Ridma Rajapaksha

Ridma Rajapaksha

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ridma Rajapaksha, Business service, Colombo.

05/07/2023

𝗦𝗶𝗺𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻 𝗧𝗵𝗲𝗼𝗿𝘆 - Nick Bostrom ( අප සිටින්නෙ පරිඝණක වැඩසටහනක් තුලද ?)

සිමියුලෙශන් තියරි කියල කිව්වම හැමෝම දන්න කාරණයක්.. ඒ වගේම ගොඩක් අය මේක විශ්වාස කරණවා වගේම මේ සම්බන්දව විශ්වාස නොකරන අයත් ඉන්නව.. ඒ කොහොම උනත් සිමියුලෙශන් තියරිය සෑහෙන දුරට පැතිරුන අද ඊයෙ ආව තියරි එකක් නම්.නෙවෙයි

මේක මන් හිතන්නෙ මිනිස් වර්ගයා හිතන්න ආරම්බ කරපු කාලයෙ ඉදන් මිනිස්සු තුල.කුතුහලයකින් තිබුණ කාරණයක්

ඔයාට එකම එක දවසක හරි හිතිලා ඇති අපි මේ ඉන්නෙ හීනයක කියල.. එහෙම නැත්නම් මේ දකින භෞතික දේවල් යම් කිසි විදියකින් ගොඩනගපු දේවල් කියල.. අන්න ඒ විදියට හිතපු අය ග්‍රීක යුගය තරම් පැරණි කාලය මෙන්ම මායා ශිශ්ටාචාර වල පවා ඉඳල තියනව.. ඒ නිසා මෙ සංකල්පය අලුත් එකක් නෙවෙයි මේකට ලොකු ඉතිහාසයක් තියනව

ඒත් අපි මෙ සංකල්පය දකින්නෙ මෙ මෑතක ඉඳන්.. ඉතින් හිතන්න අපි අද බාවිත කරන පරිඝණකයක් ඇතුලට සම්පුර්ණ මිනිසෙකු ඉපදීමෙ ඉදන් මරණය දක්වා හැසිරෙන විදිය ප්‍රොග්‍රැම් කරන්න පුලුවන් නම්.. අපට පුන්චි ගම්මානයක් ඒ හරහා ගොඩනගන්න පුලුවන් හැකියාවක් තියනව.. ඉතින් මෙ පුන්චි ගම්මානය ලෝකයක් වෙනකම් පුලුල් කරන්න පුලුවන් නම්.. ලෝකය විශ්වයක් තරම් පරිඝණක වැඩසටහනක අපට නිර්මානය කරන්න පුලුවන් තරම් සුපිරි කම්පියුටර් එකක් තිබ්බ නම් ඒ වැඩසටහන ඇතුලෙ ඉන්න අයට අපි වගෙම සිතිමෙ හැකියාවක් ලැබෙනව නේ ?

මේක ඇත්තටම අපට සැබෑවක් කරගන්න පුලුවන් මොකද GTA වගෙ ඕපන් වර්ල්ඩ් ගේම් මේ සම්බන්දව ප්‍රාතමික සැකැස්මක් විදියට අපට ගන්න පුලුවන්.. ඉතින් වැඩි කාලයක් නොයා මන් ඔය කලින් කිව්ව වගෙ කෘතිම බුද්දියක් සහිත මිනිසුන් සිටින ප්‍රෝග්‍රෑම් එකක් පොඩියට ගොඩනගන්න පුලුවන් වෙයි මොකද කියනව නම් වසරකට අපෙ පරිඝණක තාක්ශනය පෙර වසරෙ තිබ්බා වගෙ දෙගුණයකින් වැඩි දියුනු වෙනව.. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ අලුතෙන්ම හඳුන්වා දුන්න හොඳම සුපිරි පරිඝනකය මෙන් දෙගුණයක් මේ වසරෙ හඳුන්වා දෙන පරිඝණක තාක්ශනය වැඩි දියුනු වෙලා එන්නෙ..

ඉතින් ඔන්න ඔය විදියට කවුරු හෝ බුද්දිමත් ජීවින් පිරිසක් විසින් ගොඩනගපු විශ්වයක් තුල අප ජීවත් වෙනවා කියන සංකල්පය විද්‍යාඥ්ඥයන් සහ මහචාර්‍ය වරුන් විශ්වාස කරනවා..

ඉතින් මේ තර්කය 2003 වර්ශයේදි නික් බ්‍රොස්ට්‍රොම් කියන මහචාර්‍ය වරයා තමා ගේන්නෙ.. ඒත් 1999 වර්ශයේදි ආව The Matrix කියන චිත්‍රපටය මෙ සිමියුලෙශන් තියරි එක පාදක කරගන ගොඩනැගිලා තියනව

ඉතින් අනාගතයේදි අපට අපේම පරිඝණක වැඩසටහනක් නිර්මාණය කරල ඒ හරහා අපට අපි වගේම කෘතිම බුද්දියක් තියන ජීවින් ඉන්න විශ්වයක් නිර්මාණය කරන්න හැකි වේවිද

එහෙම නැත්නම් අපි ඒ තරමට දියුණුවක් ලබන්න කලින් වඳ වෙලා යයිද

එහෙමත් නැත්නම් අපි දැනටමත් ඉන්නෙ කවුරු හරි සුපිරි ජීවින් විසින් නිර්මාණය කල පරිඝණක වැඩසටහනක් ඇතුලෙද ?

ඔන්න ඔය කාරණා 3 තමා නික් බොස්ට්‍රොම් විසින් 2003 ප්‍රකාශ කලේ..

ඉතින් අපි දැනටමත් මොකක් හරි පරිඝණක වැඩසටහනක් ඇතුලෙ ඉන්න කෘතිම බුද්දිය තියන පිරිසක් නම් අපට මෙ විශ්වය ගවෙශණය කරගන්න කවමදාවත් හැකියාවක් ලැබෙන්නෙ නැත්නම් අපට මෙ විශ්වයෙන් පිට වෙන්නෙ මොනාද කියන එක හොයාගන්න ඇත්තටම බැරි වේවි

මේ තර්කය තවත් ඇත්ත කරනව ආගම් වල මැවුම්වාදය.. සෑම ආගමක පාහෙ දෙවියන් විසින් අපිව මැව්වා කියන දේ නිතරම අහන්න ලැබෙනව.. ආගම් වල නම් කියන්න අවශ්‍ය නැ ඔයා දන්න හැම ආගමකම ඒක තියනව.. සරලවම කිව්වොත් මෙලොවින් නැසී ගිය ආගම් වල පවා ඒ දේ ගැබ් වෙලා තියන්ව

ඇත්තටම අපි මැවුවද.. මෙ හැම දෙයක්ම ප්‍රොග්‍රැම් වෙලාද තියෙන්නෙ.. දිව්‍යලොක අපාය කියන්නෙ මෙ පරිඝනක වැඩසටහනෙ හොද සහ නරක කියල හදුන්වන තවත් ලෝක දෙකක්ද.. නිවන් අවබෝදය කියන්නෙ මෙ පරිඝනක වැඩසටහනෙන් මිදිලා යන්න ක්‍රමයක්ද ?

මේ දේවල් ඔප්පු කරගන්න සාක්ශි නැති උනත් විශාල උගතුන් පිරිසක් මෙ සම්බන්දව නියැලිලා ඉන්නව වගේම අපි මෙ ඉන්නෙ simulation එකක කියල හිතන්න 50%ක සම්බාවිතාවක් තියනව කියල ඔවුන් විසින් ප්‍රකාශ කරනව

මෙ සිමියුලෙශන් තියරි එක විශ්වාස කරන්න කියල කියන්නෑ මේ වගෙ දෙයක් ගැන විශ්වාසයක් පවතිනව කියල ඉගෙනගන ඉන්න එක හොඳ නිසයි මෙ ලිපිය දැම්මෙ. විශ්වාස කරණ නොකරන එක ඔයාගෙ වැඩක් .. මගෙ මතය මෙ දෙක අතර මැද තමා තියෙන්නෙ

වැඩිය මෙ ගැන හිතල ඔලුව විකාර කරගන්න එපා එහෙම උනොත් ඔයාට මෙ ලොකෙ ගහක් කොලක් හෙල්ලෙනව දැක්කත් එකම කුරුල්ලා එකම පාරෙ එකම දවසෙ දෙපාරක් යනව දැක්කත් ඔයාට එක එක එව්ව හිතෙන්න පුලුවන්. ඉතින් මෙ ගැන එකිනෙකාගෙන් අහන්න ගිහින් තේරුමක් නැ මොකද මෙ සම්බන්දව සාක්ශි නැහැ මේක සංකල්පයක් පමණයි දැනට..

R A P T O R  4X4 04/07/2023
Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo