Shan Jayarathna Films

Shan Jayarathna Films

Share

Directed By Shan Jayarathna

Photos from Shan Jayarathna Films's post 05/06/2026

මූව නන් හදන්න බෑ..

"මූව නන් හදන්න බෑ" කියලා සමහර වෙලාවට අතෑරලා දාන මිනිස්සු ඇතුළෙ ඇත්තටම ගේමක් ගහන්න උවමනාව තියෙන කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නවා. හැබැයි උන්ගෙ තියෙන සමහර දඟ වැඩ හින්දා අපිට අර ඇතුළෙ තියෙන උනන්දුව පේන්නැතුව යනවා. උන්ව ඇත්තටම හදන්න ඕනි නන් අපි හරියට උන් දිහා බලන්නෝන.. අන්න එහෙම උන් සෙට් එකක් ගැන තමයි මේ කියන්නෙ..
අපි සෙට් එක එකට වැඩ කරන්න පටන් අරන් අවුරුදු 3ක් වගේ වෙන්නෙ. මේ එකට එකතු වෙනකොට අපි ඔක්කොටම තිබුන ලොකුම වාහනේ තමයි බයික් එක.. මොකද මට ඒ වෙනකොට තිබුණ වාහනේ විකුණලා තමයි අපි ඩ්‍රාමා ප්‍රඩක්ෂන් කරගෙන ගියෙ. ඒ විකුණපු වාහනෙන් තමයි අපි හෙමින් හෙමින් අපේ ගමන පටන් ගත්තේ. ඊටපස්සෙ අපිත් එක්ක නිෂ්පාදකවරු එකතු වෙන්න පටන් ගත්තා. ඊටපස්සෙ අපේ ගමන ස්ථාවරව යන්න අපිට පුලුවන් උනා. අපි සෙට් එකෙන් මුලින්ම වාහනයක් ගත්තෙ මම. ඊටපස්සෙ අපේ කැමරා අධ්‍යක්ෂකවරයා චානු අයියා. ඊටපස්සෙ අපේ සංස්කරණ ශිල්පියා ගිෂාන් ප්‍රභාත්, ඊටපස්සෙ අපේ නිෂ්පාදන කළමනාකරු ඩිලාන් රොෂාන්, අද මේ සෙට් එකට වාහනයක් එකතු කරන්නෙ අපේ සහය අධ්‍යක්ෂකවරයා ළහිරු යාපහුව..
මගෙ ඇරෙන්න අනිත් කිසිම කෙනෙක්ගේ වාහනේක මිලෙන් රුපියලක්වත් මගෙ අතින් මම දීලා නෑ. මං කරේ ඔවුන්ව විශ්වාස කරලා රැකියා අවස්ථාව දුන්න එක. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් තමන්ගේ කායික, මානසික ශක්තිය වැය කරලා හම්බකරගත්ත මුදලින් තමයි එයාලා තමන්ගේ ඉලක්කයට ගියෙ. මං මේ කියපු අය පහුගිය වසර 3 තුළ කරපු වැඩ වලින් 90%ක් මගෙ වැඩ.. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න මට අයිතියක් තියෙනවා කියලා මං හිතනවා. ඊට අමතරව මං කරපු දේ තමයි, ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණයට අවශ්‍ය ධනාත්මක සිතුවිල්ල ඔළුවට දාපු එක සහ මූල්‍ය විනය හදපු එක..
මේ හෑල්ල දැමීමේ ප්‍රධාන අරමුණ තමයි, අපි හැමෝම තම තමන්ගෙ ඉලක්ක වලට යමු කාගෙවත් කකුලෙන් ඇදලා නෙවෙයි, ළඟින් ඉන්න උන්ගෙත් අතින් ඇදගෙන..

05/06/2026

ITN මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන්) සරත් කුමාර පෙරේරා මහතා විසින් රචිත නවතම පොත් 4ක් එළිදැක්වීමට ආරාධනා ලැබුනා.. පොත් කියවන අය ආස වෙන විදිහෙ සුපිරිම පොත් 4ක්, එක හුස්මට කියවගෙන යන්න පුලුවන් කිසිම අව්ලක් නැතුව..

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

උතුම් වූ තෙරුවන් සරණින් ඔබ සැමටත්, ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට, සහ නිරෝගීකම පිරි පින්බර වෙසක් උත්සවයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි! 🌸🙏

29/05/2026

ළමයි ගැන ගොඩක් දේවල් අපි පහේ ළමයි තුළින් සමාජෙට පෙන්නුවා ❤

මෙතෙක් කල් හැමෝගෙම ආදරය දිනාගත්ත මේ සුන්දර කතාවේ අවසානය සනිටුහන් කරමින්, අද විකාශය වන්නේ අවසාන කොටසයි!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
10100