Astro by Wathsala

Astro by Wathsala

Share

Astrophotography
Photography
Sri Lanka

Photos from Astro by Wathsala's post 27/09/2024

මේ දවස්වල අහසේ වල්ගාතරුවක් දකින්න පුළුවන්.මේ ඔබ දකින්නේ අද උදෑසන මා විසින් ඡායාරූපගත කරන ලද එම වල්ගා තරුවයි.
Comet C/2023 A3 (Tsuchinshan–ATLAS) යනුවෙන් හැඳින්වෙන මෙම වල්ගා තරුව පාන්දර හතරයි හතළිස් පහත් පාන්දර පහ මාරත් අතර නැගෙනහිර සිතිජයට මදක් ඉහළින් දකින්නට පුළුවන්. Stellarium app එක භාවිතා කළහොත් ඔබගේ ජංගම දුරකථනය මගින් මේ සොයාගැනීමට පහසුයි. බයිනෝ කියුලරයක් භාවිතා කළහොත් පහසුවෙන් නැරඹීමට පුළුවන්. පියවි ඇසින් නැරඹීමට තරම් දීප්තිමත් වුවත් ඉර නැගීමට ප්‍රථම අහසේ ආලෝකය නිසා මෙය සොයා ගැනීම තරමක් අපහසුයි.

09/05/2024

Antares and Rho Ophiuchi complex
ඇන්ටාරෙස් තාරකාව සහ රෝ ඔපියුචි ප්‍රදේශය

මේ දවස් වල ( මැයි) රාත්‍රී අහසේ ගිණිකොණදිග ක්ෂිතිජයට ඉහළින් වෘෂ්චික රාශිය ( මේකට ගෝනුස්සා නැත්නම් Constellation of Scorpius කියලත් කියනවා) පැහැදිලිව දැකගන්න පුළුවන් . ගෝනුස්සාගේ හදවත ලෙස හැදින්වෙන රතු තැඹිලි පැහැති තාරකාව තමයි ඇන්ටාරෙස් . මේක රතු දැවන්ත තරුවක්( Red giant) , අපේ සූර්යයා වගේ 680 ගුණයක් විශාල විශ්කම්භයක් සහිතයි. අපට පියවි ඇසින් පැහැදිලිව බලාගන්න පුළුවන් රතු දැවැන්තයින් කිහිපයෙන් එකක්. ආලෝක වර්ෂ 550 දුරින් පිහිටන්නේ.
මේ තාරකාවේ විකිරණය මගින් අවට ඇති අන්තර් තාරිය දුහුවිලි වලාව ( interstellar gas cloud) ආලෝකමත් කිරීමේන් තමයි මේ අලංකාර වර්ණ නෙබුයුලාවක් ( පරාවර්තන නෙබුයුලාවක්/ reflection nebula ) ඇතිවෙලා තියෙන්නේ. මේ ආශ්‍රිතව ඔපියුකස් රාශියට ( constellation Ophiucus) අයත් රෝ ඔපියුචි ප්‍රදේශයද පිහිටනවා. මෙය අපේ පෘථිවියට ආසන්නම තරු උපදින ස්ථානයක් ( star forming region) .
මෙය ඡායාරූපකරණයට භාවිතා කළේ මගේ Canon 800 කැමරාව සහ 50mm ලෙන්ස් එක. සම්පූර්ණ නිරාවරණ කාලය total exposure time 33*179 = මිනිත්තු 98.45.
විශේෂ හේතු කිහිපයක් නිසා මාස 8කට පස්සේ තමයි මේ විදිහට ඇස්ට්‍රෝ චායාරූපයක් ගන්න පුළුවන් වුනේ. මේ පේජ් එක ඕපන් කළෙත් මාස 6 කට විතර පස්සේ . ගොඩදෙනෙක් විවිධ මැසේප් එවලා තිබිබා මන් ඒවාට ක්‍රමානුකූලව පිළිතුරු එවන්නම්.

Photos from Astro by Wathsala's post 13/12/2023

අද සහ හෙට මුදුන්පත් වන දර්ශනීය ජෙමිනීඩ් උල්කාපාත වර්ෂාව

වසරේ දර්ශනීයම උල්කාපාත වර්ශාවක් වන ජෙමිනීඩ් ( මිථුන) උල්කාපාත වර්ෂාව හෙට ( 2023/ 12 / 14 ) රාත්‍රියේ උච්චතම අවස්ථාවට ළඟාවේ.
නමුත් අද රාත්‍රියේද රාත්‍රී දහයත් පාන්දර දෙකත් අතර කාලයේදී අහස නිරීක්ෂණය කිරීමෙන් උල්කාපාත විශාල සංඛ්‍යාවක් දැකබලා ගැනීමට හැකියාවක් ඇත.
ඉතා අඳුරු අහසක නම් පැයකට උල්කාපාත 100 පමණ පියවි ඇසින් බලා ගත හැක.
හෙට දින රාත්‍රියේ එනම් 2023/12/15 පාන්දර 12.57 ට මෙම උල්කාපාත වර්ෂාවේ උපරිම අවස්ථාව දැකගත හැක. එම අවස්ථාවේදී උල්කාපාත පැයකට එකසිය විස්සක් පමණ දර්ශනය වනු ඇත.

මෙවර උල්කාපාත වර්ෂාව වඩාත් දර්ශනය වීමට විශේෂ ඉඩකඩක් පවතී.
එයට හේතුව අමාවක දිනය ( දෙසැම්බර් 12) ආශ්‍රිතව වර්ෂාව යෙදී තිබීම නිසා චන්ද්‍රයාගේ ආලෝකයෙන් බාධාවක් නොවීමයි.

දෙවැනි කාරණය නම් ලඟදී හඳුනාගන්නා ලද නව උල්කාපාත වර්ෂාවක් ද මේ දිනවලදී දර්ශනය වීමයි. මෙය 46P/Wirtanen නැමැති දූම කේතුව ආශ්‍රිතව ඇතිවන උල්කාපාත වර්ෂාවකි.
එබැවින් රාත්‍රියේ දැකිය හැකි උල්කාපාත ප්‍රමාණය සැලකිය යුතු මට්ටමෙන් වැඩිවනු ඇත.

මෙම උල්කාපාත වර්ෂාව ජෙමිනිඩ් හඳුන්වන්නේ උල්කාපාත ජෙමිනීඩ හෙවත් මිථුන රාශියෙන් විහිදෙන ලෙස දර්ශනය වීම නිසායි.
නමුත් එම ස්ථානයේ පමණක් නොව අහසේ ඕනෑම ස්ථානයක මෙම උල්කාපාත දර්ශනය විය හැක.
එම නිසා උල්කාපාත නැරඹීම සඳහා ජෙමිනිඩ් රාශිය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය නොවේ.
නමුත් මිථුන / ජෙමිනිඩ් රාශිය හඳුනාගන්නා ආකාරය මේ සමඟ අමුණා ඇති රූප සටහන්වල දැක්වේ.
තවද උල්කාපාත වර්ෂාවල විශේෂත්වය වන්නේ ඒවා සංකීර්ණ උපකරන භාවිතයකින් තොරව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබීමයි.

යම්කිසි හේතුවක් නිසා අද හෝ හෙට රාත්‍රියේ මේ නිරීක්ෂණය කිරීමට නොහැකි වුවද දෙසැම්බර් 24 පමණ දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව පවති.

එම නිසා මේ දවස්වල පවතින වර්ෂාවෙන් බාධා නොවී අලංකාර උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කිරීමට සැමදෙනාටම හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

28/10/2023

අර්ධ චන්ද්‍රග්‍රහනය (Partial lunar eclipse) මැල්සිරිපුර අහසේ දර්ශනය වූ ආකාරය

චායාරූපයේ වේලාව 2023.10.29 1.54am

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Athurugiriya
Colombo
10150