SRI EAGLE

SRI EAGLE

Share

socially, politically and funny

23/11/2025

අපි ආයු බෝට්ටුවට ගොඩ වෙනවා වගේ… ආයු බස් එකටත් ගොඩ වෙමු 🛶🚌 මේක නම් මරු 🫡
Ayu - ආයු - The Movie

🎬🇱🇰

13/11/2025

~මිරිස්ස වෙරලේ කෑල්ලක් නිසා ඩෙගා නැටූ ජගත් මනුවර්ණ~
පොලිසියේ උ න්ට මේව පේන්නෑ උ න් මර නින්දේ.

17/10/2025

නූතන සිනමාවේ අනාගතය වෙනුවෙන් සිදු කෙරෙන වර්තමාන ආයෝජනය - සැන්ඩ්‍රා

සැන්ඩ්‍රා, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න නිෂ්මි කියන්නේ ලංකාවේ සිනමා අහස් ගැබේ පායපු අලුත්ම තාරකාවිය යි. හැමෝම ෆිල්ම් එක ගැන, ඒක ඇතුළෙ හැංඟිලා තියෙන දේවල් ගැන කතා කරද්දි මට හිතුණා මේ අලුත් තාරකාවිය සහ ඇයගෙන් අනාගත ලාංකේය සිනමාවට සිද්ධ වෙන බලපෑම ගැන මගේ අදහස ඉදිරිපත් කරන්න.

ඇත්තටම සැන්ඩ්‍රා කියන්නේ unique ලස්සනක් තියෙන කෙනෙක්. රිදී තිරයේ දකින්න ලැබෙන එකම විදියේ රූප අතරේ ඇස් මොහොතකට නතර වෙන, ඒ නතර වෙන ඇස් දිගටම රඳවලා තියාගන්න පුළුවන් විදියේ රූපයක් ඇයට තියෙනවා. ආයු චිත්‍රපටයේ තියෙන හැම දර්ශනයකම වාගේ ඇය සිටියත්, ප්‍රේක්ෂකයින්ට එයින් බාධාවක් ඇති නොවෙන්න ඒක එක් හේතුවක්.

ඒ වගේම තමයි චරිතයට ආවේශ වීමට ඇයට තියෙන හැකියාව. ඒකට හොඳම උදාහරණය තමයි නිෂ්මි. මොකද නිෂ්මි කියන්නේ ඕනෑම නිළියකට පණ පෙවිය හැකි ආකාරයේ චරිතයක් නෙමෙයි. ඒ චරිතය සරල සුන්දර තැනක ඉඳන් සංකීර්ණ තැනක් දක්වා විහිදෙන එකක්. ඒ වගේම ඒ චරිතයේ සියුම් තැන් රාශීයක් තිබෙනවා. ඒ සෑම සියුම් ස්ථානයක්ම ප්‍රේක්ෂකයාට සමීප කරවන්න හැම කෙනෙක්ටම බෑ. ඒකට සැන්ඩ්‍රා වගේ ප්‍රතිභාන්විත නිළියක්ම ඕනෑ.

අනිත් එක තමයි චරිතයෙන් පිළිබිඹු වෙන නිහඩ ජවනිකා. මොකද නිහඬ ජවනිකාවක් කියන්නේ දෙබස් දහසකින් කියවෙන දේවල් නිහඬව හැඟීම්වලින් ප්‍රදර්ශනය කිරීම. ඒ විදියට ගත්තාම චිත්‍රපටයේ ඇතැම් දර්ශන එක්ක සංසන්දනය කරලා බලද්දි සැන්ඩ්‍රා කියන්නේ මෑත කාලයේ නිහඬ ජවනිකා ඉතාමත් හොඳින් රඟදැක්විය හැකි රංගන ශිල්පිනියක්.

මේ විදියට බලද්දි අනාගත ලාංකේය සිනමාවේ උන්නතිය කරා යන ගමනේදී චත්‍ර වීරමන් හෙළ සිනමාවට හඳුන්වා දීපු සැන්ඩ්‍රා කියන්නේ මැණික් කැටයක්. නිකන්ම නිකන් මැණික් කැටයක් නෙමෙයි. දිදුළන නිල් මැණිකක්.

14/10/2025

ෆිල්ම් එකක් නිසා සංවේදී වූ යුරේනි..
ඒ ෆිල්ම් එක මාරයි...

01/09/2025

⭕ සෙව්වන්දි ඩුබායි පැන්නා..

පද්මේ විසින් හෙළිදරව් කරයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo