Inspire Academy

Inspire Academy

Share

Take your creative skills to new heights with Inspire Academy. Inspire Academy සමග ඔබග? Learn various software - from Photoshop to Java - in Sinhala! Stay alert!

12/10/2021

Java වල Inheritance කියන්නේ මොකද්ද?

Object Oriented Programming ප්‍රධානම සංකල්පයක් තමයි Inheritance. අපි එයට උරුමය කියමු. ඒ කියන්නේ පියෙකුගෙන් පුතෙකුට හෝ දුවෙකුට උරුම වන ගති ලක්ෂණ කියලත් හිතමු.
උදාහරණයක් ලෙස පියාගෙන් ඔබට ඉඩමක උරුම වන්න පුළුවන්. ඔබට එය දිගටම භාවිතා කරන්නත් පුලුවන්, නැතිනම් ඔබට ගමේ තියෙන එම දේපළ විකුණා, තගරයේ වෙනත් ඉඩමකට පදිංචියට යන්නත් පුළුවන්.
Java programming වල පහත උදාහරණය සලකන්න.

එහි Person නම් Class එකක් (ආකෘතියක්) ඇත. මේ ආකෘතිය blue print එකක් ලෙස සලකන්න. එහි Name නමි property එකක් (ලක්ෂණයක්) සහ එය ලබාදීමට හා ලබාගැනීමට getName සහ setName method (ක්‍රම) දෙකක්ද ඇත.

Person ආකෘතිය extend (දිගු) කිරීමෙන් අපට Teacher නම් තවත් ආකෘතියක් නිර්මාණය කරන්න පුළුවන්. එහිදී Person class එකේ property සහ method දෙවර්ගයම Teacher class එකට උරුම වෙනවා.
Teacher class එකට අපි එකතු කරනවා subject කියන property එක සහ එය ලබා දෙන සහ ලබා ගන්නා methods දෙකක්.
ඒක තමා inheritance කියලා කියන සංකල්පය.
දැන් අපි හිතමු පාසලක ගුරුවරුන් පිළිබඳ program එකක් ගැන. එහිදී අපි ගුරුවරයා object (වස්තුවක්) එකක් ලෙස සලකන්නේ. ගුරුවරයා නිර්මාණය වන්නේ Teacher Class එකෙන්. ඒ ගුරුවරයාට Person සහ Teacher class දෙකේම properties සහ methods උරුම වෙනවා.
පහත java program එක school.java ලෙස save කර compile කර run කර බලන්න. මෙය Online IDE එකක කරලා බලන්නති පුළුවන්.


//school.java
//Demonstrate simple inheritance
class Person {
private String name="No Name";
public String getName() {
return this.name;
}
public void setName(String N) {
this.name = N;
}
}
//Teacher class extends from Person class.
class Teacher extends Person {
private String subject="No Subject";
public String getSubject() {
return this.subject;
}
public void setSubject(String s) {
this.subject = s;
}
}
public class School extends Person {
public static void main(String args[]) {
Teacher T1=new Teacher();
System.out.println(T1.getName());
T1.setName("Nimal");
T1.setSubject("ICT");
T1.setName("Nimali"); System.out.println(T1.getName()); System.out.println(T1.getSubject());
}
}

මේ විදියට ගුරුවරු ගණනාවකගේ තොරතුරු අපට හසුරුවන්න පුළුවන්.
ඒ එක්කම මේ සඳහා data entry forms, students, marks ආදිය එකතු කරලා සංකීර්ණ school managment system එකක් හදන්න පුළුවන්. ඒ සඳහා ඔබ තවදුරටත් java සංකල්ප සහ programming techniques ඉගෙන ගන්න අවශ්‍යයි.

24/08/2021

Sound Edit එකක් කරන්න, තමන්ටම සින්දුවක් හදාගන්න Fruity Loops ඉගෙන ගන්න කැමතිද?😎 🎧
FL Studio 𝗙𝗿𝗲𝗲 𝗪𝗼𝗿𝗸𝘀𝗵𝗼𝗽 2 Register Now!!
https://forms.gle/xeDmfCnjUZ8MR1u4A

FL Studio ගැන ආරම්භයක් ගන්න අපේ Free Workshop එකට එකතු වෙන්න!

දිනය: අගෝස්තු 29
වේලාව: සවස 7.30

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo