LKNews

LKNews

Share

Bringing you unbiased information and the latest news updates

26/08/2025

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

🟢 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗢𝗨𝗥 𝗪𝗛𝗔𝗧𝗦𝗔𝗣𝗣 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟:
https://whatsapp.com/channel/0029VaEuVNRLI8YcKlWscB3W

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
00200