Excel Made Easy

Excel Made Easy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Excel Made Easy, Education, Colombo.

06/12/2021

රුධිර පීඩනය යනු කුමක්ද?

මිනිස් සිරුරේ ඇති අවයව වල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. මෙම ද්‍රව්‍ය රුධිරය සමඟ මිශ‍්‍ර වී එම අවයවයන් කරා ගෙන යනු ලබයි. රුධිරය නිසි ලෙස එම අවයව කරා යොමු කරවනුයේ හදවත මගින් ඇති කරනු ලබන බලය මගිනි. රුධිර පීඩනය කියා අදහස් කරනුයේ හදවත මගින් ඇති කරන බලයයි.

අධි රුධිර පීඩනය යනු කුමක්ද?

පුද්ගලයකුගේ රුධිර පීඩනය බොහෝ හේතු නිසා අඩු වැඩි වීමක් සිදුවිය හැක. විශේෂයෙන් මානසික පීඩනය, දැඩි සංකාව, ඇතැම් චිත්තවේග තත්ත්ව සහ මත්පැන් භාවිතය නිසා රුධිර පීඩනය වැඩිවිය හැක. එසේම වයස්ගතවීම සමඟම සුළු වශයෙන් රුධිර පීඩනය වැඩිවීම සාමාන්‍ය දෙයක් බව අප මතකය තබාගත යුතුය.

එහෙත් පුද්ගලයකුගේ රුධිර පීඩනය රෝගියාගේ වයසටත් ස්ත‍්‍රී පුරුෂ භාවයටත් නොගැළපෙන ලෙස දිගින් දිගටම වැඩිවී පවතී නම් එම තත්ත්වය අධි රුධිර පීඩනය ලෙස සැලකේ.

රුධිර පීඩනය මැන බලන විට සෑම විටම එය අගයන් දෙකකින් දක්වනු ලබයි. උදාහරණයක් ලෙස නිරෝගී අයකුගේ රුධිර පීඩනය 120/80 ක් ලෙස සැලකේ. මෙහි ඉහළින් දක්වා ඇත්තේ (120) හෘදය රුධිරය පොම්ප කරන විට (සංකෝචනය වන විට) ධමනි තුළ ඇතිවන අංකුච රුධිර පීඩනයයි. පහතින් දක්වා ඇත්තේ (80) හෘදය ඉහිල් වනවිට ඇතිවන (විස්තාරනය) රුධිර පීඩනයයි.

අධි රුධිර පීඩනය ලෙස සලකනු ලබන්නේ රුධිර පීඩනය දිගින් දිගටම 140/90 යන අගය ඉක්මවා පැවතීමයි. අධි රුධිර පීඩනය ඇතිවීමට නිශ්චිත හේතුවක්, රෝගින්ගෙන් සියයට 90 කගේම සොයාගත නොහැක. ඉතිරි සියයට 10 පමණක් රුධිර පීඩනය වැඩිවිය හැකි හේතු සොයා ගත හැක.

මේ හේතු අතර ඇතැම් ඖෂධ වර්ග, වකුගඩු ආශි‍්‍රත රෝග, හෝමෝන කි‍්‍රයාකාරිතවයේ වෙනසක් සිදුවීම වැනි තත්ත්වයක් දැකිය හැක. පොදුවේ ගත් කළ පහත තත්ත්වය නිසා අධි රුධිර පීඩනය සෑදිය හැක.

x පරම්පරාවෙන් - යම් කෙනකුගේ මවුපියන්ට අධිරුධිර පීඩනය සෑදී ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ රුධිර පීඩනය වැඩිවිය හැක.

x තරබාරුකම -මේ අයගේ රුධිර නාළ තුළ මේදය වැඩි ලෙස තැන්පත් වීමෙන් රුධිර පීඩනය වැඩිවිය හැක.

x වැඩිපුර ලූණු කෑම - රුධිරයේ ලූණූ වැඩිවූ විට රුධිරය වැඩිපුර ජලය දරා ගැනීම නිසා රුධිර පීඩනය අධික වේ.

x පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම් ලවණ අඩුවීම - මෙම ලවණවලින් රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ.

x දුම්පානය - දුම්පානය නිසා රුධිර පීඩනය අධික වේ.

x මත්පැන් භාවිතය - නිතර නිතර දීර්ඝකාලීනව මත්පැන් භාවිතය නිසා රුධිර පිඩනය වැඩිවේ.

x මානසික අසහනය වැඩිවීම - දීර්ඝකාලීනව අසහනකාරී තත්ත්වයක් ඇති අයගේ රුධිර පීඩනය අධික වේ.

x ව්‍යායාම නොකිරීම - නිසි ලෙස දීර්ඝකාලීනව ව්‍යායාම් කිරිම මගින් රුධිර පීඩනය පාලනය කරගත හැක.

අධි රුධිර පීඩනය නිසා ඇතිවිය හැකි රෝග ලක්‍ෂණ

x නිතර නිතර ඇතිවන හිසරදය

x කැකැවිල්ල

x හුස්ම ගැනීමේ අපහසුව

x මහන්සි වනවිට ඇතිවන පපුවේ කැක්කුම

x පෙනීමෙහි අපැහැදිලි බව

x නාසයෙන් ලේ ගැලීම

x අධික තෙහෙට්ටුව

x වරින් වර ඇතිවන අතපය පණ නැතිවීම

අධි රුධිර පීඩනය පාලනය නොකළහොත් ඇතිවන සංකූලතා

x හෘදයාබාධ

x අංශභාගය

x අන්ධභාවය

x වකුගඩු අකි‍්‍රය වීම

අධික රුධිර පීඩනය කලින් හදුනාගත හැක්කේ කෙසේද?

සෑම පුද්ගලයකුම වසර 40 ඉක්මවූ පසු වසරකට වතාවක් තම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ.

එසේම පහත සඳහන් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් නිරතුරුවම රුධිර පීඩනය මැන බලා ගත යුතුවේ. පවුලේ සාමාජිකයන් සහ සමීප ලේ ඥාතීන් අතර රුධිර පීඩනය පැවතීම, සමීප ඥාතීන් අතර වකුගඩු දුබලතා පැවතීම,

දුම්පානය කිරීම, අධික මත්පැන් භාවිතය, උපත් පාලන පෙති වැනි ඖෂධ භාවිතය, තම උසට නොගැළපෙන ලෙස බර වැඩිවීම ,දීර්ඝකාලීනව ව්‍යායාම නොකිරීම.

අධි රුධිර පීඩනය සෑදුණුවිට පිළිපැදිය යුතු දේ

x දිනපතා නිසි මාත‍්‍රාවට ඖෂධ ප‍්‍රතිකාර ගත යුතුයි. කිසි විටෙකත් තම හිතුමතේට ඖෂධ භාවිතය අඩු වැඩි නොකළ යුතුයි.

x ලූණු භාවිතය අවම කිරීම. විශේෂයෙන් කෑම මේසයේදී ආහාරවලට ලූණු එකතු කිරීම නොකළ යුතුයි.

x පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිතා කිරීම.

x දිනපතා ව්‍යායාම කිරීම, අඩුම තරමින් සතියකට දින තුනක් දිනකට පැය භාගයක් ව්‍යායාම කළ යුතුවේ.

x දුම්පානය නොකිරීම.

x මත්පැන් භාවිතය අවම කිරීම

x පොල්තෙල් වැනි සංතෘප්ත මේදය අඩුකිරීම, හරක්මස් ඌරුමස් වැනි මේද අධික ආහාර ගැනීම සහ බිත්තර කෑම සීමා කළයුතුවේ.

x ශරීරයේ බර අඩු කර ගැනීම,

රෝගියා තරබාරු නම් උසට ගැළපෙන ලෙස බර ක‍්‍රමානුකූලව අඩුකරගත යුතුවේ.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

06/12/2021

!

29/11/2021

ළිංගිකව බෝවන රෝග

ලිංගික ඇසුරක් මඟින් ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන රෝග වේ.
(ආසාදිත කෙනෙකු සමඟ යෝනි, ගුද හෝ මුඛ ලිංගික සම්බන්ධතා මඟින් මෙම රෝග බෝවිය හැක.)

මෙම රෝග වලින් ඇති බලපෑම

නිසි ප‍්‍රතිකාර නොගත් විට මෙම රෝග නිසා සංකූලතා ඇතිවිය හැක.

ස්තී‍්‍ර/පුරුෂ වඳභාවය (සුදු බිංදුම, ක්ලැමිඩියාව)

හෘදය වස්තුව හා මොළය හා ස්නායු පද්ධතියට බලපෑම (උපදංශය)

ඇතැම් රෝග වල රෝග ලක්ෂණ නැවත මතුවීම (හර්පීස් වෛරසය ආසාදනය)

ඇතැම් රෝග බීජ ගර්භනී කාලයේදී මවගෙන් ළදරුවාට පැතීරීම(උපදංශය, ඒඞ්ස්)

සමහර රෝග බීජ ප‍්‍රසූතියේදී මවගෙන් ළදරුවාට පැතීරීම. (සුදු බිංදුම. ඒඞ්ස්, ක්ලැමිඩියා ආසාදනය)

මෙම රෝග බෝවීමේ අවදානමක් ඇති කරන ලිංගික චර්යාවන්

කීපදෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
නිතරම තම ලිංගික සහකරු හෝ සහකාරිය මාරු කිරීම.
නන්නාදුනන අය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.
බීමත්ව සිටියදී ලිංගික සම්බන්ධතා වල යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදීම.
වාණිජ ලිංගික සේවයේ යෙදෙන්නන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම.

රෝග ලක්ෂණ

ලිංගික අවයව වල ඇති වන තුවාල (උපදංශය, හර්පීස්)
මූත‍්‍රා දැවිල්ල (සුදු බිංදුව, ක්ලැමීඩියා ආසාදනය)
පිරිමි මූත‍්‍රා මාර්ගයෙන් සැරව සුදු දියරමය ස‍්‍රාවයන් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)
යෝනි මාර්ගයෙන් අධික ලෙස ස‍්‍රාවයක් පිටවීම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය, කැබ්ඞ්ඩා ආසාදනය)
ලිංගික ප‍්‍රදේශවල ඇතිවන දිය බිබිලි (හර්පීස් ආසාදනය)
ලිංගික ඉන්නන්
කන්තාවන්ගේ යටි බඩ ප‍්‍රදේශයේ ඇතිවන කැක්කුම (සුදු බිංදුම, ක්ලැමීඩියා ආසාදනය)

රෝග ලක්ෂණ ඇති වන විට පිළිපැදිය යුතු ක‍්‍රියාමාර්ග

හැකි ඉක්මනින් ළඟම ඇති ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග සායනයෙන් හෝ සමීප රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් නිසි ප‍්‍රතිකාර ගැනීම.
පිටතට රෝග ලක්ෂණ නොපෙන්වුවත් වෛද්‍යවරයා නියම කල ආකාරයට නියමිත දින ගණන තුළ ප‍්‍රතිකාර ගැනීම.
පසු විපරම සඳහා නියම කළ දිනට නැවත සායනයට ගොස් අවශ්‍ය පරීක්ෂණ වලට භාජනය වී තමාට රෝගය සුව බව තහවුරු කරගැනීම.
ලිංගික සහකරු/සහකාරිය සායනයට යොමු කිරීමට අවශ්‍ය වූ විට එසේ යොමු කිරීම ඉතා වැදගත් වේ.
නිසි ප‍්‍රතිකාර ගැනීමෙන් මෙම රෝග සාර්ථකව සුව කරගත හැක. (උදා:-සුදු බිංදුව, උපදංශය, ක්ලැමීඩියා ආසාදනය)

රුධිර පරීක්ෂාවක් මඟින් සියලූම ලිංගිකව සම්පේ‍්‍රණෂණය වන රෝග හදුනාගත නොහැක. විවිධ රෝග හදුනාගැනීම සඳහා විවිධ සාම්පල පරීක්ෂා කළ යුතුවේ.

වැළකි සීටීම
සමාජ රෝග වලන් වැලකී සිටීම ඉතාම පහසුවේ.
ඒ සඳහා

විවාහය තෙක් ලිංගික සම්බන්ධතා පමා කිරීම.
විවාහ වී සිටින දෙදෙනා අතර පමණක් ලිංගික සම්බන්දතා පැවැත්වීම.
හදිසියේ මුණ ගැසෙන හෝ නන්නාදුනන අය සමඟ හෝ කීප දෙනෙකු සමඟ ලිංගික ඇසුරෙන් වැලකී සිටීම.
එවැනි ලිංගික සම්බන්ධතා වළක්වා ගැනීමට නොහැකිම අවස්ථාවලදී සෑමවිටම නිසිලෙස ආරක්ෂිත කොන්ඩමයක් පැළඳීම.

ලිංගිකව සම්පේ‍්‍රෂණය වන අනෙකුත් රෝග ඇති අයට HIV ආසාදනය වීමේ අවදනාම වැඩිය.

ලිංගාශ‍්‍රීත රෝග
සායනයන් පැවැත්වෙන ස්ථාන

මධ්‍යම සායනය :- ද සේරම් පෙදෙස, කොළඹ 10

පහත දැක්වෙන ප‍්‍රදේශ වල ඇති මහ රෝහල් හා මූලික රෝහල් අනුබද්ධව අනිකුත් සායන ඇත.

රාගම,කරාපිටිය,මහනුවර,අම්පාර,හම්බන්තොට,මොණරාගල,මඩකලපුව
පොළොන්නරුව,ත‍්‍රිකුණාමලය,කළුබෝවිල,කුරුණෑගල,අනුරාධපුර
කළුතර,පානදුර,මහියංගනය,මීගමුව,හලාවත,වවුනියාව,මාතර,කෑගල්ල
යාපනය,නුවරඑළිය,මාතලේ,බලපිටිය,රත්නපුර,බදුල්ල

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo