Amila Vlog
ලෝකය වෙනස් කරන අලුත්ම තාක්ෂණය සහ විශ්මිත සොයාගැනීම්
Join with me to explore the future of Tech!
19/01/2026
DAY 05: START YOUR MORNING BY LEVELING UP YOUR TECH SKILLS! ☀️💻
Tech With Amila - දින 30ක අභියෝගය: දවස 05" 🗓️🚀-"Tech With Amila - 30 Day Challenge: DAY 05 🗓️🚀
අද අලුත් දවසක්. අද අපි කතා කරන්නේ ඔයාගේ තාක්ෂණික දැනුම අලුත් මට්ටමකට ගෙනියන්න පුළුවන්, ඔයාගේම කියලා "Home Lab" එකක් හදාගන්න උදව් වෙන Free Tools 6ක් ගැනයි.
ඔයා IT ශිෂ්‍යයෙක් වුණත්, වැඩ කරන කෙනෙක් වුණත් මේවා ඉගෙන ගන්න එක අනාගතයට මාරම ආයෝජනයක්:
1️⃣ Proxmox: Virtual Machines ගොඩක් එක තැනක දුවවන්න(Best for virtualization.).
2️⃣ Docker: ඇප්ස් ලේසියෙන්ම රන් කරන්න (ndustry-standard for containers).
3️⃣ Pi-hole: මුළු ගෙදරම Ads බ්ලොක් කරන්න.(Network-wide ad blocking)
4️⃣ Home Assistant: Smart Home එක පාලනය කරන්න(Ultimate smart home hub).
5️⃣ TrueNAS: ඔයාගේම Cloud Storage එකක් හදාගන්න(Build your own private cloud).
6️⃣ Tailscale: ලෝකේ කොහේ හිටියත් ආරක්ෂිතව සම්බන්ධ වෙන්න(Secure remote access anywhere).
අද පණිවිඩය (The Mindset):
"සෑම උදෑසනක්ම අපිට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබෙන අවස්ථාවක්. මිල අධික පාඨමාලා වලට කලින්, මේ වගේ නොමිලේ ලැබෙන මෙවලම් පාවිච්චි කරලා ප්‍රායෝගිකව වැඩ කරන්න පටන් ගන්න. අත්දැකීම් තමයි ඔයාව වැඩ්ඩෙක් කරන්නේ!" 🧠💡
"Every morning is an opportunity to learn something new. Start experimenting with these free tools today. Experience is your best teacher!" 🧠💡
සුබ දවසක් වේවා! මේ Tools වලින් ඔයා මුලින්ම පටන් ගන්න කැමති මොකෙන්ද? Comment එකක් දාන්න! 👇
09/01/2026
DAY 03: WELCOME TO THE FUTURE - AI IS YOUR SMARTEST ASSISTANT! 🤖✨
"මොකක්ද මේ හැමෝම කතා කරන AI කියන්නේ? ඒක අපිටත් වැදගත්ද?" 🤔🚀
*********************************************************************
අද ලෝකයේ වැඩියෙන්ම ඇහෙන වචනය තමයි AI (Artificial Intelligence) නැත්නම් කෘතිම බුද්ධිය. ගොඩක් අය හිතන්නේ මේක හරිම සංකීර්ණ, රොබෝලා වගේ පෙනෙන බය හිතෙන දෙයක් කියලා.
ඇත්තටම AI කියන්නේ ඉතාම සරලව කිව්වොත් "මනුස්සයෙක් වගේ හිතලා වැඩ කරන්න පුළුවන් පරිගණක වැඩසටහනක්". ඒක හරියට ඔබට ඕනෑම වෙලාවක උදව් කරන්න ඉන්න 'සුපිරි බුද්ධිමත් සහායකයෙක්' වගේ.
✅AI වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන: 👇
☑️ ප්‍රශ්න වලට උත්තර: ඕනෑම ගැටලුවකට තත්පර ගණනකින් පිළිතුරු ලබා දීම.
☑️භාෂා පරිවර්තනය: සිංහලෙන් තියෙන දෙයක් ලෝකයේ ඕනෑම භාෂාවකට නිවැරදිව හැරවීම.
☑️කාලය ඉතිරි කිරීම: පැය ගණන් යන වැඩ විනාඩි කිහිපයකින් කරගැනීම.
********************************************************************
💡 AI පාවිච්චි කරන්න පොඩි ඉඟියක් (Practical Tip):
☑️ඔබේ දුරකථනයේ තියෙන Google App එක හෝ Gemini App එක විවෘත කරලා මෙන්න මේ වගේ දෙයක් සිංහලෙන් අහලා බලන්න:
"සීනි පාලනය කරගන්න උදව් වෙන ආහාර වට්ටෝරු කිහිපයක් කියන්න."
☑️ලන්ඩන් වල ඉන්න මගේ යාළුවෙකුට යවන්න ඉංග්‍රීසි සුබපැතුම් පණිවිඩයක් ලියලා දෙන්න."
ඔබ පුදුම වේවි! ඔබ යාළුවෙක්ගෙන් අහනවා වගේ ඕනෑම දෙයක් ඇහුවාම, තත්පර කිහිපයකින් AI ඔබට උත්තර ලබා දෙනවා.
**********************************************************************
"What is this AI everyone is talking about? Does it matter to us?" 🤔🚀
Simply put, AI is a "computer program that can think and work like a human." It’s like having a 'super-intelligent assistant' ready to help you anytime!
How can we benefit from AI? 👇
☑️Instant Answers: Solutions to any problem in seconds.
☑️Translation: Accurately translate Sinhala text into any language.
☑️Save Time: Complete tasks faster than ever.
💡 A Small Tip to Use AI: Open the Google App or Gemini App on your phone and try asking:
☑️Tell me some food recipes that help control blood sugar.
☑️Write an English greeting message for my friend living in London.
You’ll be amazed! Just like asking a friend, AI will give you the answer in a matter of seconds.
අද ඔබේ Homework: 📝 ඔබ මීට කලින් AI පාවිච්චි කරලා තියෙනවාද?
ඔව් නම්, ඒකෙන් කරපු වැඩේ මොකක්ද?
නැත්නම් "I want to learn" කියලා Comment එකක් දාන්න.
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo