UNSTOPPABLE PEARL

UNSTOPPABLE PEARL

Share

අසාර්ථකත්වය පරදා සාර්ථකත්වය වෙතට...

07/06/2024

මචං, ඊයේ සජිත් ඔයාලව පාවලා දුන්නා නේද? |🙁|

නිකමට හිතපන් මචං.. විවාදෙකට එන්න කියලා, ඌම දීපු දිනයකට අනුරයියා එකඟ උනාට පස්සෙ, එදාට එන්නෙ නැතුව පැනලා යන්න තරම් කොන්දක් නැද්ද මචං සජිත්ට? |😅| ආර්ථික කමිටු බයිලා ඕන නෑ. මොකද නායකයෙක් නැති ආර්ථික කමිටුවකින් ඇති වැඩේ මොකක්ද බං? |🤷‍♂️|

සජිත් විවාදෙකට එනවා කිව්වම ඔයාගෙ හිතේ සජිත් ගැන ඇඳිච්ච රූපයයි, දැන් සජිත් ඔයාට පෙන්නපු ඇත්ත රූපයයි මොන වගේද කියලා ආපහු හිතපන් මචං. හෘදසාක්ෂියට එකඟව හිතපන්. |🙂|

දැන් නලීන් බණ්ඩාරලා ඈඬියාව පටන් අරගෙන. ඒත් ඒවගෙන් ඔයාට සාධාරණයක් වෙනවද? ඒවගෙන් ඔයාට අපේක්ෂාවක් එනවද? |😊| සජිත්ට හෑලි ලියපු ඔයාට හෙටත් සජිත් වෙනුවෙන් හෑල්ලක් ලියන්න පුළුවන්ද? සජිත් වෙනුවෙන් පෙනී හිටපු ඔයාට හෙටත් සජිත් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්ද? |😶|

විවෘතව හිතපන් යාලුවා. නියම නායකයෙක් කියන්නේ අනුර වගේ කෙනෙක්ට. අභියෝගය භාර ගත්තා, කිව්වා වගේම ආවා, ඇවිල්ලා ආපහු හැරිලා ගියෙත් නෑ. අනුර එයාගෙ සැලසුම් සහ අදහස් එක්ක විවාදය සංවාදයකට හරවගෙන ඉස්සරහට කරගෙන ගියා. |😍|

එහෙම එකෙක් වෙනුවෙන් නේද ඔයා හෑලි ලියන්න ඕන? එහෙම එකෙක් වෙනුවෙන් නේද ඔයා පෙනී ඉන්න ඕන? බස් එකක් දීලා දෙක වසරේ පොඩි එවුන් ගාව "මම මම මම" කිය කියා පොර වෙන්න දඟලලා ඊයේ විවාදෙට බයේ හැංගුණ සජිත්ගෙයි, විවාද අභියෝගෙ භාරගෙන, ආණ්ඩුවේ මාධ්‍යයකටම ඇවිත් සංවාද කරපු අනුරගෙයි තියන වෙනස අඳුරගනින් මචං. |🤘|

ඔයා සජබේ. මම මාලිමාවේ. ඒත් ඔයාටයි මටයි මේ රට හදන්න අවංක වුවමනාවක් තියනවා නම්, ඔයාගෙයි මගෙයි අවංක ප්‍රාර්ථනාව ඇත්තටම ශ්‍රී ලංකාව ගොඩනගන්න නම් ඇයි අපි දෙතැනක ඉන්නේ?
වරෙන් මෙහෙට! |✌️|

මේ ජාතික ජන බලවේගය මචං. මේ මාලිමාව. |🧭|

ඔයා හිටියේ සජබෙද, එජාපෙද, පොහොට්ටුවෙද, ශ්‍රීලනිපද කියන එක, මෙතනට අදාල නෑ. ඕන වෙන්නේ රට හදන අවංක ප්‍රාර්ථනාවයි අදූෂිතභාවයයි විතරයි යාලුවා.

තාම ඔයාට මාලිමාවට ගැන පැකිලීමක් තියනවා නම්, ඔයා සජබෙ ඇතුලේ ඉන්න ආතතියයි අපි ඉන්න සැබැල්ලුවයි ගැන පොඩ්ඩක් හිතන්න යාලුවා. අපි පට්ට සතුටින් මේ දේශපාලන වැඩ කරන්නේ.. ඒක තමයි දේශපාලනය කියන්නේ.. ඒ සතුට ඔයාටත් අයිතියි.

ඒ නිසා ඔය පාට කණ්ණාඩි, පරණ දේවල් අමතක කරලා වරෙන් මෙහෙට. අපි රට වෙනුවෙන් මාලිමාව එක්ක හරි දිශාවට සතුටින් දේශපාලනය කරමු. |🙂|

ආදරෙයි මචං!

Editz Lanka Admin❤️
(Copied)

Photos from UNSTOPPABLE PEARL's post 19/03/2024

ලක්වාසි සියළුම දෙනාට සුභ දවසක්ම වේවා!!! ඔන්න එහෙනම් අපි සෑහෙන්න දවසකට පස්සේ අලුත්ම පොස්ට් එකකින් හම්බෙන්න ආවා...
🎇🧨

අද ඔයාලාට අරන් එන්නේ වටිනාම කියන Topic එකක්.. ඉස්සරහට අපිට, අපේ රට ගොඩ නගන්න ලොකු වැඩ කොටසක් අපිටත් තියනවා.. 🥰💖

කොහොමෙන් හරි ඉස්සරහට අපේ ලංකාවේ තීරණාත්මක මැතිවරණයක් එනවා. අවුරුදු 76ක සාපයක් ඉවර කරලා දාන්න පුළුවන් මැතිවරණයක්... අද කියන්න යන්නේ ඒ ගැන තමයි...
❣💥

අද මම අරන් ආපු පොස්ට් එක මේ සම්බන්ධයෙන් ලියවෙන පළමු පොස්ට් එකයි. ✌✌

Episode 01

මැතිවරණ දිස්ත්‍රික්ක 22 සහ පාර්ලිමේන්තු සංයුතිය

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් උනත්,
Jaffna සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 2ම Jaffna District ලෙසත්, මුලතිව්, මන්නාරම සහ වව්නියා දිස්තික්ක 3ත් Vanni District ලෙසත් නම් කර තිබීම නිසා මැතිවරණ දිස්තික්ක 22ක් පමණයි ලංකාව තුල ඇත්තේ...

ඒ දිස්ත්‍රික්ක මෙසේයි.

1. කොළඹ
2. කළුතර
3. ගම්පහ
4. මහනුවර
5. මාතලේ
6. නුවර එලිය
7. ගාල්ල
8. මාතර
9. හම්බන්තොට
10. Jaffna (කිලිනොච්චිය සහ යාපනය යන දිස්තික්ක 2ම ඇතුළත්)
11. Vanni (වව්නියාව, මුලතිව් සහ මන්නාරම යන දිස්තික්ක 3ම ඇතුළත්)
12. Batticaloa (මඩකළපුව)
13. දිගාමඩුල්ල (අම්පාර)
14. ත්‍රිකුණාමලය
15. කුරුණෑගල
16. පුත්තලම
17. අනුරාධපුරය
18. පොලොන්නරුව
19. බදුල්ල
20. මොණරාගල
21. රත්නපුර
22. කෑගල්ල

අපි දෙවන කොටසෙන් එකින් එක දිස්ත්‍රික්ක වල සමස්ත විස්තරය අරන් එනවා. එතැනදී කොටස් 22ක්ම එක් එක් මැතිවරණ දිස්ත්‍රික්ක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා...

දැන් අපි යමු පාර්ලිමේන්තු සංයුතිය පැත්තට....

පාර්ලිමේන්තුවේ ආසන 225යි.. එයින් 196ක්ම එන්නේ ලබාගන්නා ඡන්ද ප්‍රතිඵල මතයි.. ඉතුරු 29 එන්නේ ජාතික ලැයිස්තුවෙන්....

අපේ රටේ ඡන්ද කොට්ඨාස 160ක් තියනවා. ඡන්ද ප්‍රතිශතය මත අඩු හෝ වැඩි වශයෙන් ඒ 160ට සාපේක්ෂව මන්ත්‍රීවරු 160ක් සුදුසුකම් ලබනවා පාර්ලිමේන්තු යන්න. (මෙහිදී එක ඡන්ද කොට්ඨාසයකින් එක ගානේ සුදුසුකම් ලබනවාද නැද්ද යන්න වග හරියටම තීරණය කළ නොහැක.) පළාත් 9න් එක පළාතකට මන්ත්‍රීවරු 4 ගානේ තවත් මන්ත්‍රීවරු 36ක් පාලිමේන්තු යන්න වරම් දිනාගන්නවා... එතකොට ඔක්කොම 196යි.

ඉතුරු 29ම එන්නේ ජාතික ලැයිස්තුවෙන්. ඒක ඉතින් පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය මත කොපමණ ආසන සංඛ්‍යාවක් හම්බෙනවද කියලා කියන්න අමාරුයි. අපි මේ ගැන ඉදිරි කොටස් වලින් උදාහරණ සමගින් පැහැදිලි කරගනිමු...

එහෙනම් ඔන්න අද කොටස මතුසම්බන්ධයි. අපි ඉක්මනින්ම අපේ දෙවැනි කොටසෙන් හම්බෙමු. එකේදී අපි කතා කරන්නේ, කොළඹ දිස්තික්කයේ ඡන්ද දායකයන් ගැන, ආසන ගැන, කොට්ඨාස ගැන, මැතිවරණයේ හැසිරීම කොයි පැත්තට යයිද කියලත් පොඩි විග්‍රහයක් දෙනවා... 👐👐

එනම් අදට මෙපමණයි. රැඳිලා ඉන්න මාත් එක්කම.. Page එක Like සහ Follow කරපු නැති කට්ටිය කරගෙන යමු.. 👇👇👇

Coming Up Next - Episode 02 😇😎

✍️~ UNSTOPPABLE PEARL ~ ✍️

📣 2024.03.20 📢

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00500