Manaya
MANAYA 👨⚕
12/12/2025
කාලය වෙනස් වෙන හැටි.
ලංකාවට ඇති වුන හදිසි ආපදාවෙන් මිනිස්සුන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අසරණ උනා.එකෙන් ලංකාවට කියා ගන්න බැරි තරම් පාඩුවක් සිද්ද උනේ.ඒ වෙලාවෙ ලංකාවට අනෙක් රට වලින් සෑහෙන්න උදව් උපකාර කලා කියන කාරනාව ඔයාලා අපි කවුරුත් දන්න දෙයක්නෙ. වටිනාම දේ තමයි අපේ මිනිස්සුන්ගේ එකතු වීම.මේ සිද්ධියේදී ආපදාවන්ට ලක්වුණ මිනිසුන්ට දිවා රෑ නොබලා උදව් උපකාර කලා.ඒ කාලේ හැමෝම ආපදාවන්ට ලක්වුණ අයට උදව් කලා. වෙලාවකට ඒක රැල්ලකට වගේම ගියාදෝ කියලත් හිතෙනවා.ඒ කොහොමහරි කමක් නැහැ වැඩේ වුනානෙ කියලා හිතමු.2025 අවුරුද්දේ අන්තිම කාලය තමයි මේ යන්නේ.දැන් ඉතින් මිනිස්සු පරණ සිද්ධිය පොඩ්ඩක් ඔලුවෙන් අයින් කරන් ලග එන නත්තලටයි 2026 අලුත් අවුරුද්දටයි සූදානම් වෙනවා.ඉතින් ඔහොම තමයි බලන් ඉද්දිම කාලය ගතවෙනවා.
✍️ මනයා... # # # #
10/12/2025
ආපදා තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාවේ Google Map හි සියලුම A හා B ශ්‍රේණියේ මහා මාර්ග යාවත්කාලීන කර ඇත.
මෙය ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මැදිහත් වීමෙන් සිදු කොට ඇත.
✍️මනයා...
මනයා ෆේස්බුක් පිටුවත් සමඟ ඉදිරියට...👨⚕
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo