TheTruth

TheTruth

Share

Join with us on our journey to find the world truth and beauty

13/06/2026

පරංගි නැව්වල යටිපතුල් විද මුහුදු පතුලට යැවූ හෙළයේ "මැරීන්" බලකාය!
ලංකාවේ ඉතිහාසය කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ මහා පර්වත මතුපිට ඉදිවුණු සීගිරිය, අහස සිඹින මහා ස්තූප, නැත්නම් මහා පරාක්‍රමබාහු රජතුමාගේ වැව් තාක්ෂණයයි. හැරී බලන්න අපේ නිල් පාට සාගර තීරය දෙස... එහි සැඟවී ඇති, ලෝකයම මවිත කළ සිංහලයන්ගේ නාවික යුධ තාක්ෂණය ගැන ඔබ අසා තිබෙනවාද?

මෙය පරංගි (පෘතුගීසි) වාර්තාවලම ලියැවී ඇති, කාලයේ වැලි තලාවට යට වූ අභිමානවත් කතා පුවතකි!

පරංගි Galleon නැව් හමුවේ නැඟී සිටි සිංහල "පදව්" යාත්‍රා
ක්‍රි.ව. 16 වන සියවස වන විට පෘතුගීසීන් සතු වූයේ කාලතුවක්කු පිරවූ, ලෝකයේ බලවත්ම සහ විශාලත්ම යුධ නැව් (Galleons) ය. කෝට්ටේ සහ සීතාවක යුගයන්හිදී අපේ වෙරළ තීරය ආක්‍රමණය කරන්නට පැමිණි මේ දැවැන්ත නැව් සමූහයට මුහුණ දීමට සිංහලයන්ට ද එවැනිම විශාල නැව් තිබුණි.

සිංහලයන් සතු වූයේ ඉතා වේගවත්, නොගැඹුරු දියේ මෙන්ම රළ රෙදි අතරේ ක්ෂණිකව හැරවිය හැකි "පදව්" (Padavu) සහ "තොනි" (Thoni) නමින් හැඳින්වූ සාම්ප්‍රදායික සැහැල්ලු යාත්‍රාවන් ද තිබුණි.

ලොව මුල්ම "නාවික කිමිදුම් ප්‍රහාරකයන්" (Navy Seals) අපේද?
පෘතුගීසි නැව් සමඟ මුහුණට මුහුණ ලා කාලතුවක්කු සටනකට යාම සියදිවි නසාගැනීමක් බව සිංහල සෙන්පතියන් දැන සිටියහ. එබැවින් ඔවුන් භාවිතා කළේ බුද්ධිමත් සහ අතිශය මාරාන්තික උපක්‍රමයකි.

රාත්‍රී කාලයේ කළුවර මුහුදේ පෘතුගීසි නැව් නැංගුරම් ලා තිබෙන විට, සිංහල නාවික හමුදාවේ අති දක්ෂ කිමිදුම්කරුවන් පිරිසක් රහසිගතව මුහුදට බසිති. ඔවුන් කිසිදු ශබ්දයක් නොනඟා, පරංගි නැව්වල මුරකරුවන්ට හොරෙන්, දිය යටින්ම පිහිනා ගොස් පෘතුගීසි නැව් අසලටම ළඟා වෙති.

යටිපතුල් විද නැව් ගිල්වීමේ තාක්ෂණය
ඔවුන් සතුව තිබුණේ විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ලී සහ යකඩ විදින අත් සරඹ (Drills) සහ කියත් ය. දිය යට සෑහෙන වේලාවක් හුස්ම හිරකරගෙන සිටීමේ පුදුමාකාර හැකියාවක් තිබූ මේ හෙළ වීරයන්, පෘතුගීසි යුධ නැව්වල ලී පතුල (Hull) සිදුරු කරන්නට පටන් ගත්හ!

එක් සිදුරක් නොවේ... නැවක් ක්ෂණිකව දියත් කරගත නොහැකි වන පරිදි පතුලේ ස්ථාන කිහිපයක්ම ඔවුන් විද දමති.

පසුදා උදෑසන වන විට පරංගි සොල්දාදුවන් අවදි වන්නේ තමන්ගේ දැවැන්ත යුධ නැව් තුළට මුහුදු ජලය වේගයෙන් ගලා එන මරණයේ ශබ්දයත් සමඟය! සතුරන් කලබල වී ජලය ඉවත් කරන්නට වෙහෙසෙන විට, සිංහලයන් ගොඩබිම සිට සහ තමන්ගේ වේගවත් "පදව්" යාත්‍රා මඟින් පැමිණ වටලා ප්‍රහාර එල්ල කර සතුරා මුහුදු පතුලටම යැවූහ.

මේවා සැබෑ ඉතිහාසයද? සාක්ෂි මෙන්න!
මෙය හුදෙක් ගොඩනැඟූ කතාවක් නොවේ. පෘතුගීසි ජාතික සුප්‍රකට ඉතිහාසඥයෙකු වන ෆර්නැන්ඩෝ ද ක්වේරෝස් (Fernão de Queyroz) විසින් ලියන ලද "The Temporal and Spiritual Conquest of Ceylon" (ලංකාව දේශපාලනිකව සහ ආධ්‍යාත්මිකව යටත් කරගැනීම) නම් ප්‍රසිද්ධ ඓතිහාසික ග්‍රන්ථයේ සිංහලයන්ගේ මේ අපූර්ව නාවික උපක්‍රමය ගැන පුදුමයෙන් යුතුව වාර්තා කර ඇත.

පෘතුගීසි කපිතාන්වරුන් පවා සිංහල කිමිදුම්කරුවන්ගේ මේ රහසිගත "දිය යට ප්‍රහාර" හමුවේ අසරණ වූ බව එහි සඳහන් වේ.

"සිය මව්බිමේ නිදහස වෙනුවෙන් දියඹ මුහුද මැද, රළ රෙදි අතරේ සතුරන් මවිත කළ ඒ අභීත හෙළ නාවික පරපුරට අපගේ ප්‍රණාමය...!"

ඔබට මේ වැනි සැඟවුණු ඉතිහාස තොරතුරු තවත් දැනගන්න ඕනෙද? Comment එකකින් කියන්න. Share කරලා මිතුරන්වත් දැනුවත් කරන්න!

08/06/2026

පසුකුවේ යුක්තිය ඉටු විය යුතු නැද්ද....?
පාස්කු නඩුවේ අවසන් නඩු වාරයෙන් පස්සේ පාර්ශව රැසක ලොකු කලබලයක් පේනවා.ඒ එක්කම ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් පැනවීම එක්ක ඒක ඩබල් වෙලා.එක පාරටම රට පුරා සලේට සෙත් පතලා බෝධි පූජා,උද්ඝෝෂණ,ෆේක් එකවුන්ට් වල පෝස්ට් එක දිගටම වැටෙන්න අරන්.ඒ සම්බන්ධව අත්ඩංගුවේ ඉන්න හිටපු බුද්ධි අංශ ප්‍රධානියාගේ අසනීප තත්ව,මානසික තත්ව පෙන්න පෙන්න හුඟක් අය හැමදාම මීඩියා ඉස්සරහට ඇවිත් කතා කරන්න පටන් අරන්.ලොකු කලබලයක් ඇත්තටම පේන්නේ.

යුද්දේ තිබුණ කාලේ 2006-2009 වගේ කාලේ සුරෙෂ් සලේ හිටියේ ප්‍රංශයේ.මතක විදියට 2012 සලේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වෙනවා.2019 ගෝඨාභය රාජපක්ෂ සලේව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ කරනවා.ශ්‍රී ලංකා ඉතිහාසයේ පොලිස් නිලධාරියෙකු නොවන හමුදා නිලධාරියෙකු මෙම තනතුරට පත් වූ පළමු අවස්ථාව ඒක.ඒ වගේම සලේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ඉතාම ලගින් හිටපු චරිතය කියන එක රහසක් නෙවෙයි

සලේ කියන්නේ 1987 ඉඳන් වසර 35කට වැඩි කාලයක් ආරක්ෂක සේවයේ හිටපු නිලධාරියෙක්.ඒ වගේම මෙරට වගේම විදේශ රටවල පවා ඉහළම පුහුණුවක් ලබපු නිලධාරියෙක්.එහෙම විශාල පුහුණුවක් ලබපු නිලධාරියෙක් මෙහෙම ටික කාලයක් අත්ඩංගුවේ ඉද්දි මානසික පීඩනය ඉහළ ගිහින් ජීවි,තය නැ,,Thi කර ගන්න යනවා කියන එක නම් මට නම් පෞද්ගලිකව පිළිගන්න බෑ.සාමාන්‍ය මට්ටමේ නිලධාරියෙක්ට උණත් එහෙම දරා ගන්න පුහුණුවක් යුධ හමුදාවෙන් ලැබෙනවා.

අපිට හිතා ගන්නවත් බැරි තරම් දේවල් පාස්කු ප්‍රහාරය අස්සේ හැංගිලා තියෙනවා කියලා දැන් නම් පේනවා.අපි කවුරුවත් දන්නේ නැති අපිට හිතා ගන්නවත් බැරි Deep State එකක් මේ රට අතුලේ තිබිලා තියෙනවා කියන එක පැහැදිලි.

ඉක්මනටම හැමදේම එළි වේවි.සලේ නිවැරදි කරුද,වැරදි කරුද,කවුද මේ අහස පොළොව නුහුලන අපරාධයට සහ,රාන් ඇතුළු කල්ලිය මෙහෙයවූවේ.කවුද ඒකට උදව් කරේ.ඒ සියල්ක මේ කලබලයට හේතුවත් ඒ එක්කම එළියට ඒවි.

බිල්ලන් කලබල ඌ පමනින් ඔබ කලබල විය යුතු නැත.කිසිදු වරද කරුවෙකුට නීතියෙන් ගැලවීමක් නැත.
゚viralシ #පාස්කුව #

05/06/2026

゚viralシ

03/06/2026
31/05/2026

මා දුටු පල්ගලේම වනචරයා
අටමස්ථානයේ සුනඛයා

කතාව පටන් ගන්නේ මීට අවුරුදු පහකට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයෙනි.

ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයෙන් රුවන්වැලි සෑය අසල පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි.
එකල ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මටද අප වීඩියෝ මාධ්‍ය කණ්ඩායමටද එම අවස්ථාව ආවරණය කර දෙන මෙන් නිල ඉල්ලීමක් සිදුකර තිබුණි.
ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ද ශ්‍රී ලංකා ගුවන් ස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පුද්ගලිකවම අප වෙත ලබා දුන් බැවින්
රුවන්වැලි සෑය අබියස වැඩසටහන ආවරණය කිරීම සඳහා අප කොළඹින් පිටත්වීමු.

රුවන්වැලි සෑය අසල ඩ්‍රෝන කැමරා දර්ශන කීපයක් ලබා ගැනීමට තිබූ බැවින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් හා එවකට සිටි පොලිස්පතිවරයාගෙන් ලිඛිත අවසරයක්ද ලබා ගැනීමට කටයුතු කළෙමි.

පිරිත් සජ්ඣායනාවඅස්සේ අප ඩ්‍රෝන යානය ගුවන් ගත කළෙමු. රුවන්වැලි සෑය කෙලවලේ ස්වාමීන් වහන්සේ නමක් අඳුරේ කාන්තාවක් බදාගෙන සිටිනු ඩ්‍රෝන ක්‍රියාකරු දැක තිබුණි.
ඩ්‍රෝන යානයේ විදුලිය ආලෝකය ඒ හාමුදුරුවෝද දකින්නට ඇත. විනාඩි කිහිපයක් තුළ අප ඩ්‍රෝන ක්‍රියාකරු වෙත පාතේගම වනචරයා මෘගයෙක් සේ කඩා පැන අතින් පයින් පහර දෙන්නට විය.
වහාම ඩ්‍රෝන යානය බිමට පාත් කරන ලෙසත් එහි පටිගත කළ මෙමරි උපාංගය ඔහු වෙත ලබාදෙන ලෙසත් තර්ජනය කරන ලදී. තවත් රුවන්වැලිසෑයේ සිටි මැරයෝද පොලිස් නිලධාරින් කිහිප දෙනෙක්ද ඔහු කැඳවූ අතර මා වහ වහා පොලිස්පතිවරයා සහ ගුවන් හමුදාව විසින් ලබා දුන් අවසර පත පල්ගලේම වනචරයාට ලබාදුනෙමි. අනිවාර්යයෙන්ම අනඳ රැගුම පටිගත වී තිබීම හේතුවෙන් පල්ලේගම අවසර අවශ්‍ය නොවීය.
පොලිස්පතිවරයාගේ අවසරය දුටු පොලිස් නිලධාරීන් මඳක් පසුබා සිටි අතර කෙට්ටු උසැති සාමණේර නමක්ද මට පහර දීමටද පැන්නාය. සුදු පැහැති ඩෙනිමක් ඇඳගත් අවුරුදු විසිපහක් යයි සිතියය හැකි තරුණියක්ද හාමුදුරුවන්ගේ මැර පිරිස විසින් ඊට මඳක් ඔබ්බෙන් ඉවත් කරගන්නා අයුරුද අප දුටුවද පාතේගමගේ බලය හමුවේ අප අසරණ විය.
ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අනෙකුත් නිලධාරිනුත් අප බේරාගැනීමට ගැනීමට ඉදිරිපත් වුවද කිසිසේත් එය කළ නොහැකි බව මේ චීවරධාරියා පැවසුවේ වෙවුලමිනි.
පසුව එකල අටමස්ථානාධිපති සිටි නායක ස්වාමීන් වහන්සේට මා දුරකථනයෙන් අමතා සිදුවූ විපත පැවසූයේ විහාරස්ථානයේ වෙනත් පණ්ඩිත ස්වාමීන් වහන්සේ නමක් වෙත උන්වහන්සේ දුන් නියෝගයකට අනුව මේ දුෂ්ඨ අමන පාපතර චීවරධාරියාගෙන් අප ඩ්‍රෝන යානය ලබා ගත්තද සියලුම පටිගත කිරීම් මකාද අමා තිබුණි.
මේ භික්ෂුව සාසනයට කළ මඟුලක් නැත.හොර ගෑනු පොර අඹුවන් මදි වාට මේ පාර මේකා කුඩා දැරියෙකුගෙනුත් සැප ගෙන ඇති බව ඔප්පු වී හමාරය.

අහිංසක බැතිමතුන් පූජා කරන අටපිරිකර වේයෝ කන තරමට තබා මුදලාලිලාට විකුණා මේ හොර ගණ ගෙඩියා ලබාගත් මුදල් අපමණය. කොළඹ පැත්තේ ගැහැණියක ලවා මුදල් පොලියට දෙන ආයතනයක් ද පවත්වාගෙන යන බව සමහරු වටින් ගොඩින් පැවසුවද අටමස්ථානාධිපතිව දැන් මිනිසුන් සූරා කන මේ ගෑනු හොරාට විරුද්ධව කතා කිරීමට අනුරාධපුරේ අහිංසක වැසියන්ට හැකියාවක් නැත.

තවත් අහිංසක දැරියන් ගැහැණුන් කී දෙනෙක් මේ සිවුර පොරවා ගත් හොර වනචරයා විනාශ කර ඇත්ද.සිවුර ගලවා වෘෂණ කෝෂ මිටියකින් තැලිය යුතු වල් පරයා තවත් කෙලෙස සැඟවී ඉන්නද.වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
බුද්ධ ශාසනයට වින කටින මේ තිරිසනා හාමුදුරු නමක් නොව තිරිසනෙකු බව මා දැනගත්තේ මීට වසර පහකට කලිනි. අස්වාභාවික ලිංගික ආශාවකින් පෙළෙන මේ මොංගල් චරිතය මීට වසර ගණනාවකට පෙර මියගිය විජය මෛත්‍රී නැමැති හාමුදුරුවන්ගේද සහාය ඇතුව කඩවත පැත්තේ තරුණියක් පන්සලට ගෙන්වා ගෙන එළිවනතුරු වේවැල් පහර දුන් බවද මා දැනසිටියද අද වන විට විජය මෛත්‍රී ද එම තරුණියද මෙලොව හැර ගොස් ඇති බැවින් නිහඬව සිටියෙමි.මේ මිනිසාට සුදුසු දඬුවම් දී අර අහිංසක දැරියටත් වී ලෙන අහිංසක අනුරාධපුරේ මිනිස්සුන්ටත් සාධාරණය ඉටු ඉටු කර දෙන මෙන් සියලු බලධාරින් ඉල්ලා සිටිමි.
පාපතර අටමස්ථානාධිපති මහල්ලා අපායට යැවීම ස්වභාවධර්මය සිදු කරනු ඇත

මාධ්‍යවේදී සාගර සම්පත් ජයසිංහ

උපුටා ගැනීමකි,කතෘ අයිතිය මුල් හිමිකරුට
#අටමස්ථානයට

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha
Colombo
11000