Maathra

Maathra

Share

𝐌𝐚𝐚𝐭𝐡𝐫𝐚; To elevate the rich traditions and history of dancing in Sri Lanka to the next level.

20/09/2024

𝐌𝐚𝐚𝐭𝐡𝐫𝐚 : '𝐖𝐢𝐭𝐧𝐞𝐬𝐬 𝐭𝐡𝐞 𝐑𝐡𝐲𝐭𝐡𝐦 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐨𝐧 𝐎𝐧𝐞 𝐒𝐭𝐚𝐠𝐞'
The 13th edition of the ever-popular Maathra concert – a spectacular celebration of Sri Lankan rhythm, art, and tapestry, all coming together on one stage once again.

Don't miss out on this extraordinary event! Tickets are now available. Get yours and join us in celebrating the heart and soul of Sri Lanka!

𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬 : 𝟎𝟕𝟕𝟕 𝟖𝟑 𝟖𝟖 𝟕𝟕

26/02/2024

බියකරු මහසෝනා අයස්කාන්ත නර්තනයකට ගෙන ආ "මාත්‍රා"

ගෝඨයිම්බර කතා වස්තුව හා සම්බන්ධ මහ සොහොන් යක්ෂ උත්පත්තිය රිටිගල ජයසේන හා බැඳුණු කතාවකි.
ජනප්‍රවාදයන්ට අනුව වරක් රිටිගල ජයසේනට එක්තරා ජයපැන් සාදයකදී දුටුගැමුණු රජතුමාගේ සේනාවේ සිටි ගෝඨයිම්බර යෝධයා ගේ භාර්‍ය්ව වූ සෝනා දේවිය පිළිබඳව සිතක් පහළ වී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස ගෝඨයිම්බර සිය සුලගිල්ලෙන් රිටිගල ජයසේනට එල්ල කළ පහරින් ඔහුගේ හිස කඳින් වෙන්ව විසි වී ගොස් කරද ගහක රැඳුණු බවත් සෙනසුරු ඒ මොහොතේ පැමිණ වලස් හිසක් රිටිගල් ජයසේනට සවි කළ බවත්, ඒ වෙලාවේ තිබූ කලබලයට ඒ හිස සවි කළේ ඉදිරිය පිටු පසට වන ලෙසත් බව හා පසුව මහසෝනා ලෙස උත්පත්තිය ලැබූ වේ ඒ රිටිගල ජයසේන බවත් ජනප්‍රවාදයේ තව දුරටත් කියැවේ.

ඒ අනුව මහසෝනා යක්ෂයෙකු බවත් මේ යක්ෂයා දැකීමෙන් බියට පත් වෙන බවත් ඉන් වැඩිපුරම භීතියට පත් වන්නේ පිරිමින් බවත් කියැවෙනවා

කෙසේ නමුත් එවන් බියක් උපදවාලන, මහ සොහොන් කතාව අයස්කාන්ත නර්තනයකින් වේදිකාගත කිරීමට "මාත්‍රා" කණ්ඩායමට හැකි විය.

අපගේ නවතම ගීත හා ප්‍රාසාංගික එළි දැක්වීම් සඳහා මාත්‍රා යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
https://www.youtube.com/

04/02/2024

🇱🇰 76 | පරපුරෙන් පරපුරට ලේ උරුමයෙන් ගොඩනැගුණු ශ්‍රී ලාංකේය තේජස් යශෝරාවය, සංගීතය හා හඬ මාධූර්‍යන්ගෙන් සුසංයෝග වූ "මාත්‍රා" ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම, අභිමානවත් 76 වන නිදහස් සමුරුව සිහිකෙරෙන වර්ෂ 2024 ක් වූ පෙබරවාරි මස 4 වන දින මෙසේ එක් කරන්නෙමු.

ගී තනු හා සංගීතය : විශාරද දිලුම් නිරංජ
ගායනය : විශාරද දිලුම් නිරංජ ප්‍රමුඛ අපේ "මාත්‍රා" කණ්ඩායමෙ හි සංගීත කණ්ඩායම.
නර්තන ඉදිරිපත් කිරීම : Maathra

01/02/2024

" මාත්‍රා" අපි, හැකි සෑම අවස්ථාවකම අපිටම අනන්‍ය වූ නැවුම් නාද රටා සමඟින් මෙරට නර්තන කලාව පෝෂණය කිරීමට උත්සාහ දරන අතර ඔබ මේ දකින්නෙ එහි එක් පියවරකි.

අපගේ නවතම ගීත හා ප්‍රාසාංගික එළි දැක්වීම් සඳහා මාත්‍රා යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
https://www.youtube.com/

31/01/2024

'මාත්‍රා' සමඟ ශ්‍රී ලාංකේය කලාව සොයා යමු !
✅ මුද්‍රා නාට්‍ය කලාවෙන් විස්මිත පෙළහර පෑ චිත්‍රසේන

1921 ජනවාරි 26 වැනිදා කැලණියේ වරාගොඩ දී අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් නම් දරුවා උපත ලබනවා. ඔහුගේ පියා සුප්‍රකට නාට්‍ය ශිල්පියෙක් සහ නාට්‍ය නිෂ්පාදකවරයෙක් වූ සීබට් ඩයස්. අම්මා වූයේ ඩෝරා ඩයස්. 1920 සහ 30 දශකවල දී මොරිස්ට සිය පියාගේ නාට්‍ය කටයුතුවලට නිතර සහාය දැක්වීමට සිදුවුණා. ගෙදර පැවතියෙත් නාට්‍යකාමී පරිසරයක්. සීබට් ඩයස් ශේක්ෂ්පියර් නාට්‍ය නිෂ්පාදය කළ අතර රඟපෑමත් කළා. නාට්‍යකරුවන් ගෙදර නිතර ගැවසුණා. සංගීත හඬ, බෙරහඬ නිතර ඇසුණා. මේ නිසා ඔහු පාසල් අධ්‍යාපනයට වඩා නාට්‍ය හා නර්තනය ඉගෙනගන්න උනන්දු වුණා කිව්වොත් නිවැරදියි. පියාත් ඒ සඳහා දරුවා උනන්දු කළා.
1934 දී රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ නාට්‍ය කණ්ඩායම තෙවන වර ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ අවස්ථාවේ තාගෝර් විසින් හොරණ ශ්‍රීපාලි ලලිත කලායතනයට මුල්ගල තබනවා. ඊට අමතරව මුද්‍රා නාට්‍ය හා සංගීත ප්‍රසංග කිහිපයකුත් පවත්වනවා. මේ වංග නාට්‍ය හා සංගීතය, එවකට 13 හැවිරිදි වියේ සිටි මොරිස් ඩයස් තුළ ඇතිකරන්නේ අමුතුම ආනන්දයක්. ඉන්දියානු වංග නැටුම් බැලීමෙන් උපන් ආසාව නිසා ඔහු තුළ දේශීය නර්තනය හැදෑරීමට උනන්දුවක් ඇති වෙනවා. ඔහු පියාගේ මඟපෙන්වීම මත නැටුම් ඉගෙනගැනීමට අල්ගම කිරිගණිතයා ගුරුන්නාන්සේ, මුදන්නාවේ අප්පුවා ගුරුන්නාන්සේ, සහ බැවිල්ගමුවේ ලපයා ගුරුන්නාන්සේ ළඟට යනවා. උඩරට, පහතරට සහ සබරගමු ආදී දේශීය නර්තන සම්ප්‍රදායන් ඔවුන් වෙතින් හදාරනවා.

🔺 පළමු රංගය
ඔහු සිය මංගල නර්තන දැක්ම ඉදිරිපත් කළේ 1936 වසරේ දී රීගල් නෘත්‍ය ශාලාවේ දී යි. ඒ, සිය පියා නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ සිරිසඟබෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින්. ඒ වන විට ඔහු අවුරුදු 15ක කොලුගැටයෙක්. මෙම නාට්‍යය උඩරට නර්තන ශෛලීන් අනුව නිර්මාණය කළ රංගයක් වුණා. එහි ඔහුගේ රඟපෑම් ගැන එවකට ස්වදේශ කටයුතු ඇමැතිව සිටි ඩී. බී. ජයතිලක මහත් සේ ප්‍රසංසා කළ බව පැවසෙනවා.

ගුරුවරුන් යටතේ සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාව හොඳින් හැදෑරීනේ පසු ඔහුගේ වෙස්බැඳීමේ මංගල්‍යය පවත්වනවා. ඉන්පසු මේ නැටුම් ශිල්පියා ඉදිරියේ විශාල නර්තන ලෝකයක් විවර වෙනවා. එය ලංකාව නම් දූපතෙන් එහාටත් විහිදෙන බව ඒ යොවුන් සිතට අවබෝධ වෙනවා. මේ නිසා මොරිස් දෙමාපිය අවසරය මත ඉන්දියාවේ සම්භාව්‍ය නෘත්‍ය ශෛලීන්ගෙන් එකක් වන කථකලි නර්තනය හැදෑරීම සඳහා 1939 දී ඉන්දියාව බලා නැව් නගිනවා. ඔහු පළමුව ට්‍රැවන්කෝර්හි රාජ සභා නර්තන ශිල්පියකු වූ ශ්‍රී ගෝපිනාත් වෙතින් කථකලි නර්තනය හදාරා, එහි රජ මාලිගයේ දී ජේ. ඩී. ඒ. පෙරේරාගේ බිරිය වූ චන්ද්‍රලේඛා සමග නර්තනයේ ද යෙදෙනවා. පසුව කේරළ කලා මණ්ඩලම්හි දී ද නර්තනය ඉගෙනගන්නවා.

මේ කාලය තුළ මේ යොවුන් නාට්‍ය විද්‍යාර්ථියා අල්මෝරාහි උදය ශංකර්ගේ නාට්‍ය කලා මධ්‍යස්ථානය, ලක්නව් හා ලාහෝර් යන නගරවල නර්තන මධ්‍යස්ථානවල ද සංචාරය කරමින් ඒ නැටුම් කලාව හදාරනවා. යලිත් ලංකාවට පැමිණෙන ඔහු රටේ නිදහස් සටන්වල උණුසුම මැදින් නර්තන කලාවේ යෙදෙනවා. ඒ අතරම ඒ කාලයේ බහුලව පැවති නාට්‍ය හා නර්තනවල පෙරදිග ආභාෂය වෙනුවට බටහිරට ගැති ස්වරූපයත් හඳුනා ගන්නවා.

🔺 මොරිස්, චිත්‍රසේන වෙයි
එවකට විදේශීය නම් භාවිත කළ ලංකාවේ බොහෝ කලාකරුවන් තාගෝර්ගේ ආභාෂය නිසා දේශීය නම් ලබාගන්නවා. නම් මාරු කළ අමරදේව, මහාචාර්ය සරච්චන්ද්‍ර සේම, මොරිස් ඩයස් ද “චිත්‍රසේන” ලෙස නව ගමනක් අරඹනවා.

🔺 චිත්‍රසේන කලායතනය
චිත්‍රසේන, 1943 දී ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන කණ්ඩායම වූ “චිත්‍රසේන නර්තන සංසදය” ආරම්භ කළා. එමඟින් සාම්ප්‍රදායික මෙන්ම කාලීන නර්තන නිර්මාණ උසස් මට්ටමින් නවීන සංගීතය හා මුසුකොට ඉදිරිපත් කළ අතර ඒවා රසික සිත් ඇඳබැඳ ගත්තා. විචාරක ප්‍රසාදය අත්කර ගත්තා. ශ්‍රී ලංකාවේ පුරෝගාමී සාම්ප්‍රදායික නර්තන පුහුණු ආයතනය වූ චිත්‍රසේන කලායතනය කොල්ලුපිටියේ ආරම්භ කරන්නේ වර්ෂ 1944 දී යි. නර්තන ශිල්පීන් සඳහා ප්‍රථම වරට විෂය මාලාවක් සහ ව්‍යුහගත ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් එමඟින් හඳුන්වා දුන්නා. මේ කලායතනය වෘත්තීය නැටුම් ශිල්පීන්, බෙර වාදකයන්, සහ නර්තන නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් තමයි ආරම්භ කරන්නේ. නූතන යුගයට උචිත නූතන නර්තන කලාව පමණක් නොව, ඊට අනුබද්ධ සියලු කලාවන් පිළිබඳ කතිකාවකට සුදුසු කේන්ද්‍රස්ථානයක් බවට චිත්‍රසේන කලායතනය පත්වෙනවා. කලායතනයේ දී සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල, සෝමබන්ධු විද්‍යාපති ඇතුළු කලාකරුවෝ කලාව විෂයයෙහි ගැඹුරු කතිකා ගොඩනැඟූ බව සඳහන් වෙනවා.

1945 වර්ෂයේ දී ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයට යන්නේ රවීන්ද්‍ර නාට්‍ය කලාව හැදෑරීමට යි. ශාන්ති නිකේතනයේ දී ඔහුගේ නර්තන අධ්‍යාපනය තව දුරටත් වංග හා වෙනත් ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් හදාරා වර්ධනය කර ගන්නවා. එහි දක්ෂම සිසුවකු වශයෙන් සමස්ත ඉන්දීය නර්තන උළෙලේ ඒකල නර්තනයක් ඉදිරිපත් කිරීමේ දුර්ලභ අවස්ථාව ද චිත්‍රසේනට හිමිවෙනවා. එපමණක් නොවේ, ගුරුදේව තාගෝර්ගේ මිණිබිරිය වූ නන්දිතා ක්‍රිප්ලානි සමග තාගෝර්ගේ ‘චන්ඩාලිකා‘ නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟපෑමේ ගෞරවය ද චිත්‍රසේනට ලැබෙනවා.

🔺 වජිරා:
1947 දී චිත්‍ර සේන කලායතනයට බැඳුණු වජිරා ඔහුගේ දක්ෂතම සිසුවිය යි. චිත්‍රසේන කලායතනයේ දී ඇයට මුණ ගැසුණු ආනන්ද සමරකෝන්ගේ, ‘කුමුදිනී’ ගීතයට වශිකෘත වූ වජිරා එය පාදක කොටගෙන අපූරු නර්තනාංගයක් ද නිර්මාණය කළා. චිත්‍රසේන විවාහ වන්නේ නර්තනයේ දිගු ගමනක් යාමට සුදුසු සහකාරියක් වූ මේ සිසුවිය සමග යි. ඒ 1951 දී යි.

ඇය ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය බවට ද පත්වෙන්නේ චිත්‍රසේනගේ සහයෝගයෙන්. 1957 වසරේ දී සාම විජය මුද්‍රා නාට්‍යය නිර්මාණය කරන විට වජිරා එහි ප්‍රධාන නිළිය ලෙස රඟපානවා. ප්‍රථම වරට චිත්‍රසේන ජාත්‍යන්තර වේදිකාවට පා තබන්නේ ද සාම විජය නාට්‍යයෙන්. ඔවුන් රුසියාවට මේ නාට්‍ය කණ්ඩායමත් සමග සංචාරයක නිරතවෙනවා. මේ චිත්‍රසේන – වජිරා යුවළට ඉතා ජනප්‍රිය රුසියානු බැලේ නර්තන සම්ප්‍රදායේ ආභාෂය ද ලැබීමට ද අවස්ථාව උදාවෙනවා. මේ නර්තන යුවළගේ දරුවන් වූයේ උපේකා සහ අංජලිකා දුවරුන් දෙපළ සහ පුත් අනුදත්ත යි.

🔺 නර්තන කලාවට දායකත්වය :
චිත්‍රසේන කලායතනය නූතන මුද්‍රා නාට්‍ය කලාවේ කඩඉම් සනිටුහන් කළ අප රටේ පුරෝගාමී කලායතනය බවට පත් වුණා. ඔවුන් දේශීයත්වය ගුරුකොට ගත් මුද්‍රා නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ නාට්‍ය නිර්මාණ 30ක් රංගගත කරනවා. පසු කලෙක පාසල් විෂය ධාරාවට නැටුම් කලාව එක්වුණා. එහිලා ප්‍රථම නැටුම් කලා පරීක්‍ෂකවරයා වූයේ ද එතුමෝ යි. ප්‍රේමකුමාර එපිටවල, ශේෂා පළිහක්කාර ආදීන් ඔහුගේ මුල්කාලීන සිසුවන් වුණා. ඔහුගේ අධීක්ෂණය රාමා හා සීතා (1943), විදුර (1944), ලංකා සංදර්ශනය (1948), රාවණ (1949), නල දමයන්ති (1950), චණ්ඩාලි – කුමුදිනි (1952), හිම කුමාරිය (1953), සේපාලිකා (1955), කිඳුරඟන (1956), සාම විජය (1957), වනජා (1958), කරදිය (1961), නල දමයන්ති (නව නිෂ්පාදනය) (1963), රන් කිකිළී (1965), නිර්තාංජලී (1965), ගිනි හොරා (1968), නිරාශා (1972), ෂාදි (1972), නවාංජලී (1972), අණබෙරය (1976), කිංකිනි කෝලම (1978), හපනා (1979), බෙර පූජා (1980), න‍වෝදාරංග (1981), ශිෂ්‍ය පූජා (1985), ශිවරංග (1985), න්‍යාත පූජා (1986), චංඩලිකා (1996) ඇතුළු නිෂ්පාදන සියල්ල මෙරට නර්තන ක්ෂේත්‍රයේ වපසරිය පුළුල් කරන්නා වූ පර්යේෂණාත්මක නිර්මාණ ලෙස සම්භාවනාවට පත් වුණා. ඒ අතරින් වඩාත් විශිෂ්ට මුද්‍රා නාට්‍ය ලෙස කරදිය (1961), නළ දමයන්ති (1963), නෘතාංජලී (1965), කිංකිණි කෝලම (1978), සහ ශිවරංග (1984) විශාල විචාරක ප්‍රසාදයක් දිනා ගත්තා.

🔺 චිත්‍රසේන ජාත්‍යන්තරයට:
එදා චිත්‍රසේන තම නාට්‍ය කණ්ඩායමත් සමග රටවල් විසිහයක වේදිකාවල දී අපේ දේශීය නර්තනයේ පෙළහැර ගෙනහැර දැක්වූවා. රුසියාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ටස්මේනියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, චෙකොස්ලොවැකියාව, කැනඩාව, බටහිර ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඩෙන්මාර්ක්, සහ බංග්ලාදේශය ඒ අතරින් කිහිපයක්.

මේ වජිරා සිය සැමියා ගැන 2014 ජූලි 17 දිනමිණ පුවත්පතට අදහස් දැක්වූ අවස්ථාවක්:

එයාට වුවමනා වුණේ අපේ නර්තනය වෙන කිසිම රටක තියෙන නර්තනයට දෙවෙනි නොවන උත්තම කලාවක් කියල පෙන්වන්නයි. චිත්‍රා අපේ සම්ප්‍රදායික නර්තනයත් ඉන්දියාවට ගිහින් පෙරදිග නර්තනයත් හැදෑරුවා. ඊට පස්සේ ඒ දැනුම යොදාගෙන නව නිර්මාණ කළා.

අපේ සම්ප්‍රදායික නර්තනය ගැන වගේම නැටුම් ගුරුවරුන් ගැනත් චිත්‍රාට විශාල කැක්කුමක් තිබුණා. ඔවුන් රැකගත යුතු යි කියලා එයා කල්පනා කළා. බලාපොරොත්තු තැබිය හැකි ගුරුවරුන් හා ශිල්පීන් හඳුනාගන්න එයාට හැකියාවක් තිබුණා. ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට උදව් කළා.

නර්තනය ඉගැන්වීම පිළිබඳ පුහුණු ක්‍රම දියුණු කිරීම ඔහුගෙන් ඉටුවූ තවත් මෙහෙවරක්. මේ සියල්ල අතරින් මම හිතන්නේ ඔහු නර්තනය‍ට දැක්වූ ලොකුම උපහාරය තමයි එහි ගෞරවණීයත්වය ආරක්ෂා කිරීම. ඒ වගේම නර්තන ශිල්පීන්ට වෘත්තික පදනමක් ඇති කිරීම.

🔺 ගරු සම්මාන:
1991 දී කැලණිය විශ්වවිද්‍යාලයයේ සම්මාන ආචාර්ය උපාධියක් චිත්‍රසේනට හිමිවුණා. 1994 දී කලා භූෂණ සම්මානයෙන් ද, 1996 දී විශ්ව ප්‍රසාදිනී සම්මානයෙන් ද, 1998 දී දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් ද චිත්‍රසේන පිදුම් ලැබුවා. ප්‍රංශ රජය පිරිනමන ලද කීර්තිමත් Chevalier dans l’Ordre des Artes et des Lettres සම්මානය ඔහුට හිමිවුණේ 2005 දී යි.

🔺දිවිගමනේ නිමාව
චිත්‍රසේන 2005 ජූලි මස 18 වැනිදා මෙලොවින් සමුගත්තා. නමුත් ඔහුගේ බිරිය වජිරා, දියණියන් වන උපේකා සහ අංජලිකා සහ මිණිබිරියන් වන හේෂ්මා, උමී, සහ තජි සමග ඔහුගේ නර්තන උරුමය අඛණ්ඩව ඉදිරියට යමින් සිටිනවා. නාරාහේන්පිට ජනාකීර්ණ භූමිභාගයක දිළිසෙන ලී බිමකින් සහ ගඩොලින් බැඳි කෙටි බිත්තිවලින් යුතු වූ චිත්‍රසේන කලායතනයෙන් අදටත් බෙරහඬට පාද තබන රිද්මට අපට ඇසෙන්නේ ඒ නිසයි.

(roar.media වෙත කුසුම්සිරි විජෙවර්ධන ලියූ වාර්තාවකි)

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
00100