Note Birds by Lilac_
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Note Birds by Lilac_, Shopping Service, Colombo.
22/04/2026
06/03/2026
🧙♀️ Vibration එක ඉහළ නංවා ගන්නේ කොහොමද ?
✔️වචන පාලනය කරන්න
"මට බැහැ", "මම අවාසනාවන්තයි" වගේ වචන පාවිච්චි කරන එක අදම නතර කරන්න. ඒ වෙනුවට බලගතු ස්වයං යෝජනා (Affirmations) පාවිච්චි කරන්න. මම හැමදාම ඒවා නිතරම ඔයාට උදේම පේන්න පෝස්ට් කරන්නේ අන්න ඒ නිසා..
✔️වටපිටාව පිරිසිදු කරන්න
අඩුවෙන් කතා කරන, හැමදේටම බණින මිනිස්සුන්ගෙන් ටිකක් ඈත් වෙන්න. ඔව් ඔයා ඔයාගේ සර්කල් එක පිරිසිදු කරගන්න ඕනේ.
✔️කෘතඥතාව
ලැබුණු පුංචි දේ ගැන පවා හදවතින්ම සතුටු වෙන්න. ඒක තමයි කම්පනය වැඩි කරන වේගවත්ම ක්‍රමය. ස්තුතිවන්ත වීම කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ ලස්සන කරන හොඳම පුරුද්ද !
✔️භාවනාව සහ නිහඬතාව
දිනකට විනාඩි 10ක්වත් නිහඬව ඉන්න. ඒකෙන් ඔයාගේ විසිරුණු ශක්තිය නැවත එකතු වෙනවා.
✔️ සොබා දහමට ළං වෙන්න..
ෆෝන් එක ටිකක් ඈත් කරලා ගස්කොළන් අතර තනිවෙන්න. ඒ වගේම පොත් කියවන්න...
වයිබ්‍රේශන් එක ඉහලට අරන් එන ක්‍රම ගැන මම කලිනුත් කතා කරලා තිබුණා..
ආකර්ෂණ නීතියෙන් කියන්නේ ඔයාට ඕන දේ ලැබෙනවා කියන එක වුණාට, කම්පන නීතියෙන් කියන්නේ ඔයා යම් frequency එකක ඉන්නවාද, ඒ frequency එකට ගැලපෙන දේ ඔයාට ලැබෙනවා කියන එකයි. ඒ නිසා ලැබෙන දේ ගැන වද වෙන්න කලින්, ඔයාගේ ඇතුළාන්තයේ කම්පනය හෙවත් inner Vibration ගැන අවධානය යොමු කරන්න...!!!
-Gumiho's Whispers-
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo