Night Thoughts

Night Thoughts

Share

❤The Lover's Paradise❤

28/09/2025

ජීව්තේ සමහර තැන් තිබුනා අපිට, ඉන්නවද නැද්ද කියල තීරණේ කරගන්නවත් අමාරු තරම් අපි ප්‍රශ්න අස්සෙ අතරමං වුනු..
ඉරිසියාව,වැරදි වටහාගැනීම්,ඒ වැරදි වටහාගැනීම් නිසාම ආයෙමත් ඇතිවන ඉරිසියාව නිසා ඇතිවුනු ප්‍රශ්න අපිව අමු අමුවෙ ඇවිලුව...
ඒ ගින්නම භාහිර පාර්ශවයන් එකතුවෙලා තව අවුලපු අවස්තා තිබුනා...ලෝකෙම වෙන් වෙන්න කියල බල කරල මානසිකව වට්ටල ජීවිතේම එපා කරවපු අවස්තා අපිට තිබුනා...
මේ හැමදේම එක්ක අපිට අපිව නැතිවෙන්න යනවා කියල දැනෙන පළවෙනි තප්පරේම,බදාගෙන අඬල හරි, ප්‍රශ්නෙ ඇතිවුනෙත් අපිට අපිව නැතිවෙයි කියන බයටමයි නේද කියල ආයෙමත් සාවධානව තේරුම් ගන්න පුලුවන් තරම් බැදුණු ශක්තිමත් බැදීමක් තියනව කියන්නෙම මටනම්, මනුස්සයෙක් හැටියට මාරම ජයග්‍රාහී හැඟීමක්....
ආදරේ අතින් මං ජීවිතේ දිනුම්....
මොනදේ උනත් අත් හරින්න හිතෙන්නැති තරම් හදවතින් බැදුණු බැදීම්,අහේතුකව ඇබ්බැහිවෙලා ආදරේ කරන අවංක ආදරණීය ම මිනිස්සු,හැමෝටම ලැබෙන්නෑ...
ආදරේ මං ලස්සනට දැකල තියන සමහර තැන් තිබුනා...
හැබැයි ඒ හැමතැනකට ම වඩා මං ආදරේ ලස්සනටම,හාස්කමක් විදියට දැක්කෙ අපි ලඟ...
මොකද,

අපිට අපේ ආදරේ අත හරින්න වේවිද කියල හිතන හැම මොහොතකම,අපේ ආදරේ අපිව අතනොහැර හයියෙන් අල්ලන් ඉන්නව කියල මට හොදටම දැනුනා....♥️💐

-LILY-

✨Night Thoughts

01/05/2025

සසර සරනා තුරාවට මට
අවැසි දෑත නම්
නුඹේමයි..
හැරී බැලුවම අපි ආපු දුර
ඒකනම් හීනයක්
තමයි..

හිත හොයපු මියුරුතම පෙම්
සුවඳ මට දැනුනේම ඔය
තුරුලෙමයි..
පැතූ සෙනෙහෙ මහමෙරක්
ලෙස මට හිමි උනෙ ම
නුඹගෙන් තමයි..

මේ හැටිම ගැඹුරුයිද ප්‍රේමය,
හැඳින්නෙත් මං
නුඹෙන්මයි..
පෙමට තව නිර්වචන කුමටද
මං දන්නෙ නුඹෙ නම
විතරමයි..

ඉදින් මගෙම වූ
නුරා සඳවත,

සදා පායන් සිත් අහස මත
නුඹට මගෙ,
ආත්මෙ ම පවරලා
ඉවරයි...❤

-LILY-

✨Night Thoughts

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo