Bauddhaloka Foundation

Bauddhaloka Foundation

Share

To provide and or promote Buddhist education and cultural knowledge to children. To encourage and support animal welfare programs and activities.

31/03/2026

සදහම් සිසිලෙන් සිත් සනසාලන පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

තෙරුවන් සරණයි!

Photos from Bauddhaloka Foundation's post 05/02/2026

පාණදුර, පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනෙහි පුස්කොළ පොත් සංරක්ෂණ කර භාරදීම

1900 මාර්තු මස 11 වන දින අරඹන ලද දියත පුරා කීර්තිය පැතිර වූ උගතුන්, පඬිවරුන් රැසක් බිහි කළ වසර 125 කට අධික ඉතිහාසයක් ඇති පානදුර පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන සතුව පැවති ඉපැරණි පුස්කොළ පොත් 306 ක් බෞද්ධාලෝක පදනමෙහි පූර්ණ මූල්‍යමය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පූර්ණ තාක්ෂණික දායකත්වයෙන් සංරක්ෂණය කර නැවත එම විහාරස්ථානය වෙත භාරදීම එම පිරිවෙනෙහි වත්මන් පරිවේණාධිපති අධ්‍යාපනපති, ශාස්ත්‍රපති පූජ්‍ය තෙරුන්නාන්සේගම නන්ද ස්වාමීන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද පුස්තකාල සහ විද්‍යාපන අධ්‍යයන අංශයේ පූජ්‍යපාද බෝපැත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සහ බෞද්ධාලෝක පදනමෙහි සභාපති ජගත් සුමතිපාල මහතා, සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු එම පදනමේ නියෝජිතයින් ද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය උදය කබ්රාල් මහතා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 06 වන දින එම පිරිවෙන් භූමියේ දී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි.

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


491, Galle Road, Colombo/03
Colombo
00300