Gossip 1st

Gossip 1st

Share

Best Gossip Page news gossips media news and more please follow us for you can get daily news in first page

07/06/2026

‼️⛔️ මවුපියන් දොට්ට දැම්මොත් නඩු

02/06/2026

ඉන්දියාවේ යම් ආරවුලක් හේතුවෙන් කුඩා දරුවෙකු උස්සා පොලේ ගසා මරා දමන අයුරු මුලු සමාජයම කොපයට පත් කරපු මේම සිදුවිම මහත් කම්පාවට පත් කරපු සිදුවිමක් මෙන්ම මේවන් තිරිසන් මිනිසුන් ඔබේ දරුවත් ආරක්ශා කරගත යුතු සමාජයක් අද බිහි වි ඇත 😔😔😔

Photos from Gossip 1st's post 27/05/2026

ඩකා, බංග්ලාදේශය – 2026 මැයි

මිර්පූර් ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිල්ලක පිහිටි නිවසකින් 8 හැවිරිදි රමිසාගේ මළ සිරුර සොයාගෙන තිබේ. ඇය එම ගොඩනැගිල්ලේම ජීවත් වූ නිසා අසල්වාසීන් විසින් වහාම හඳුනාගෙන ඇත. රමිසාගේ ශරීරය හිස නොමැතිව බිම වැටී තිබූ අතර, ඇගේ හිස ජලය පිරුණු බාල්දියක තිබී සොයාගෙන ඇත.

ප්‍රධාන සැකකරු වන්නේ අසල්වැසි පුද්ගලයෙකි. ඔහු දැරිය තම නිවසට රවටාගෙන ගොස්, ඇයට ප්‍රහාර එල්ල කර, ලිංගික අපරාධයකට ලක් කර, පසුව සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් ශරීර කොටස් කපා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

දැරිය අතුරුදන් වී ඇති බව මව දැනගෙන අසල්වාසීන්ට දැනුම් දීමෙන් පසු, සැක සහිත තත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් එම නිවස පරීක්ෂා කිරීමේදී මළ සිරුර සොයාගෙන තිබේ.

සැකකරු පලා යාමට සමත් වූවත්, පසුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳද එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සහාය ලබාදීමේ චෝදනා යටතේ ඇයටද නඩු පවරා ඇත. ඔවුන් සොහෙල් රනා සහ ඔහුගේ බිරිඳ ස්වප්නා ලෙස හඳුනාගෙන ඇත.

මෙම සිද්ධිය බංග්ලාදේශය පුරා දැඩි ජනතා කෝපයක් සහ සංවේගයක් ඇති කර තිබෙන අතර, වරදකරුවන්ට ඉක්මන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.

15/05/2026

🔴මේ කියන්නේ ඇඟ හිරිවැටිලා යන නිව්ස් එකක්.ඒ වගේම සමහර විට අපි දන්න ඉතිහාසයේ බරපතළම ස්වාභාවික ව්‍යසනය මේක වෙන්න පුලුවන්.ලෝකේ පුරාම මාධ්‍ය මේක දැඩි ලෙස වාර්තා කරමින් ඉන්නවා.ඒ මේ වසරේ අග සිදුවෙනවා කියලා කියන සුපර් එල්නිනෝ තත්වය.1877 මිලියන 50කට වඩා ජීවිතක්ෂයට පත් උන එල්නිනෝ එකෙන් පස්සේ ලෝකයේ ඇති වන ප්‍රබලම එල්නිනෝ එක මේක වෙන්න පුලුවන් කියලා කාලගුණ වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කරනවා.එසේ වුවහොත් ලෝක ජනගහනයෙන් මිලියන ගාණක් අති විශාල පිරිසක් මේකෙන් ජීවිතක්ෂයට පත් වෙන්න පුලුවන්.මේක වලක්වගන්න කිසිම විදියක් නෑ.

මේ එල්නිනෝ එක වෙන්නේ මෙහෙමයි.

සාමාන්‍ය කාලවලදී පැසිෆික් සාගරයේ සමකය දිගේ සුළං නැගෙනහිර සිට බටහිර දෙසට (එනම් දකුණු ඇමරිකාවේ සිට ආසියාව දෙසට) තදින් හමා යනවා. මේ සුළඟ මඟින් සාගර මතුපිට ඇති උණුසුම් ජල තට්ටුව ආසියාව සහ ඕස්ට්‍රේලියාව දෙසට තල්ලු කරනවා.එතකොට දකුණු ඇමරිකානු වෙරළ අසල ගැඹුරු මුහුදේ ඇති සීත පදාර්ථ ජලය මතුපිටට පැමිනෙනවා.යම් හේතුවක් නිසා (මෙය වසර කිහිපයකට වරක් සිදුවන ස්වභාවික චක්‍රයකි) මේ හමා යන වාණිජ සුළං දුර්වල වීමට පටන් ගනී. ඇතැම් විට සුළං දිශාව පවා වෙනස් වේ. එවිට ආසියාව දෙසට තල්ලු වී තිබූ උණුසුම් ජල කඳ නැවතත් දකුණු ඇමරිකාව දෙසට (නැගෙනහිරට) ගලා ඒමට පටන් ගන්නවා.මෙම උණුසුම් ජලය දකුණු ඇමරිකානු වෙරළට ළඟා උනාට පස්සේ, සාමාන්‍යයෙන් සිදුවන සීතල ජලය මතුපිටට ඒමේ ක්‍රියාවලිය නතර වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල ජලය සාමාන්‍යයට වඩා බෙහෙවින් උණුසුම් වෙනවා. මෙය "එල් නිනෝ" තත්ත්වය ලෙස හඳුන්වනවා.

සාගරය උණුසුම් වෙද්දි එම උණුසුම මඟින් ඊට ඉහළින් ඇති වාතය ද රත් කර ඉහළට ඔසවනවා. මෙය වායුගෝලයේ පීඩන රටාවන් වෙනස් කරනවා.සාමාන්‍යයෙන් ආසියාවට වැසි රැගෙන එන වලාකුළු, දැන් සාගරය මැදට හෝ දකුණු ඇමරිකාව දෙසට ගමන් කරන්න ගන්නවා.ආසියාව ආශ්‍රිත මුහුදේ උෂ්ණත්වය අඩු වීම නිසා පීඩනට අඩු වෙලා වලාකුළු අවම වෙලා දැඩි නියඟයක් හට ගන්නවා.කෙටියෙන් කියනවා නම් මේක හරියට පෘථිවියේ Ac System එක වැරදි පැත්තට ක්‍රියාත්මක කරා වගේ දෙයක්. සීතල වෙන්න ඕනි තැන් රත් වීමත්, වැසි ලැබිය යුතු තැන් වියළී යාමත් මෙහිදී සිදු වෙනවා.

සාමාන්‍යයෙන් සුපර් එල්නිනෝ එකක් ඇති වෙන්න සාගරයේ සාමාන්‍ය උෂ්ණත්වය අංශය 1.5කින් වැඩි වෙන්න ඕනි.නමුත් ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන දත්ත අනුව ඒක 2.5 මාරන්තික සීමාවත් ඉක්මවා යනවා.ඇමරිකානු ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනය (NOAA) නිකුත් කළ දත්ත වලට අනුව මේක ඇති වෙන්න 90% කට වඩා ඉඩක් තියෙනවා.

මේකන් ආසියාව,අප්‍රිකාව,ඕස්ට්‍රේලියාව වගේ රටවල් අතිශය ප්‍රබල උණුසුම් කාලගුණයටක ලක්වෙනව.සමහර විට 40° වලට වඩා වැඩි අධික උණුසුමක් බලාපොරොත්තු වෙන්න වේවි.ඒක අපි පහුගිය මාස වල මුහුණ දුන්නට වඩා ඉතා බරපතළ තත්වයක්.ඒ වගේම ඇමේසන් වනාන්තරය කලාපයේ ඉතා දරුණු ලැව් ගිනි හට ගන්න පුලුවන්.අනිත් පැත්තෙන් පේරු,ඉක්වදෝරය,අමරිකාවේ කැලිෆෝනියාව වගේ පැති වලට ඉතිහාසයේ දරුණුම වැසි,කුණාටු ඇති වෙන්න පුලුවන්.ඉතා බරපතළ ගණයේ ඒවා.

ඒකෙන් පස්සෙත් මේක අවසන් වෙන්නේ නෑ.මේ සංසිද්ධියෙන් පස්සේ සාගරයේ ගැඹුරේ පවතින අධික තාපය මුදා හැරීම නිසා ලෝකයේ දේශගුණය නැවත හැරවිය නොහැකි ලෙස ඒකෙන් වෙනස් වෙන්න පුලුවන්.සීතල කලාප දැඩි උණුසුම් කලාප වෙන්න පුලුවන්.කලින් උණුසුම් කලාප සීතල කලාප වෙලා දැඩි අසමතුලිතබවක් ඇති වෙන්න ඉඩ තියෙනවා.මේකෙන් ලෝකයේ වගාවන් 30%ක් වගේ අතිවිශාල ලෙස විනාස වේවි කියලා වාර්තා පෙන්නලා දෙනවා.

යුද්ධයක් ඇති උනාම අදාළ පාර්ශව වලට සාකච්ඡා කරලා ඒක විසදගන්න පුලුවන්.නමුත් ස්වාභාවික ව්‍යසන වළක්ව ගන්න විදියක් නෑ.මේවා මිනිස් ක්‍රියාකාරකම් වලින් ගෝලීය උණුසුමට උන බලපෑම එක්ක ආපහු මිනිස්සුන්ටම එන ප්‍රති විපාක.ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබ්බ හොඳම කාලය එහෙම නැත්නම් හොලෝසීමය දැන් අවසන් වෙලා තියෙන්නේ.මේ තියෙන්නේ මාරක කාලයක්.දිට්වා වගේ කුණාටු අපිට අනාගතයේ නිතර දකින්න ලැබේවි,ඉස්සරහට ඔයාගේ මගේ ගෙදරක වත්ත මැදින් ටෝනේඩෝ එකක් යනවා දැක්කත් පුදුමවෙන්න එපා.ගෝලීය උෂ්ණත්වය ,දේශගුණ විපර්යාස ඒ තරම් මේ ලෝකය වෙනස් කරලා.

සමහර විට මානව ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයක ආරම්භය මේක වෙන්න පුලුවන්. සමස්ත ලෝකයම කිසිදු බලාපොරොත්තුවක් නැතුව මේ මහා විනාශය දෙස බලන් ඉද්දි හෙට දවසේ අපිට හුස්ම ගන්නවත් වාතය සහ බොන්න දිය බිඳක් ඉතිරි වේවිද කියන බය හිතෙන ප්‍රශ්නය අපි ඉස්සරහ ඉතුරු වෙලා තියෙනවා.💔😥

Sources - CNN,BBC,The Washington Post,NOAA Data

13/05/2026

මහින්ද මාතියා මගේ තාත්තා බොල 😅😅

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
Colombo
70101