Sandeepa Jayasekera

Sandeepa Jayasekera

Share

Sandeepa Jayasekera is a lecturer in Accounting, Auditing, Management Accounting, a Trainer and a Motivational speaker. I studied in Ananda College.

07/02/2026

1953 වෙනකොට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (Per Capita Income) තිබ්බේ $150ක් විතර. ඒ වෙනකොට දකුණු කොරියාව, මහා කොරියානු යුද්ධෙන් පස්සේ අන්ත දුක්ඛිත තත්වෙකට වැටිලා තිබුණේ. දකුණු කොරියාවෙ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $153ක් විතර වුණා.

යුද්ධෙන් පස්සේ ආර්ථිකය බිංදුවටම වැටිලා, ලෝකෙ තිබුණ ලොකුම මුඩුක්කුවල මිනිස්සු ජීවත් වෙද්දි, රටම වෙනස් කරන්න හිතුව ව්‍යවසායකයෝ 5ක් හිටියා. එතනින් කෙනෙක් තමා ලී බ්‍යුන්ග් චුල් කියන්නේ.

ලී බ්‍යුන්ග් චුල් $30ක් ආයෝජනය කරලා මාළු කඩයක් පටන් ගත්තා. මාළුවලින් එළවළුවලට, ඊට පස්සේ ඇඳුම්වලට වෙනකන් ව්‍යාපාර පුළුල් කළා. ඊට පස්සේ එයා පටන් ගත්ත Electronic Items හදන්න. Televisions, Radios, Washing Machines, Refridgerators මේ ඔක්කොමත් එක්ක Mobile Phones හදන්න පටන් ගත්තා. සමහර විට මේ කතාව ඔයා කියවන්නෙත් එයාගේ සමාගමෙන් හදන Mobile Phone එකකින් වෙන්න පුළුවන්.

අද මේ සමාගමේ සේවකයෝ 264,000ක් වැඩ කරනවා. සමාගමේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 400කට වැඩි. එයාලා දකුණු කොරියාවේ දළ දේශීය නිෂ්පාදිතයට 23%ක විතර දායකත්වයක් ගේනවා. $30ක් දාලා මාළු කඩයක් විදිහට පටන් ගත්ත ඒ සමාගමේ නම ඔයා දැනටම ගෙස් කරන්න ඇති. ඔව්, ඒ තම Samsung සමාගම.

අද වෙනකොට දකුණු කොරියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය $36,024යි. ඒත් ලංකාවේ තාම $4,516යි. දකුණු කොරියාවයි අපියි 1953දි හිටියේ එකම මට්ටමේ. හැබැයි අද දකුණු කොරියාව අපි වගේ 8 ගුණයක් ඉහළින් ඉන්නේ. ඒක කළේ දේශපාලකයෝ නෙවෙයි, වෙනස් විදිහට හිතපු ව්‍යවසායකයෝ.

පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇයි අපිට බැරි අපේම ව්‍යවසායක ව්‍යාපාර සංස්කෘතියක් ඇතුලේ රටේ අනාගතය වෙනස් කරන්න.

ව්‍යවසායකත්වය ගැන ව්‍යාපාර ගැන ඉගෙන ගන්න කැමති ඔයා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න https://chat.whatsapp.com/B673G88LnkvGESEAP5ZvNd

මම සංදීප ජයසේකර
MBA (PIM-SJP), B.Sc. (Acct.) Hons. Gold Medal Winner, FCA, ACCA (UK), SAT, ACMA (SL), CIMA Passed Finalist, CA Prize Winner for AFR subject in Strategic Level II, CA First in Order of Merit Prize Winner in CAB II Level, CIMA Strategic Level Aggregate Prize Winner. Visiting lecturer at University of Colombo and University of Moratuwa.

30/01/2026

Getting the student feedbacks always make me humbly happy :-)
Thank you putha :-)

03/01/2026

I was honored to conduct the mock paper discussion for Corporate Level Mock Paper for Financial Reporting and Governance subject with Chandima Prabhath.
Thank you Chartered Accountants Sri Lanka for the opportunity.

28/07/2025

අධ්‍යාපනය කියන්නේ අත්තටු

ඉගෙන ගන්න ඕනි කියන එක ඔළුවට ආවෙම 7 වසරෙදි පන්තියේ 19 වෙනියා වුණාට පස්සේ. එච්චර කාලෙකට ඇත්තටම ඉගෙන ගන්න එක ගැන ලොකු වුවමනාවක් තිබ්බේ නෑ. 7 වසරට කලින් ඉතින් පන්තියේ නිකන් 13 වෙනියා 16 වෙනියා වගේ හිටියේ. 7 වසරෙදි 19 වෙනියා වුණාම තේරුණා කෙළ වේගෙන යන්න හදන්නේ කියලා.

8දී තමා වැඩේට බැස්සේ. ඉගෙන ගන්න ඕනි කියලා තදින්ම හිතුණා. Notes ටික පිළිවෙලට ලියන වැඩෙන් පටන් ගත්තා. Term test එකට පාඩම් කරන්න පොඩි plan එකක් ගහලා වැඩ කලා. 8 වසරේ පළවෙනි වාරෙන්ම 3 වෙනියා වුණා. පොඩි confidence එකක් ආවා. 8 වසරේ වාර 3ම 3 වෙනියා වුණා. පළවෙනි පාරට Subject Prize එකක් ආවා. ඒකත් සෞඛ්‍යයට 😅.

9දි වාර 3ම පළවෙනියා. 10දි, 11දි, 12දි, 13දි එක දිගටම පළවෙනියා වුණා. ඇත්තටම ආනන්දේ පළවෙනියෙක් වෙන එක ලේසි නෑ. හැබැයි ඒක මං කළේ කාත් එක්කවත් තරඟ කරලා නෙවෙයි. මම තරඟ කළේ මාත් එක්ක. My Personal Best කියන එක තමා Target එක වුණේ. ඉස්කෝලෙන් එළියට ආවේ වාණිජ අංශයේ දක්ෂතම ශිෂ්‍යයා විදිහටයි Prizes 20කට එහා අරන්. A/Lවලින් ලංකාවේ 11 වුණා කොළඹින් 03. අපේ ටීචර්ට නම් අප්සට්, පළවෙනි 10 අතරේ නෑ කියලා. මට නම් ගාණක් වුණේ නෑ. මොකද මට ඕනි වුණේ My Personal Best කියන එක නේ. ඒක ආවා නේ 😎

A/L කරන කාලෙම AAT කළා. A/L ඉවර වුණ ගමන් Chartered පටන් ගත්තා. ඒකේ CAB 2 Level එකේ ලංකාවේ පළවෙනියා වුණා. ඔය අතරේ ජ'පුරේ විශ්වවිද්‍යාලේ යන්න පටන් ගත්තා. ඒකෙත් හොඳම department එක වෙන Accounting Department තේරුණා. Training නැතුව Chartered Finals කරන්න බැරුව හිටපු කාලේ CIMA පටන් ගත්තා. ඒකෙත් Strategic level එකේ ලංකාවේ පළවෙනියා, ලෝකෙන්ම 11 වුණා (11 පොඩි අවුලක් තියනවා මගේ 😅). Chartered Strategic Level එකේ Advacnced Financial Reportingවලත් ලංකාවේ පළවෙනියා වෙන්න පුළුවන් වුණා.

Campus ජීවිතේ ඉවර කරේ Accounting Department Batch Top විදිහට Gold Medal එක අරගෙන. හැබයි ඒක මට විතරක් අයිති නෑ. යාළුවෝ (කිච ගැන්ග්, Soft Guyz, Back Raw Booties) එක්ක කරපු Group Assignment ටිකයි කුප්පි ටිකයි නැත්නම් ඒක නම් ගන්න තියා හිතන්නවත් බෑ. ACMA (SL)එකයි ACCA (UK) එකයි ගත්තා. ඒවා නම් Exemptionsවලින් ගත්ත ඒවා. මම කියලා විශේෂ දෙයක් කළේ නෑ (ගෙව්ව එක ඇරෙන්න). MBA එක කළා. ඒකත් PIM එකේ කළේ. ඒකට නම් පට්ට කට්ටක් කෑවා. හැබැයි මිනෝලියි අපේ A9 සෙට් එකේ පිහිටෙන් ඒකත් ගොඩ දැම්මා.

ඔච්චර ඉගෙන ගෙන මොනාද කරන්නේ?
හ්ම්ම් JMC එකේ CEO විදිහට ඉන්නෝ. පවුලේ බිස්නස් එක තමා. එහෙම කියලා ඉගෙන ගනනේ නැතුව සේවකයෝ 600ක් ඉන්න, ළමයි 10,000ක් ඉන්න, branches 18ක බිස්නස් එකක් Manage කරන්න අමාරුයි.

ආයේ කරන්නේ ඉතින් උගන්වන එක තමා. Chartered Accountancy, AAT, AL Accounting කරනවා. තව කොළඹ Campus එකේ උගන්වනවා. ඔය හැමතැනම මට හම්බ වෙන ළමයින්ට පුළුවන් විදිහට උදව් කරනවා. Teacher Training, motivation, podcasts, financial management workshops ඕවත් කරනවා.

හැමෝටම කියන්න තියෙන්නේ "හරි දේ හරි වෙලාවෙදි හරියට ඉගෙනගන්න" ඒක වරදින් නෑ.

රත්න ශ්‍රී සූරීන්ගේ ගංගාවේ ගීතයේ එන මේ කවිය ඇතුලේ මං උඩ කියපු හෑල්ලේ ඔක්කොම ටික තියනවා කැටි කරලා.

"ගංගාවක් වී ගලන්න උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට"

Photos from Sandeepa Jayasekera's post 30/05/2025

සංදීප ජයසේකර සර් කරපු මාස 5න් A3ක් ගන්න Game Plan වැඩසටහන ඔයා බැලුවද?

https://www.youtube.com/watch?v=Z8dXPUVbsI0&t=4289s

ඔයා 2025 AL කරන කෙනෙක් නම් මේක බලන්නම ඕනි වීඩියෝ එකක්. ඔයාට ALවලින් A3ක් දාලා Campus යන්න ඕනි නම් මේ වීඩියෝ එකේ තියන විදිහටම වැඩ ටික කරන්න.

මේකේ තියනවා හරියටම පේපර් එක කරන විදිය, සුපිරිම Study Plan එකක් වගේම නියම Study Tips ටිකක්. මේ ටික කරලා සර් කියන විදිහට ප්‍රශ්න පත්තර ටික කළොත් ගොඩම තමා. ඒ වගේම සර් දෙන Motivation එකත් පට්ට.

බලන්නකෝ ළමයින්ගේ Comments ටික!

සර්ගේ WhatsApp Group එකට එකතු වෙන්න https://chat.whatsapp.com/LxKZGYaXw930wDUIERfUeF

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo

Opening Hours

Monday 08:00 - 17:00