Mahanama College Library Association
This Page Can Be Make A Your Thinking Mind & Colour Your Dreams.
01/07/2020
ශ්‍රී ලාංකික ළමා කතන්දර ඉතිහාසයේ කෘතහස්ත ලේඛීකාවක් වන "සිබිල් වෙත්තසිංහ" මහත්මිය අද දින අභාවප්රාප්ත වීය... ඇයටම ආවේණික චිත්‍ර සහ කතන්දර ශෛලිය තුළින් දැයේ දරුවන්ගේ ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ නොහොත් “සිබිල් නැන්දා“ දරුවන්ගේ මනස සේම කුසලතා වර්ධනයට කළ සේවය ද අපමණය.1982 වර්ෂයේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක දී 'කුඩ හොරා' ළමා කතාව ඉදිරිපත් කරනු ලැබූ සිබිල් නැන්දාට ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගැනීමට හැකි විය. 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතාව වන්නේත් “කුඩ හොරා” කතාවය.එසේම නෝර්වේ, ඩෙන්මාර්කය, අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව වැනි රටවල් 12ක භාෂාවන්ට මෙම කෘතිය පරිවර්තනය විය. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය. ලොව වැඩිම අවසානය සහිත ළමා කෘතිය රචනා කර සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක් වී තිබේ.
මෙරට ළමා සාහිත්‍ය වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් සිය වගකීම ඉටු කර ඇත.
"සිබිල් නැන්දේ" ඔබට නිවන් සුව..! 🙏❤
Mahanama College Library Association
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Mahanama College, R. A. De Mel Mawatha
Colombo
00300