් හිමිකරුවෝ කවුද කියලා. ඒක.පොඩ්ඩක් Browse කරලා බලන්න...
එතකොට ඔයාටම තේරෙයි.
ඔයා ඒක දකිනකොට දැක්කද ඒ හැම ආයතනයකම වැඩිම කොටස් හිමිකරුවා Blackrock නෙමේ. Vanguard Group එක. මොකක්ද මේ Vanguard ? 😵💫
Venguard කියන්නෙත් BlackRock වගේම මූල්‍ය උපදේශන ආයතයක්. ඔයා දැක්කා Vanguard Group එක හැම Company එකකම උඩින්ම ඉන්නවා. හැබැයි Google එකට අනුව 2022 අවුරුද්දෙදි එලියට දාපු වාර්තාව අනුව Vanguard Group වත්කම ට්‍රිලියන 8.1ක්. හැබැයි මේ වෙනකොට අනිවාර්යයෙන්ම Vanguard group එක BlackRock group එක පහු කරලා තියෙන්න ඕනේ එහෙම කතන්දර ජාත්‍යන්තර මාධ්‍යයේ යනවා. හැබැයි තවම තහවුරු කරන්න බෑ.
ඒක නෙමෙයි කතාව.අන්තිම ඇස්තමේන්තුවට අනුව ලෝකයේ තියෙන Physical & Electronic මුදල් ප්‍රමාණයක් ට්‍රිලියන 95ක්. එතනින් BlackRock සහ Vanguard පාලනය කරනවා ට්‍රිලියන 17.5ක්.
ඒ කියන්නේ මේ සමාගම් 2 මුලු ලෝකයේම තියෙන මුදල් වලින් 18.42%ක් පාලනය කරනවා.
ඒ කියන්නේ එයාලා මුළු ලෝකයම එයාලගේ අතේ තියන් ඉන්නේ. හේතුව මේ ලෝකයේ තියෙම මුදල් වලින් 81.58%ක් සාමාන්‍යක් ලෙස ගත්තාම මිනිස්සු බිලියන 7.88ක් අතරේ බෙදිලා ගිහින් තියෙන්නේ. මේක උදාහරණයක් විතරයි ඈ.
BlackRock සහ Vanguard කියන්නේ මේ වෙනකොට ලෝකය පාලනය කරන ආයතන. එයාලට පුළුවන් එක මොහොතකින් ලෝකය වෙනස් කරන්න. එහෙම බලනකොට ඔය Powerful කියන හැම කෙනාම නිකම්ම නිකං රූකඩ විතරයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo