Pixel ART
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pixel ART, Colombo.
06/01/2023
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.
බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
31/12/2022
ජීවිතය ඉගැන්නුවේ කොළඹ💚....
ප්‍රේමයට වඩා ජීවිතය බරයි කියලා ඉගැන්නුවේ කොළඹ😇....
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....😊
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්නේ ගමේ විතරයි කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....
ලස්සන හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....
ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් දුන්නේ කොළඹ....
💚කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
මේ නිදහස ගස් කොළන් පිරුණු ගමේදී අපිට ඇත්තේ නෑ....😎
අතීතය හාරාවුස්සනවා ඇරෙන්න ගම්වල මිනිස්සුන්ට වෙන වැඩක් ඇත්තෙත් නෑ.....
ගමේ ඉඳන් කොළඹට බැන්නට....
මම දන්න තරමට....
කොළඹ නතරවුණ මනුස්සයෙක් ආයේ ගමට ගිහිල්ලත් නෑ....
පවුලක් තියෙනවා නම්....
සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න.....
මෙහේ තහංචි මොනවත් ඇත්තේ නෑ......😇
ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද....
උදේට රෑට කෑවේ මොනවද....
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....කසාද බැඳලද....
මෙහෙදි ඒවා අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ....අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ.....
ඉතින් මං ආදරෙයි කොළඹට....
මේ තියන අසීමිත නිදහසට....❤️
Copied
25/12/2022
🌟
07/11/2022
නේවි සීල් සෙබලු (Navy seal soldier) සහ ජීවිතයේ අසීරැ අවස්තා දරා ගැනීම.
මිහිපිට ඇති මිනිසෙකුට දරා ගැනීමට ඉතා අසීරැම සහ මරණීයම යුධ පුහුණුවක් වේ නම් එය ඇමරිකානු නාවික හමුදාවේ නේවි සීල් බලකායේ පුහුණු වීමයි..ගොඩබිම මහ සමුදුර සහ ගිණි ඇවිලෙන කාන්තාරයේ මෙන්ම දුශ්කර වනදුර්ග වලද මෙම පුහුණුව දියත් වේ.
මිනිසෙකුගේ ශරීරයට දරා ගැනීමට ඉතාම අපහසු තද පුහුණුවක් ලබා දෙන මෙම පාටමාලාව අවසානයේ ඉතිරි වනුයේ ඉතා සීමිත සෙබලු පිරිසක් වන අතර යුධ විශ්ලේශකයන්ගේ මතයට අනුව ඔවුන් මිහිපිට සිටින භයානකම පුහුණු යුධ මැශින් බවට පත් වේ..මෙම යුධ පුහුණුවේ එක් අවස්තාවක මෙම සෙබලුන් අත් පා ගැට ගසා අඩි පහලොවක් පමණ ගැබුරැ ජලය සහිත තටාකයකට දමනු ලබයි මෙහිදී නිශ්චිත කාලයක් තුල රැහැන් ලෙහා ජීවිත බේරා ගැනීම හෝ එම කාලය තුල නොමැරී සිටීම මෙම පර්යේශනය සමත් වීමට සිදු කල යුතුය සමස්ත පාටමාලාවේ දුශ්කර සියලු අවධි පසු කරන බොහෝ සෙබලු මෙම කොටස බොහෝ සෙයින් අසමත් වේ…ඇයි ඒකට හේතුව ඔවුන් සිතනුයේ ගැඹුරැ ජලයේ තම ශක්තිය යොදා රැහැන් ලෙහා පරීක්ශනය සමත් වීමටයි ඉතා තදින් ගැට ගසා ඇති රැහැන් ලෙහා ගැනීම කිසිසේත්ම මෙම පර්යේශනයේ අරමුණ නොවේ මෙහි අරමුණ අවස්තානුකූලව සිතා බලා රිද්මය හඳුනා ගැනීම සහ අසීරැ අවස්තාවක කායික මානසික ක්ශනික බුද්ධිමත් තීරණ ගැනීමයි…මෙහිදී සත්ය වශයෙන්ම සෙබලු සිදු කල යුත්තේ ඉහල සිට හුස්ම ගෙන තටාකය පහලට ගිලී පතුලේ අඩිය ගසා නැවත උඩට විත් නැවත හුස්ම ගෙන ගිලෙමින් සහ උඩට එමින් රිද්මයට අදාල කාලය තුල ජීවිතය රැක ගැනීම විනා අත් පා වල ඇති රැහැන් ලෙහා ගැනීම නොවේ…ඉන් ඉතා සුලු කොටසක් පමණක් මෙම රිද්මය හඳුනා ගන්නා අතර අනිකුත් සෙබලු මෙය අසමත් වේ..මින් අපට උගත හැකි වැදගත්ම පාඩම නම්
● ජීවිතයේ අසීරැ අවස්තා පිළිගන්න.
● අදාල අවස්තාවේ කල හැකි සහ නොහැකි දෑ හඳුනා ගන්න.
● ගැටලුවේ රිද්මය හඳුනා ගන්න.
● ගැටලුවෙන් ජීවිතය රැක ගැනීම උදෙසා කල යුතු දේ ඉවසීමෙන් කරන්න.
මෙය ජීවිතයේ ගැටලු අභියෝග හමුවේ සැමට යොදා ගත හැකි ස්වර්ණමය කරැණු සමුදායකි.
07/11/2022
වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.
The last day of the calf season is Il Punu day. It was a great day that led to several memorable events in the history of the Sambuddha Sasana. Maitreya Bodhisattva received the commentary, the first missionary group, the Rahats, set out to spread the Dharma, Lord Buddha's visit to Uruel Danav to subdue the three hundred and fifty Jatilas, the day to be followed, the last day of the last month of Chivara i.e. Kathinastarana Vinaya Karma. Ilmasa full moon day is considered as the last possible day, the day when many things happened, such as the death of Agasav Saryut Mahimi.
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo