MR_Hash

MR_Hash

Share

සන්සුන් වීමට උත්සහා කරන්න, එවිට ඔබ සැමවිටම සතුටින් සිටිනු ඇත ��

18/02/2025

කවදාවත් තමන්ට නොසෑහෙන්න ආදරේ කරපු,
ඔයාව නොසෑහෙන්න පරිස්සම් කරපු,
ඔයාගෙන්ම විතරක් අවධානය, ආදරය බලාපොරොත්තු උනු,
චූටි දේටත් රණ්ඩුවෙවී ඔයාගෙන්ම විතරක් ආදරේ හොයපු,
ඔයාගෙන් විතරක්ම සැනසීම බලාපොරොත්තු උනු,

ඔයාව විතරක්ම විශේෂ කරගෙන ඉදපු කෙනාව නැති කරගන්න එපා..

මොකද ආයේ කවදාවත් එහෙම ආදරයක් ලැබෙන්නෙ නෑ.. ලබාගන්නත් බෑ..

අද කාලේ හොයාගන්න අමාරුම, ලේසියෙන් කෙනෙකුට නොලැබෙනම, වාසනාවටම හිමිවෙන දේ,

" අවංක පක්ෂපාතී ආදරේ " 🩵🍃

✍️

21/01/2025

💔✨️
මිනිහෙක්ට කරන්න පුළුවන් නරකම දේ වෙන්නෙ ඒ කෙනාගෙ නරක, වැරදි අඩුපාඩු සේරටම සමාව දීලා, එයාගෙ අඳුරුම පැත්තත් දැකලා එයාට "ඒකට කමක් නෑ. මං ඔයාට ආදරේ කරනවා" කියලා පොරොන්දු වෙලා, ඒ කෙනාව මගදි අහේතුකව ප්‍රතික්ෂේප කරන එක. මොකද එතනදි ඒ කෙනා තමන්ගෙ ඔලුව ඇතුලෙ හදාගන්න හොඳ, සතුටක් දැනෙන හැමදේම ආයෙත් බිංදුවටම බිඳ වැටෙනවා. මොකද මම අර කලින් කිව්වා වගේ කෙනෙක්ට එයාගෙ අඳුරුම පැත්තත් පිළිඅරගෙන ආදරේ කරද්දි ඒ කෙනා ජීවිතේ විඳින්න පුලුවන් හොඳම, සතුටුම හැඟීම විදිනවා. මොකද එයා එතනදි හොඳටම දන්නවා එයාව එයා විදිහට පිලිගන්න, ආදරේ කරන එකම කෙනෙක් හරි එයා වෙනුවෙන් ඉන්නවා කියලා.

හැබැයි එහෙම ආදරෙන් වැලඳගෙන එයාව අතෑරලා දැම්මම එයාගෙ ජීවිතේ තවත් අඳුරුම තැනකට එයා ඇදගෙන වැටෙනවා. ඒක මිනිහෙක්ට හරි අමාරු දෙයක්. වැදගත්ම දේ වෙන්නෙ එතනින් එයාට ආයෙත් හිටපු තත්වෙට එන්න අමාරු වෙනවා. සමහරු සදාකාලිකවම ඒ අඳුරු තැන හිරවෙලා විඳවනවා. තවත් සමහරු සදාකාලිකවම තමන්ට වෛර කරන්න පටන් ගන්නවා.

ඒ නිසා මිනිස්සුන්ගෙ ජීවිත වලට ගියාම කවදාවත්ම එයාගෙ අඳුරු තැන් දැනගෙන අතාරින්න බලාගෙන එයාව ආදරේ කරන්න වැළඳගන්න එපා. එක්කො එයාට ආදරේ නොකර ඒ වෙලාවෙම එයාව ප්‍රතික්ෂේප කරන්න. එහෙම නැත්නම් ඒ ආදරණීය වැළඳගැනීම සදාකාලික ආදරයක් විදිහට පරිවර්තනය කරලා ඒ කෙනා ලඟ හැමදාම ඉන්න. ඊට අමතර මොකුත් කරන්න එපා. මොකද ඒ කරන දේවල් ඔයාට comfortable උනාට, අමතක කරන්න ලේසි උනාට අනිත් කෙනාට ඒ දේවල් වලින් සදාකාලිකවම අපායක් නිර්මාණය කරලා දෙනවා. ඒකයි!

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo