SL Knowledge Bank
Knowledge is here
29/01/2026
අතුරුදන් වූ ඇමරිකානු ගම්මානය !
ඇමරිකානු ඉතිහාසයේ පැරණිතම හා තවමත් විසදී නොමැති අභිරහසක් ගැන තමයි අද මේ කතාව.
වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදය ලෙස අපි විසින් හදුන්වන ලෝක බලවතා ප්‍රාන්ත 50 කින් සෑදුන විශාල භූමි ප්‍රදේශයකට හිමිකම් කියනු ලැබේ. නමුත් අද මේ කතාවට පසුබිම් වන්නේ එංගලන්ත ජාතිකයන් විසින් ඇමරිකානු භූමියට මුහුදු මාර්ගයන් ඔස්සේ පැමිණ ඉංග්‍රීසි ජනාවාස පිහිටුවීමට උත්සහා කල මුල් අවධියයි.
එකල එංගලන්තයේ මහා ධනවතෙක් වූ වෝල්ටර් රැලේගේ (Walter Raleigh) මූල්‍ය අනුග්‍රහය සහිතව 1585 වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් නෞකාවකින් ඇමරිකාවේ වර්තමානයේ නම් උතුරු කැරොලීනා ප්‍රදේශයේ රැනෝකේ (Roanoke) නම් ප්‍රදේශයට පැමිණ කොලනියක් පිහිටුවා ගැනීමට කටයුතු කරන ලදි. කොලනිය පිහිටුවා ගත්තද ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් නිසි ආකාරයෙන් නොමැති වීම හේතුවෙන් උත්සාහය අතහැර දැමූ මෙම කණ්ඩායමට නැවත එංගලන්තය කරා යෑමට සිදුවී ඇත.
ඇමරිකාවේ කොලනියක් පිහිටුවන උත්සහය අත්නොහැරි වෝල්ටර් රැලේ නැවතත් ඔහුගේ මූල්‍ය අනුග්‍රහය යටතේ 1587 වසරේදී පුද්ගලයන් 115 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නැවතත් රැනෝකේ ප්‍රදේශයට එවීමට කටයුතු කර ඇත. මෙම කණ්ඩායමට මෙම අවස්ථාවේදී නායකත්වය දී ඇත්තේ කපිතාන් ජෝන් වයිට් නම් පුද්ගලයෙක් විසිනි.
නැවත වතාවක් රැනෝකේ ප්‍රදේශයේ කොලනියක් පිහිටුවීමට කටයුතු කරන මෙම පිරිස නිවාස හා ආරක්ෂිත වැටවල් වලින් සමන්විත ගම්මානයක් ඉදිකර ඇත. එම කොළනියේ නායකයා වූයේ කලින් සදහන් කල කපිතාන් ජෝන් වයිට්ය.
කොලනිය නැවත පිහිටුවීමෙන් වසරකට පසු එනම් 1588 දී නැවත සැපයුම්හි හිගතාවයන් පැන නැගීම හේතුවෙන් නැවත සැපයුම් රැගෙන ඒමේ අරමුණ ඇතිව ජෝන් වයිට් එංගලන්තය බලා නැව්නැගීමට කටයුතු කර ඇත.
මෙලෙස එංගලන්තය කරා යන ජෝන් වයිට් හට බලාපොරොත්තු වූ ආකාරයට නැවත රැනෝකේ කරා ඒමට හැකි නොවන අතර ඊට හේතුව වන්නේ ඔහු එංගලන්තයට ආ සැනින්ම එංගලන්ත හා ස්පාඤ්ඤ හමුදා අතර විශාල මුහුදු සටනක් ඇති වීමත් ඔහුගේ නාවික ගමනට අවශ්‍ය නෞකාවක් සොයා ගැනීමට ඔහු අසමත් වීමත් වේ. මෙම යුද්ධය සදහා එංගලන්තයේ තිබූ සියළුම නෞකාවන් යොදවන ලෙස පළවෙනි එළිසබෙත් රැජිණ නියෝග කිරීම නිසා මෙලෙස ඔහු හට නෞකාවක් සොයා ගැනීම අපහසු වී ඇත.
කෙසේ නමුත් අවසානයේදී වසර දෙකකට පසුව එනම් 1590 වසරේදී ජෝන් වයිට් නැවත රැනෝකේ කොලනියට පා තබන අතර තමන් විසින් කොලනියේ නවතා ගිය තම බිරිඳ ,දියණිය හා ඔහුගේ මිණිබිරිය දැකීමේ ආසාවෙන් කොලනියට එන ජෝන් වයිට් පුදුමයෙන් පුදුමයට පත්වී ඇත. මීට වසර තුනකට පෙර තමන් සමග කොලනිය පිහිටුවීමට ආ 115 දෙනා ඇතුළු පිරිස ඉතා අභිරහස් ලෙස අතුරුදහන් වූ පාළුවට ගිය කොලනිය පමණක් ඔහුට හමුවී ඇත.
කොලනිය හා ඒ අවට කෙතරම් පරීක්ෂා කලත් කොලනියේ ජීවත් වූ අය පිළිබදව කිසිදු සළකුණක් සොයා ගැනීමට ජෝන් වයිට් හට හැකි වී නොමැත. කොලනියේ ඉදිකර තිබූ නිවාස මේ වන විට විනාශ වෙමින් තිබු නමුත් කිසිදු ආක්‍රමණයක් හෝ යම් ප්‍රහාරයක් එල්ල වූ ලක්ෂණ කොලනිය දෙසින් දිස්වී නොමැත. එසේම කොලනිය වටා ඉදිකල වැට ඉතා ආරක්ෂිතව මේ වනතෙක් තිබීම නිසාවෙන් යම් අමෙරිකානු ස්වදේශීය කණ්ඩායමක් හෝ යම් වෙනත් කණ්ඩායක් විසින් ප්‍රහාරයක් එල්ල වූ බවටද විශ්වාස කිරීමට නොහැකි වී ඇත.
මෙසේ තම පිරිස පිළිබදව පරීක්ෂා කරමින් යන ජෝන් වයිට් හට කොලනියේ ගසක සළකුණු කර තිබූ යම් වචනයක් දක්නට ලැබී ඇති අතර මෙහි ඉංග්‍රීසි අකුරු වලින් 'Cro' ලෙස පමණක් සදහන්කර තීබී හමුවී ඇත. කොලනියේ ඉතිරිවී තිබූ එකම සළකුණ මෙය වීමත් සමග එහි ජීවත් වූ පිරිසට අත්වූ ඉරණම අදටත් නොවිසිදුන අභිරහසක් ලෙස ඉතිහාසයට එක්විය.
මෙම අභිරහස පිළිබදව සොයා බැලූ ගවේෂකයන්ට අනුව ගසේ කොටා තිබූ 'Cro' යන වචනය එම කාලසීමාවේ එම ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වූ Croatoan නම් ස්දේශීක ජන කණ්ඩායම පිළිබදව යම් සදහන් කිරීමක් විය හැකි බවට මතයන් පලවී තිබුනත් කොලනියේ සිටි ජනතාව ඔවුන් අතින් ඝාතනය වූ බවට හෝ ඔවුන් සමග මිත්‍ර සබදතාවයන් ගොඩනගාගෙන ඔවුන් සමග ජීවත් වූ බවට හෝ කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට මේ වන තෙක් නොහැකි වී ඇත. මේ හේතුවෙන් සියවස් කිහිපයක් තිස්සේ මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් විවිධ මතවාදයන් ගොඩ නැගී ඇති අභිරහස් ගම්මානයක් බවට රැනෝකේ ගම්මානය පත්වී ඇත.
මෙම සිදුවීමෙන් වසර 17 කට පමණ පසු ඇමරිකානු ඉතිහාසයේ ඉතාම වැදගත් ඉංග්‍රීසි කොලනිය වන ජේම්ස් ටවුන් රැනෝකේ ගම්මානයට තරමක් උතුරින් පිහිටුවීමට එංගලන්ත ජාතිකයන් පිරිසක් කටයුතු කරන ලදි. ඇමරිකානු ජානාවාසකරණයේ ඉතාමත් වැදගත් මං සලකුණක් ලෙස ජේම්ස් ටවුන් ඉතිහාසගත වී ඇත.
- SL Knowledge Bank
04/01/2026
ඇමරිකානු හමුදා අත්තඩංගුවට පත්වූ පැනමා මිලිටරි නායකයා.
පසුගිය 3 වෙනිදා ලොවම උණුසුම් කරපු ප්‍රවෘත්තිය උනේ වෙනිසියුලානු ජනාධිපතිවරයාව ජීවග්‍රහයෙන් වෙනිසියුලාව තුලදීම අත්අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ඒම වීම පුදුමයක් නෑ..ඒක ඒ තරම් විශිෂ්ට මෙහෙයුමක්.
නමුත් මේ විදිහට තවත් රටක බලයේ සිටන රාජ්‍ය නායකයෙක් අත්අඩංගුවට ගෙන රැගෙන යාම ලෝක සම්මුතීන්ට කෙතරම් ගැලපෙනවාද කියන එක මේ වන විට ගොඩක් ලොකු සාකච්ඡාවක් වෙලා තියෙනවා. කොහොම නමුත් මේ විදිහට වෙනත් රටක පාලකයන් බලයෙන් පහ කිරීම නම් ඇමරිකාවට අළුත් දෙයක් නම් නෙමෙයි.
මීට හරියටම අවුරුදු 36 කට පෙර එනම් 1990 ජනවාරි 3 වෙනිදා පැනමාවේ හිටපු පාලකයා වූ Manuel Noriega අත්තඩංගුවට ගැනීමත් මේ අකාරයෙන් ඇමරිකාව සිදුකල තවත් මෙහෙයුමක්.
1934 උපත ලබපු Noriega පළමුව පැනමාවේ හමුදාවට සම්බන්ධ වෙනවා..ටිකෙන් ටික හමුදාවේ ඉහළට යාමට සමත් වෙන Norega 1968 දී පැනමාවේ සිදුවූ හමුදා කුමන්ත්‍රයෙන් පසු බලයට පත් වුන Omar Torrijos ගේ සමීපතයෙක් විදිහට වැඩකටයුතු කරමින් ඉන්නවා.
1968 දී ජාතික ආරක්ෂක බළමුළුවේ නිළධාරීන් විසින් ක්‍රියාත්මක කල මෙම කුමන්ත්‍රණයෙන් පසු එරට පාලකයා වෙන්නේ අපි කලින් සදහන් කරපු Omar Torrijos. ඔහු 1968 සිට 1981 දී ගුවන් අනතුරකින් මිය යන තෙක් එරට පාලකයා ලෙස (මිලිටරි නායකයෙක්) එරට පාලනය රැගෙන යාමට සමත් වෙනවා. ඔහුගේ ළගම සමීපතමයෙන් උන Noriega පැනමාවේ ප්‍රධාන බුද්ධි අංශ නිළධාරියා විදිහට රාජකාරි කටයුතු කරනවා.
කොහොම උනත් Noriega කියන්නේ පැනමාවේ බුද්ධි අංශ නිළධාරියෙක් විතරක් නෙමෙයි. වාර්තා වල දැක්වෙන විදිහට 1950 පමණ සිට ඔහු ඇමරිකානු CIA සංවිධානයේ වටිනාම බුද්ධි තොරතුරු සපයන්නෙක් විදිහටත් රහසේ කටයුතු කරමින් ඉදලා තියෙනවා.
1983 වසරේදී පැනමාවේ පාලකයා ලෙස පත්වෙන Noriega පැනමාව තුල විරුද්ධ මතවාදීන් දැඩි ලෙස මර්ධනය කරමින් දැඩි පාලනයක් පවත්වාගෙන යාමට කටයුතු කරනවා. කොහොම නමුත් මේ අතරවාරයේදී ඇමරිකාවේ සුවච කීකරු පුද්ගලයෙක් වූ Noriega හා ඇමරිකාවේ දීගය ටිකෙන් ටික නරක අතට හැරෙනවා.
Noriega ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා හා Noriega ගේ ප්‍රබල විවේචකයෙක් වූ එරට ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ Hugo Spadafora කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා.
ඇමරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීමේදී පැනමාව හරහා පහසුකම් සැලසීම වගේම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ Pablo Escorba සමග කටයුතු කිරීම වගේ ප්‍රබල චෝදනා රැසක් ඔහුට එරෙහිව ඇමරිකාව දෙසින් එල්ල වීමට පටන් ගන්නවා.
1988 දී ඇමරිකාවේ මියාමිහි විනිසුරු මඩුල්ලක් මගින් Noreiga ට එරෙහිව මත්ද්‍රව්‍ය වෙළදාම,මුදල් විශුද්ධීකරණය හා අනීතික මුදල් ඉපයීම් යන චෝදනා යටතේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරනවා.
මේ අතරම 1989 වන විට පැනමාව තුල දේශපාලන තත්ත්වය නරක අතට හැරීමට පටන් ගන්නවා. මූලිකවම 1989 පැවැත්වුනු ජාතික මැතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයා වූ Guillermo Endara පැහැදිලි ලෙස මැතිවරණය ජයග්‍රහණය කලත් එම ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින් Noriega බලයේ රැදී සිටීමට කටයුතු කිරීමට මීට හේතු වෙනවා.
මේ සියළු කරුණු කාරනා සිදුවූ පසුබිමකදී 1989 දෙසැම්බර් 15 වෙනිදා Noriega විසින් ඇමරිකා එක්සත් ජනපදය සමග පැනමාව යුධමය තත්වයක සිටින බව නිවේදනය කිරීමට කටයුතු කිරීම ඔහුගේ අවසානය සීඝ්‍රයෙන් ලගාවීමට මග පාදා දෙනවා.
මීට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය 1989 දෙසැම්බර් 20 දින පැනමාවට එරෙහිව ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු කරනවා. මෙහෙයුම හැදින්වුනේ "Operation Just Cause " ලෙසයි. 27,000 ක පමණ ඇමරිකානු හමුදාවක් පැනමාව ආක්‍රමණය කරන අතර පසුගිය මැතිවරණයේදී ජයග්‍රහණය කල විපක්ෂ අපේක්ෂකයා වූ Guillermo Endara ඇමරිකානු යුධ කදවුරක් තුලදී එදිනම පැනමාවේ ජනාධිපතිවරයා ලෙස දිවිරුම් දෙනවා.
ආක්‍රමණය සමග සැගවෙන Noriega 1989 දෙසැම්බර් 24 වෙනිදා පැනමාවේ වතිකානු තානාපති කාර්‍යාලයේ ආරක්ෂාව ලබාගන්නවා. නමුත් ඇමරිකාවේ දැඩි පීඩනය හමුවේ 1990 ජනවාරි 3 වෙනිදා ඔහුට ඇමරිකානු හමුදාවන් වෙත යටත් වීමට සිද්ධ වෙනවා.
යටත් වූ Noriega ඉක්මනින් ඇමරිකාවට රැගෙන යාමට කටයුතු කරනවා වගේම 1992 වසරේදී මත්ද්‍රව්‍ය වෙළදාම ඇතුළු චෝදනා වලට වසර 40ක සිරදඩුවමක් ඇමරිකානු අධිකරණය විසින් ලබාදෙනවා. පසුකාලීනව වෙනත් නඩු විභාග සදහා ප්‍රංශයට රැගෙන යන Noriega අවසානයේදී 2011 වසරේදී සිය මව් රටට රැගෙන විත් මානව හිමිකම් උල්ලංඝන චෝදනා වලට නැවත සිරදඩුවම් ලබනවා.
පැනමාවේ සිරදඩුවම් අතරතුරදීම 2017 වසරේදී සිය 83 වැනි වියේදී මිය යනවා.
නිකොලායි මදුරෝගේ ඉරණම කොහොම විසදෙවීද කියලා අපි බලන් ඉමු !!!!!
- SL Knowledge Bank
05/12/2025
සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව
1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි
2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි
3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල් 25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.
4. ඉහත කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල් 50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු 25,000යි. දෙන්නට වැඩිනම් 50,000)
5. විනාස වූ වී හා ධ්‍යාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි
6. විනාස වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු200,000යි
7. ලියාපදිංචි සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්
8. ලියාපදිංචිකොට ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්
9. විනාස වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්
10. ආපදාවට ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම 25,000යි
11. හානිවී ඇති ව්‍යාපාරික ආයතනකයට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්
12. පූර්න වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.
13. ඉඩමක් නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා දීමනාවක් ලබාදෙනව
14. අර්ධ වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි කාණ්ඩ හතරකට දීමට යෝජිතයි
15. මියගිය එක් අයෙක් සඳහා ලක්ශ 10යි
මීට
තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ❤️👊
Copied from Pandula Nayana Bandara
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo