PureBred Dogs SriLanka

PureBred Dogs SriLanka

Share

Top Quality PureBred Dogs in SriLanka

08/04/2026

🐾 බල්ලන්ට වැළඳෙන “කිණිතුලූ උණ” ගැන ඔබ දැනුවත්ද?

“කිණිතුලූ උණ” කියන රෝගය කිනිතුල්ලන් මගින් බෝ වේ. මෙය ඔබේ බලු සුරතලා මරුමුවට පත්කළ හැකි මාරාන්තික රෝගයකි.නමුත් ඔබේ සැලකිලිමත්භාවය ඔබේ සුරතලා ගේ ආරක්ෂාවට හේතු වේ.

🔍 රෝගය පැතිරෙන ආකාරය
මෙම රෝගය කිනිතුල් මඟින් බල්ලන්ට පැතිරෙයි. කිනිතුල් බල්ලාගේ සමට ඇලී ලේ පානය කරන විට, එහි ඇති බැක්ටීරියා ශරීරයට ඇතුල් වේ.

⚠️ ප්‍රධාන ලක්ෂණ
පහත ලක්ෂණ ඔබේ සුරතලාට පෙන්නුම් කරන විට ඒ සඳහා අවධානය යොමු කරන්න:

• උණ
• ආහාරයට අකමැත්ත
• අලස බව සහ ශක්තිය අඩුවීම
• වමනය හෝ බඩගැස්සීම
• ඇස් හෝ නාසයෙන් දියර හෝ ලේ පිටවීම
• සම යට ලේ කැටි වීම

👉 මෙම ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොකර පශු වෛද්‍යවරයෙකු කරා රැගෙන යන්න.අත් බෙහෙත් සිදු කරන්න යන්න එපා.

💊 ප්‍රතිකාර හා රැකවරණය ලබා දෙන්නේ කෙසේද ?

• වහාම සත්ත්ව වෛද්‍යවරයෙකුට පෙන්වන්න
• ලේ පරීක්ෂාවන් මඟින් රෝගය තහවුරු කරගන්න
• වෛද්‍ය උපදෙස් අනුව නිසි ඖෂධ ලබාගන්න

මුල් අවස්ථාවේ ප්‍රතිකාර ලබාගතහොත් සුව වීමේ හැකියාව ඉතා ඉහළය.

🛡️ වැළැක්වීම සඳහා කළ යුතු දේ

• කිනිතුල් පාලනය සඳහා විශේෂ නිෂ්පාදන භාවිතා කරන්න
• බල්ලා සහ වටපිටාව පිරිසිදු තබාගන්න
• නිතර බල්ලාගේ සම පරීක්ෂා කරන්න
• කිනිතුල්ලන් සිටී නම් වහාම ඉවත් කරන්න

❤️ අවසානයේ මතක තබාගන්න
බල්ලන්ට තමන්ගේ වේදනාව ප්‍රකාශ කිරීමට නොහැකිය. ඒ නිසා, ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳ අවධානයෙන් සිටීම අපගේ වගකීමකි.

🐾 ඔබේ සුරතලාගේ ජීවිතය ආරක්ෂා කරගන්න

පෝස්ට් එක හොඳයි වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන් share කරන්න අමතකරන්න එපා.

උපුටා ගැනීමකි.

Want your business to be the top-listed Pet Store/pet Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo