Motivation With Hima
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Motivation With Hima, Education Website, Colombo.
23/03/2023
ජීවිතයේ අඩියක් අඩියක් ගානේ ඉදිරියට යන්න නම් අපි හොදින් අධ්‍යාපනය ලැබිය යුතුයි.📚🖊️ඉගෙන ගන්න දෙයක් කවමදාවත් අපතේ නොයයි.😍 අධ්‍යාපනය ලබන දරුවන් මුහුණ දෙන විශේෂම ගැටලුවක් නම් පාඩම් කරන දේ අමතක වීමයි.🤔ඊට අවශ්‍ය කදිම විසඳුම් කිහිපයක් මෙම පරිච්ඡේදයේ දී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.🥰දැන් අපි බලමු පාඩම් කරන දේවල් මතක තබා ගන්නේ කොහොමද ? කියලා.😍✨
1.එක් වරක් පාඩම් කරන්න ගන්නා කාලය විනාඩි 45 කට සීමා කරන්න.📚✏️
* පාඩම් කරන විට එකවර පැය දෙක තුනක් පාඩම් කිරීම බොහෝම වෙහෙස කරයි.🙋♀️එය ඔබේ මතකයට බලපෑම් එල්ල කරයි. බොහෝ පාසල් සිසුන් මැසිවිලි නගන්නේ පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ යනුවෙනි. ඔන්න එම කාරණාවට ප්‍රධානතම හේතුව වන්නේ නොකඩවා පැය 2-3ක් එක දිගට පාඩම් කිරීමයි. අපේ මොළයත් හරියට යන්ත්‍රයක් වගේ.🧠👀ධාරිතාව වැඩි වූ විට නොකඩවා වැඩ කළ නොහැක. ඒ නිසා සෑම විනාඩි 45 කට වරක්ම පාඩම් කරලා විනාඩි 10 ක විරාමයක් ගන්න.💆🏻♀️හැබැයි ඒ විරාමයත් ඵලදායිව ගෙවන්න.
උදා : - කැමති ගීතයක් රසවිදීම.🎼🎷
- කැමති කෙටි ක්‍රීඩාවක් කරන්න.🏸
- ගැලපෙන motivation video එකක් බලන්න.🎯💪
මෙන්න මේ වගේ හරවත් ක්‍රියාකාරකම් ඔබේ විනාඩි 10 විවේකය තුළ සිදු කරන්න.
2. පාඩම් කරන සෑම කරුණක්ම තුන් වතාවක් මතකයෙන් කියවන්න.📚👁️
* ඔබ පාඩම් කරන සෑම විෂයය කරුණක්ම, සෑම නිර්වචනයක්ම අඩුම තරමේ තුන් වතාවක්වත් මතකයෙන් කියවන්න. එය කියවන වාර ගණන වැඩිවන තරමට මතකයේ තැන්පත් වන ප්‍රමාණය ද වැඩි වේ.💫💪
3.හැකි සෑම අවස්ථාවකම පාඩම් කරන කරුණුවලට අදාළ රූප සටහනක් ගොඩනගා ගන්න.📊
*සෑම විටම තමන් පාඩම් කරන කරුණට අදාළ රූප සටහනක් ඉදිරිපසින් කුඩාවට ඇද ගන්න. 📝එවිට චිත්තාකර්ෂණීය ලෙස කරුණු මතකයේ රදවා ගත හැකිය. ඒවා පාඩම් කරන ස්ථානයේ පවා අලවා ගත හැකිය.පසුව නිතරම නිරීක්ෂණය කරමින් මනසින් දකින්න.🫀👀මෙම ක්‍රමය ඔබට පාඩම් මතකයේ තබා ගැනීමට ප්‍රයෝජනවත් වන සුවිශේෂී ක්‍රමයකි.
4.රාත්‍රියේ නින්දට යන විට උදෑසන පටන් පාඩම් කළ දෑ මෙනෙහි කරන්න. 😴✨
*උදෑසන සිට පාඩම් කරන විෂයය කරුණු එදින රාත්‍රියේ නින්දට යාමට පෙර නැවත මතක් කරන්න.එවිට පාඩම් කළ විෂයය කරුණු අමතක වී යාම වැළැක්වේ.
5. ශබ්ද නොමැති ස්ථානයක් පාඩම් කිරීම සඳහා තෝරා ගන්න.💯🔇
*පාඩම් කරන ව ඝෝෂාකාරී ස්ථාන මග හරින්න.😍 විවිධාකාරයේ ශබ්ද ඇසීම මත පාඩම් කරන දේ මතකයෙන් ගිලිහේ. රූපවාහිනිය📺, ගුවන් විදුලිය📻 ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න. ඒ පිළිබඳ ඔබේ නිවසේ පිරිසත් දැනුවත් කරන්න.👀🫵 එය ඔබට බාධාකාරී බව ඔවුන්ට කියා දෙන්න. පාඩම් කිරීම සඳහා නිවස තුළ හෝ ඉන් පිට එළිමහනේ නිදහස් ස්ථානයක් සූදානම් කර ගන්න.එය ඔබේ පහසුව අනුව තීරණය කරන්න.
මෙම පරිච්ඡේදයේ දී පාඩම් කරන දේ මතක තබා ගැනීමට අවශ්‍ය ඉතා වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කෙරුණි.🧠👀✨ ඒ ඔස්සේ පාඩම් වැඩකටයුතු සිදු කිරීමට වෙහෙස වන්න. ඔබට පුලුවන්💪🥰👍
- Motivation With Hima ✍️
22/03/2023
*"කාලය රන් හා සමානයි" කියලා කතාවක් තියනවනේ.⏰ ඉතින් කාලයෙන් නියම ප්‍රයෝජන ගත යුත්තේ කෙසේද? යන්න මෙම පරිච්ඡේදය තුළ සාකච්ඡා කෙරේ.😍
* පාසල් සිසුන්ට , උසස් අධ්‍යාපනය ලබන අයට , රැකියාවක නිරත වන හා ඕනෑම කාර්යයක් සිදු කරන අයෙකුට මෙම කාල කළමනාකරණය බෙහෙවින්ම වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් වේ.💪👀 ඉතින් දැන් අපි බලමු කාලය අපිට කොහොමද උදව් වෙන්නේ කියලා.😊🌼
1.කාලසටහනක් සෑදීම.🗓️
* මේ කාලසටහනට අනුව වැඩ කිරීම තුළින් ඔබට කාර්යයන්, කාලය සමග නිසි පරිදි සිදු කර ගැනීමට අවශ්‍ය මග විවර වේ.
- ප්‍රථමයෙන් වෙලාව සඳහන් කරන්න.
- පසුව අදාළ කාර්යය සඳහන් කරන්න.
- අවසානයට කාර්යය කිරීම හෝ නොකිරීම තීරු දෙකක් වෙන් කරන්න.
*පසුව අදාළ කාල සීමාව තුළ සිදු කිරීමට නියමිත රාජකාරිය සාර්ථකව සිදු කළා නම් ☑️ ලකුණ ද සිදු නොකළේ නම් ✖️ ලකුණ ද යොදන්න. මෙසේ තමා විසින් කළ යුතු වැඩ පෙර දින රාත්‍රියේ සැලසුම් කරන්න.
* දවසේ කාර්යයක් හෝ කිහිපයක් කර ගැනීමට නොහැකි වුවහොත් ✖️ ලකුණ දමා, පසු දිනට එම කාර්යය ලකුණු කර ගන්න.
2.පාඩම් මේසය පිළිවෙළට තබා ගන්න.📚
* පාඩම් මේසය අපිළිවෙළට තිබූ විට එය නැවත පිළිවෙළට තබා ගන්න වෙනම කාලයක් අවශ්‍ය වේ. 🤷♀️🤦♂️එම නිසා කාලය ඉතිරි කර ගැනීමේ තවත් වැදගත් උපක්‍රමයක් ලෙස පාඩම් මේසය පිළිවෙළට තබා ගැනීම වැදගත් වේ. මෙසේ භාණ්ඩ පිළිවෙළට තබා ගැනීම හරහා අනවශ්‍ය ලෙස කාලය, පවිත්‍ර කිරීම් සඳහා වැය නොවේ.🤗💫
3.එදා වැඩ එදාම කරන්න.
*දෛනික වැඩ කටයුතු ඒ දවස තුළම අවසන් කිරීම මත වෙනම කාලයක් අනවශ්‍ය ලෙස අපතේ නොයයි. ඔබ පාසල් යන සිසුවෙක් හෝ වේවා උසස් අධ්‍යාපනය ලබන්නෙකු හෝ වේවා රැකියාවක් කරන්නෙකු වේවා ඒ සෑම ස්ථානයක දීම ඔබට ලැබෙන වැඩ නොපිරිහෙලා ඉටු කරන්න. ඉන් පසු තමන්ට දැනෙන සැහැල්ලුව අත්විදින්න.💆♀️✨
4. To Do List එකක් හදා ගන්න.🗒️
* to do list එකක් සෑදීම මඟින් කිසිඳු අපහසුතාවකින් තොරව සිය වැඩකටයුතු කර ගත හැකිය. ඒ හරහා දෛනික සිදු කරන වැඩ කොළයක පැහැදිලිව ලියා ගන්න.
- පාඩම් කිරීම📚🖊️
-තෙරුවන් නැමදීම🙏☸️
-ක්‍රීඩා කිරීම🏏🏑🏸
* මෙසේ to do list එකක් හදාගෙන ඔබත් ඔබේ කාලය ඉතිරි කර ගන්න.
⏳🕰️මෙසේ නිසියාකාරව කාල කළමනාකරණය කිරීම සඳහා උපක්‍රම ක්‍රියාවට නංවන්න. එවිට ඔබේ මානසික නිදහස නොකඩවා පවත්වා ගැනීමට හැකි වේ 💆🏽♀️💆🏽♂️
- Motivation With Hima ✍️
21/03/2023
සතුට නැගෙන්නේ හදවතින්...🌸 ඒ සතුටේ සැබෑ හිමිකරු ඔබයි. සතුට..... පස්සෙ පාවිච්චියට ගන්න අරන් තියාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි.....😊 දවස්, පැය, තත්පර වශයෙන් ගෙවී යන්නෙ අපේ ජීවිතය......🌼ඉතින් සෑම වෙලාවකම මේ මොහොතේ ජීවත් වෙන්න😍ඔබ මේ ගෙවන සෑම මොහොතකටම වටිනාකමක් දෙන්න🌝 මන්ද අතීතය හා අනාගතය කියන්නේම පාලනය කළ නොහැකි අවස්ථාවන් ය. ✨ නමුත් ඔබට පාලනය කළ හැකි එකම අවස්ථාව මේ ගෙවී යන තත්පරයයි 🎯මේ ගෙවී යන මොහොත පමණයි..... එබැවින් අතීතයත්, වර්තමානයත් අපේ භාරයේ නැත.....💫අද දවස..... මේ මොහොත සතුටින් ගෙවනවා නම් එයයි ජීවිතයේ සතුට ලෙස අර්ථ ගන්වන්නේ.... ඉතින් මේ මොහොතේ සතුටින් ඉන්න ගමන් ඔබේ අනාගතය පිළිබඳ සිහින මවන්න.... 💐💫ඒ හීන සැබෑ කර ගැනීමට අවැසි සෑම කුඩා දෙයක්ම කරන්න....🥰 එවිට අතීතයේ සිරවීමක්වත්, අනාගතය පිළිබඳ බියවීමක් ද නැත.😃පාලනය ඔබේ..... ඒ...... මේ මොහොත පමණයි....💖✨💪
- Motivation With Hima✍️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo