LGEA

LGEA

Share

පළාත් පාලන ඉංජිනේරු සංගමය
உள்ளாட்சி பொறியாளர்கள் சங்கம்
Local Government Engineers' Association

Photos from LGEA's post 08/09/2025

Family Trip of Local Government Engineers' Association – 2025 🚌✨
An unforgettable journey from 05th to 07th September to the historic beauty of Sigiriya, filled with laughter, bonding, and memories to cherish forever. ❤️🏞️

03/05/2025

~~~ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ නිහඬ පිටවීම – ජාතික අවදිවීමක් අවශ්‍යයි.~~~

පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකාව නිහඬවම විනාශකාරී තත්වයකට ගමන් කරමින් තිබේ. එය මේ වන විට රට තුළ නව පුවත් මවන්නේ නැති උනත්, ජාතික සංවර්ධනයේ කොඳු නාරටිය සෙමින් සෙමින් බිඳ වැටෙන බව කිවයුතුමය. රජයේ සේවය කරන පළපුරුදු ඉංජිනේරුවන් නැතහොත් රටේ සංවර්ධන කාර්යයෙහි යටිතල පහසුකම් ගොඩනඟන ප්‍රධාන පාර්ශවකරුවන පවතින දෝෂ සහිත පද්ධතියෙන් ඉවත් වෙමින් පවතී. බොහෝ දෙනෙක් රට හැර යනවා. රටට ආදරය කළ ඉංජිනේරුවන් අපේ රටේ ඉංජිනේරුවන්ට හිමි කර දී ඇති පද්ධතියෙන් වෘත්තිය එපා කරවා ඇත. වෘත්තිකයන් තුළ කලකිරීම ඉතිරි කොට ඇත. රට හැරයාම බුද්ධිමතුන් රට හැර යාමක් පමණක් නොවේ. එය හදවත් බැහැරවීමක්. මේ මිනිසුන් තම දැනුම, නිර්මාණශීලිත්වය, සහ කැපවීම රටට ලබාදීමට එක් වූවෝ වෙති. සංවර්ධිත රටක් වෙනුවෙන් සිහින දුටුවෝ වෙති. ඒ සඳහා සියලු ප්‍රයත්න දැරුවෝ වෙති. ඒත්, දවසින් දවස, ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ඔවුන්ගේ වටිනාකම, මූල්‍යමය වශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් අවතක්සේරු කරන පද්ධතියකයි. රජයේ ඉංජිනේරුවන්ට ලැබෙන වැටුප, ගෝලීය සුදුසුකම්ලත් ඉංජිනේරුවන්ට ලැබෙන දෙයින් දශම ගණනක් විතරයි. ලෝකයේ ඉල්ලුමට අපේ රටේ ඉංජිනේරුවන් පහසුකම් ඉල්ලන්නේ නැත. ඒ වෙනුවට අසාධාරණ තත්වයක්ම නිර්මාණය කරදීමට පද්ධතිය ආත්මාර්ථකාමි වී ඇත.
ඉංජිනේරුවන්ට බරපතල වගකීම් සහිතව යල්පැනගිය පරිපාලන ක්‍රම සහ ඉදිරි යාමට හෝ පිළිගැනීමට අවම අවස්ථා තිබෙන ලෝකයක වැඩ කරන්න සිදු වෙලා. අඩු සම්පත් සමඟ ජාතික ගැටලු විසඳන්න, ලොකු පීඩනයකින් යුතුව සේවය කරන්න ඉංජිනේරුවන්ට සිදුවෙනවා.ඊටත් වඩා නරක දේ නම්, ඉංජිනේරුවන් තාක්ෂණික වශයෙන් ඉහළ වගකීම් සහගත තනතුරු වලට පවා පත් නොකරමින් අන්ත දූෂිත තත්වයක් ඇති වන පරිදි "අත්සන් කරන්නන්" ව නායකත්ව පුටුවේ තැබීමයි. ඒ නිසා, සුදුසුකම් ඇති ඉංජිනේරුවන්ට තම හැකියාවන් යොදවන්න බැරි, ඔවුන්ගේ උනන්දුව බිඳ වැටෙන තත්ත්වයකට පත්වෙනවා.ඒ නිසා, එකින් එකා එකින් එකා රට හැර යයි. බොහෝ දෙනෙක් පදිංචි වන්නටම විදේශ ගත වෙනවා. ඔවුන් යන්නේ රටට ආදරය නැති නිසා නෙවෙයි. ඒ ඔවුන්ගේ දක්ෂතාවලට මෙහි අනාගතයක් නැති බව ඔවුන්ට දැනෙන නිසා. මෙය සෑම පුරවැසියෙකුටම බලපාන අර්බුදයක්. පළපුරුදු ඉංජිනේරුවන් නැතිව, රාජ්‍ය ව්‍යාපෘතිවල ගුණාත්මක බව, ඵලදායී බව අඩුවීමේ සහ වියදම් ඉහළ යාමේ අවදානම වැඩිවී තිබෙනවා.
රාජ්‍ය සේවා ඉංජිනේරුවන්ගේ සංගමය (APSE) මහජනතාවගෙන්, ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන්, සහ සියලුම වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ වර්ධනය වන ඛේදවාචකය හඳුනා ගන්න. අපි නැති කරන්නේ ඉංජිනේරුවන් විතරක් නෙවෙයි, ජාතික සංවර්ධනයේ පදනම.ප්‍රමාද වෙන්න ඉස්සර අවදි වෙමු. අපේ ඉංජිනේරුවන්ට ගරු කරන, ඔවුන්ට වටිනාකමක් ලබාදෙන, සහ ඔවුන් රඳවා ගන්නා රාජ්‍ය සේවා පද්ධතියක් නිර්මාණය කරමු. ඒ ඔවුන් වෙනුවෙන්ම පමණක් නෙවෙයි, අපේ පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන්.

Want your business to be the top-listed Equipment Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Town Hall
Colombo
0007