Tharu flora

Tharu flora

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu flora, Florist, No 110/A korasa udugampala, Colombo.

21/09/2022

😘 ඇන්තූරියම් මව් ශාකයකින් කුඩා පැල ලබා ගන්නා ආකාරය.😘

🥳මෙක කොටස් කිහිපයකට කරන්න පුලුවන් 👇👇👇

1 seed culture ( බීජ රොපනය ) * කරන විදිහ කලින් පොස්ට් එකක් දාලා තියනවා පෙජ් එකෙ

2 cut plant ( මව් ශාක කට් කිරිමෙන් පැල ලබා ගැනීම ) * කරන විදිහ කලින් පොස්ට් එකක් දාලා තියනවා

3 thishu culture ( පටක රෝපණ පැල ) * හදන විදිහ පෙජ් එකෙ දාලා තියනවා )

👉 අන්තිම එක ටිකක් වැදගත් මම මෙක ගෙන කලින් කතා කරලා නැහැ හැමොම දන්න නිසා

4 මව් ශාකය වටෙට දාන පැල (වට පැල)

😁😁😁😁

ඔයාලට මෙ ක්‍රම කිහිපයකටම මව් ශාකයෙන් පැල ලබා ගන්න පුළුවන් .. මෙ ක්‍රම අතරින් ගොඩක්ම පහසු ආධුනිකයින් ට පවා පහසුවෙන් කර හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියන්න ඒ තමයි

😍 වට පැල හා කට් පැල😍

ඉතිං මෙ ක්ශෙත්‍රයෙ හැමොගෙම උවමනාව තමයි තම අස්වැන්න වැඩි කර ගැනිම මෙ අස්වැන්න නිසා තමයි හැමොම මෙ ක්ශෙත්‍රයෙ රදා පවතින්නේ.. දැන් ඉතිං ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ අස්වැන්න කියලා ... අයයො වෙන මුකුත් නෙවෙයි mother plant එකකින් ගන්න පැල..

මම ඔයාලට කලින්ම කිව්වානෙ පැල ලබා ගන්න පහසුම ක්‍රම දෙක තමයි කට් පැල සහ වට පැල...

කට් පැල කියන්නේ කද කපලා ගන්න පැල..

වට පැල කියන්නේ මව් ශාක ය වටෙට මුල් මගින් දාන පැල

😀😀😀
කට් කරන විදිහ මම කියලා දෙන්නේ නෑ දැන් ඔයාලා ඒ ගෙන දන්නවා ඇති කියලා හිතනවා.. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගෙ පෙජ් එක බලන්න සරලවම ලිපියක් දාලා තියනවා..

ඔයාලාට මම මෙච්චර දෙවල් කිවුවෙ මෙන්න මෙ ටික කියන්න...

🥲කවදාවත් මව් ශාකයක් කට් කරන සයිස් එකට ආවත් ඒ මව් ශාකය වට පැල ලබා දෙනවා නම් කවදාවත් ඒක කට් කරන්න එපා.. මොකද පැලයක් කට් කලාම ඒ කට් කරපු තැනින් පැල ගන්න පුලුවන් පොඩි කාලයයි ඊටපස්සේ ඒ පැල දුන්නු මුල් ටික මැරිලා යනවා..

ඒත් වට පැල එහෙම නැහැ මව් ශාකයක් වට පැල දෙනවනම් කට් කරන්න එපා ඒ පැලෙට හොදට පොශනය දිලි බලාගන්න ඒ මව් ශාකය වැඩි කාලයක් ඔයාලට පැල දෙනවා ඒ වගෙම කාලෙන් කාලෙට වට පැල දෙන ගනන වැඩි වෙනවා.....

ඉතිං මෙ ලිපිය ඔයාලාට වැදගත් කියලා හිතනවනම් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න ..

07/08/2022

🥰🥰🥰 ඔන්න ගොඩ දවසකින් ආවා ඔයාලාට දෙයක් කියන්න😘😘

ගොඩක් අයට මෙ දවස් වල ලොකු ප්‍රශ්නයක් තමයි ඇන්තූරියම් මිලෙන් අධික නිසා mother plant වෙනුවට පොඩි පැල ගන්න එක ... ඉතින් ගොඩක් අය පැල ගත්තාම දවසින් දෙකෙන් මැරෙනවා එකට ප්‍රධානම හෙතුව තමයි හොද නිරොගී පැල නොගැනීම ... ඉතිං අද කියලා දෙන්නම් නිරොගී පැල ගන්නෙ කොහොමද කියලා😘😘

🥰නිරොගී පැලයක් තොරා ගන්නෙ මෙහෙමයි😘😘

🥰පොඩි පැල ගන්නවානම්🥰

1 අනිවාර්යයෙන්ම බලන්න පත්‍ර වල පුල්ලි
සහිත ගතියක් තියනවාද කියලා

2 පත්‍ර කහ පැහැ වෙලා ද කියලා එහෙනම් දීලීර රොගයක්

3 වැදගත්ම එක තමයි හොද මූල මණ්ඩලය පිහිටා තිබිය යුතූ මයි... (පොට් එක පිටින් තියෙද්දී පැලෙ උස්සලා බලන්න හොදට මුල් තියෙනවාද කියලා)

🥰Mother palnt එකක් ගනිද්දී🥰

1 වැඩි මල් හා පත්‍ර වැඩි සංඛ්‍යාව කින් යුක්ත වෙන්න ඕන

2 පත්‍ර කහ පැහැති වෙලානම් ගන්න එපා

3 ගොඩක් අය කහ පැහැති කොල කපනවා පැලෙ ගද්දි හොදට බලන්න කොල වල කැපුම් පාරවල් තියෙද කියලා🥰🥰

ඔන්න අදට ඉවරයි🥰🥰🥰
https://www.facebook.com/Tharu-flora-103539559110336/

31/07/2022

😍ඔන්න ඔයාලව suprise කරන්න හදන්නේ. .....

ඉයෙ වුන පොරොන්දු වක් ඉශ්ට කරන්නම්. ...😍😍😍😍

මම දන්න විදියට මීට කලින් මෙ ක්ශෙත්‍රයෙ කිසිම කෙනෙක් මෙ සම්බන්ධ ව කතා කරලා නැහැ... 🧐🧐 ඉතිං මම ඔයාලට අද කියලා දෙන්නම් tishucalcher නැත්නම් පටක රොපන ඇන්තූරියම් පැල හදාගන්නෙ කොහොමද කියලා...

ඉතිං මෙතනදි එක ප්‍රශ්නයක් මතු වෙනවා මොකක්ද දන්නවද විද්‍යාගාර පහසුකම් හා ඒ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට නොහැකි වීම තමයි මතුවන ගැටලු ව. 👈👈👈

😍 ඒක නිසා මම ඔයාලට කියලා දෙන්නම් අඩූ වියදමකින් ඔයාලගෙ ගෙදරම මෙ ටිශු කල්චර් පැල හදාගන්න ක්‍රමය.

Tishucalcher පැල බො කරද්දී ක්‍රම කිපයක් අනුගමනය කරන්න වෙනවා ඒ තමයි

😍 මව් ශාක තොරා ගැනීම

😍 ශාක කොටස සූදානම් කර ගැනීම

😍 මාධ්‍ය සකස් කිරීම

😍 සකස් කර ගත් ආරම්භ ක මාධ්‍ය ට පටකය හදුන්වා දිමට

😍 පටක ගුනන මාධ්‍ය ට මාරු කිරීම

😍 පටකය මුල් අද්දවන මාද්‍යට මාරු කිරීම

😍 පැල වල ප්‍රමාණය වර්ධනය කරන මාධ්‍යට මාරු කිරීම

😍විද්‍යාගාරයෙන් ඉවතට පැල නිකුත් කිරීම

😍පැල දැඩි කිරීම හා ක්ෂෙත්‍රයට මාරු කිරීම

😍😍😍😍😍😍😍😍

දැන් අපි බලමු මව් ශාක තොරගන්නෙ කොහොමද කියලා🧐🧐

මව් ශාක තොරා ගනිද්දී උසස් ගුණාත්මක ලක්ශන සහිත මව් ශාක තොරගන්න ඕන.. ඒවා හොදින් නඩත්තු කල යුතුයි .. මෙහිදි මව් ශාක ආරක්ශිත ගෘහයක හො ඒ සදහා වෙනත් ස්ථානයක සාමාන්‍ය පරිසරයෙන් වෙන් කර නඩත්තු කිරීම සිදූ කරන්න ඕන. ...

ඉලග පියවර තමයි කෘතිම පොශන මාධ්‍ය සකසා ගැනීම ශාක වර්ධනය ට අවශ්‍ය මූල ද්‍රව්‍ය සින්ක් , ඇමයිනෝ අම්ල , විටමින් ජලය හා අවශ්‍ය තාවයට අනුව හොර්මොන මෙම මාධ්‍ය අන්තර්ගතය වෙනවා..

ඉලගට පටක රදවා ගැනීමට අවශ්‍ය ගන ස්වභාවය මාධ්‍යට ලබා දෙන්න ඕන... ඉතිං මෙකට පිළියමක් වශයෙන් එගාර්,කපු පුලුන් හා පෙරහන් කඩදාසි යොදා ගැනීම පිලියමක්..
එගාර් මූදලින් ටිකක් වැඩි දෙයක් ඒ නිසා ආදෙශකයක් ලෙස වර්ණ රහිත ජෙලි , කිතුල් පිටි වැනි දෙයක් අපිට ගන්න පුලුවන්..

අනිත් කාරණය තමයි සෑම විටම ජීවානුහරණය හෙවත් ක්ෂුද්‍ර ජිවින්ගේ ගෙන් තොර පරිසර තත්වයක් පවත්වා ගෙන යා යුතුමයි...

දැන් අපි බලමු පටක රොපනයට අවශ්‍ය ශාක කොටස සූදානම් කරන ආකාරය..

හොදින් වර්ධනය වී ඇති පත්‍රයක් කුඩා කද කොටසත් සමගම ශාකයෙන් වෙන් කරගන්න .. ඒ ශාක කොටස සාමාන්‍ය ජලයෙ විනාඩි 10ක් කියලා ගලා යන ජලයෙන් විනාඩි තිහක් පමණ. සොදන්න... දැන් මෙක ආරක්ශිත වීදූරු කුටිය තුලට අරන් 20/ ක් පොටැසියම් හයිඩ්‍රක්ලොරික් තුල විනාඩි 20ක් පමන සොදන්න..දැන් ආයෙත් විනාඩි 5ක් ජිවානුහරනය කල ආශුත ජලයෙ සොදන්න..

දැන් ලිටරයකට 5g වන ලෙස සාදා ගත් දිලීර නාශක හා බැක්ටීරියා නාශක වලින් විනාඩි 5ක් සොදගන්න ඊටපස්සේ ජීවානුහරණය කරන ලද ආශුත ජලයෙ විනාඩි 5බැගින් තුන් පාරක් සොදන්න.. දැන් ඒක ඉවරයි

ඉලගට අපිට කරන්න තියෙන්නේ අපි මෙහෙම සකස් කරපු ශාක කොටස කොටස් කිරීම හා සකසා ගත් මාධ්‍යට මෙය හදුන්වා දිමට .. ඉතිං මෙ ක්‍රමයට අපිට විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වෙනවා සාමාන්‍ය යෙන් මෙය සිදු වෙන්නේ විද්‍යාගාර පහසුකම් ඇති ලැමිනාෆො කුටීරය තුල..ඉතින් මෙ ලැමිනාෆො කුටිරයක් ලක්ෂ තුනක් විතර වෙනවා
එහෙමයි කියලා අපිට වැඩෙ අතාරින්න බැහැ නෙ ඉතින් ඒකට සියට සියක් සාර්ථක ක්‍රමවෙදයක් මම කියන්නම් ..

අපිට මෙක ඕන වෙන්නේ මෙ පටකය ජිවානුහරනය කරලා හදා ගත්තු මාධ්‍යට හදුන්වා දීමට මෙ සදහා ජිවානුහරන තත්වය අවශ්‍ය යි..

ඉතිං ගෙදරදිම මෙ තත්වය ලබා දෙන්න පුලුවන් ගෙදරදීම හදාගත්තු මාලු ටැංකියක ස්වභාවය ට සකසා ගත් පියන අරින්න පුලුවන් තමන්ගේ අත් දෙක ඇතුළට දාලා වැඩක් කිරීමට පුලුවන් සෙ සකසා ගත් උපකරණ යකින් .. මෙක rs 1000කින් විතර හදා ගන්න පුළුවන්..

දැන් ඔයාලගෙ ලක්ශ තුනෙ ප්‍රශ්නෙ ඉවරයි..😁😁😁

ආරම්භක මාධ්‍යට හදුන්වා දූන් පටක කොටස ගුණනය වීමට හා මුල් ඇද්දවීමත් අනතුරුව පැල වල ප්‍රමාණය වර්ධනය වු මාධ්‍යට මාරු කල යුතුයි.. එය සුදුසු කාල වලදි සිදූ කරන්න ඕන..

මුල් වර්ධනය වූ පැල පරිසර තත්වයෙ ඇති ආලොකය උශ්නත්වය ආර්ද්‍රතාවය වැනි ද්‍රව්‍යයන්ය හුරු කිරීම මෙ. ක්‍රියාවලිය අවසන් ක්‍රියාවයි..

මෙහිදී වැඩි තෙතමන තත්වයෙ සිට අඩූ තෙතමනයට රැගෙන එන්න ඕන..

ඔන්න ඉවරයි...

ඉතිං මෙ පටක රෝපණ ක්‍රමයෙන් මව් ශාක වලට සමාන පැල හැදෙනවා..
ඉතිං මෙක සාර්ථක වෙන්න මාස 9_ අවුරුදු එක හමාරක වගෙ කාලයක් ගත වෙනවා.

😊😊😊😊😊😊😊

ඉතිං මෙක. ඔයාලට වටිනවනම් මගෙ pag ekta like krnna.. හැමොටම බලන්න ශෙයා කරන්න
https://www.facebook.com/Tharu-flora-103539559110336/

26/07/2022

😘 ඇන්තූරියම් මව් ශාකයකින් කුඩා පැල ලබා ගන්නා ආකාරය.😘

🥳මෙක කොටස් කිහිපයකට කරන්න පුලුවන් 👇👇👇

1 seed culture ( බීජ රොපනය ) * කරන විදිහ කලින් පොස්ට් එකක් දාලා තියනවා පෙජ් එකෙ

2 cut plant ( මව් ශාක කට් කිරිමෙන් පැල ලබා ගැනීම ) * කරන විදිහ කලින් පොස්ට් එකක් දාලා තියනවා

3 thishu culture ( පටක රෝපණ පැල ) * හදන විදිහ පෙජ් එකෙ දාලා තියනවා )

👉 අන්තිම එක ටිකක් වැදගත් මම මෙක ගෙන කලින් කතා කරලා නැහැ හැමොම දන්න නිසා

4 මව් ශාකය වටෙට දාන පැල (වට පැල)

😁😁😁😁

ඔයාලට මෙ ක්‍රම කිහිපයකටම මව් ශාකයෙන් පැල ලබා ගන්න පුළුවන් .. මෙ ක්‍රම අතරින් ගොඩක්ම පහසු ආධුනිකයින් ට පවා පහසුවෙන් කර හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියන්න ඒ තමයි

😍 වට පැල හා කට් පැල😍

ඉතිං මෙ ක්ශෙත්‍රයෙ හැමොගෙම උවමනාව තමයි තම අස්වැන්න වැඩි කර ගැනිම මෙ අස්වැන්න නිසා තමයි හැමොම මෙ ක්ශෙත්‍රයෙ රදා පවතින්නේ.. දැන් ඉතිං ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ අස්වැන්න කියලා ... අයයො වෙන මුකුත් නෙවෙයි mother plant එකකින් ගන්න පැල..

මම ඔයාලට කලින්ම කිව්වානෙ පැල ලබා ගන්න පහසුම ක්‍රම දෙක තමයි කට් පැල සහ වට පැල...

කට් පැල කියන්නේ කද කපලා ගන්න පැල..

වට පැල කියන්නේ මව් ශාක ය වටෙට මුල් මගින් දාන පැල

😀😀😀
කට් කරන විදිහ මම කියලා දෙන්නේ නෑ දැන් ඔයාලා ඒ ගෙන දන්නවා ඇති කියලා හිතනවා.. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගෙ පෙජ් එක බලන්න සරලවම ලිපියක් දාලා තියනවා..

ඔයාලාට මම මෙච්චර දෙවල් කිවුවෙ මෙන්න මෙ ටික කියන්න...

🥲කවදාවත් මව් ශාකයක් කට් කරන සයිස් එකට ආවත් ඒ මව් ශාකය වට පැල ලබා දෙනවා නම් කවදාවත් ඒක කට් කරන්න එපා.. මොකද පැලයක් කට් කලාම ඒ කට් කරපු තැනින් පැල ගන්න පුලුවන් පොඩි කාලයයි ඊටපස්සේ ඒ පැල දුන්නු මුල් ටික මැරිලා යනවා..

ඒත් වට පැල එහෙම නැහැ මව් ශාකයක් වට පැල දෙනවනම් කට් කරන්න එපා ඒ පැලෙට හොදට පොශනය දිලි බලාගන්න ඒ මව් ශාකය වැඩි කාලයක් ඔයාලට පැල දෙනවා ඒ වගෙම කාලෙන් කාලෙට වට පැල දෙන ගනන වැඩි වෙනවා.....

ඉතිං මෙ ලිපිය ඔයාලාට වැදගත් කියලා හිතනවනම් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න https://www.facebook.com/Tharu-flora-103539559110336/

22/07/2022

🤚 මෙ දවස් වල ගෙදර ඉන්න එකෙ කම්මැලි කමටත් එක්ක anthuriym cut කරමුද...😘

ඉතිං මම අද කියලා දෙන්නම් කට් කරන්නේ කොහොමද කියලා

ඉතිං මෙක ඔයාලා first time cut කරනවනම් ඔන්න විශෙශයෙන්ම කිවුවා මිලෙන් ටිකක් අඩු මව් ශාකයක් කට් කරන්න හොදද. ..

ඔයාලා කට් කරන්න හදන පැලෙ මාසෙකට කලින් තොරගන්න ඊටපස්සේ ඒ පැලෙට අවශ්‍ය පොශනය නොවඩුව ලබා දෙන්න .. ඉතිං මාසයක් යනකොට මෙ පැලෙ කට් කරන්න ගන්න...

ඉතිං කට් කරන්නෙ මෙන්න මෙහෙමයි..

මව් ශාකයක් අරගෙන හොදින් මුල් පාද්දවගෙන යට කොටසට පත්‍ර තුනක් පමණ ඉතූරු කරලා එතනින් උඩ කොටස ඒ කියන්නේ කද කොටස ඇලෙට කපන්න... කෙලින් කපන්න එපා කැපුම් දාරය මත වතූර හිටිනවා ඉතිං මෙ කපපු තැන අගුරු කුඩු ටිකක් ගාන්න දිලීර ඇතුළු වීම වැලැක්වීමට.

දැන් කොටස් දෙකක් තියනවා මෙ කොටස් දෙක වෙන වෙනම පොච්චි දෙකක හිටවන්න ආ මතක් කරලා කට් කරපු තැනට ඔස්මකොට් ටිකක් දාන්න පැල වැඩි ගණනක් ගන්න පුලුවන්..

ඉතිං මෙහෙම හදා ගත්තු කොටස් දෙක සති දෙකක් පමන සෙවන තැනකින් තියලා සති දෙකකට පස්සෙ ඔයාලගෙ නෙට් හවුස් එකෙන් කියලා නඩත්තු කරන්න...

ඉතිං ඔයාලට මෙ වගෙ ලිපි කියවන්න අවශ්‍ය නම් මගෙ පෙජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපාhttps://www.facebook.com/Tharu-flora-103539559110336/
දැනගන්න දෙයක් තියනවනම් wts ap mg ekak dla thiynna 0783032938

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

No 110/A Korasa Udugampala
Colombo