Rapid way
The fastest way to learn English
26/01/2026
English for daily life.
18/02/2024
Nouns
14/02/2024
මේ දෙකේම සරල අදහස වෙන්නෙ අවසානයේ කියන එක. ඒත් ඇත්තටම ඒව වාක්‍ය වල යොදන විදිහ වෙනස්. අපි උදාහරණ වලින් ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.
in the end ( finally / a final result )
මේකෙ අදහස වෙන්නෙ යම් සිදුවීමක අවසානය එහෙම නැත්නම් අවසානයේදී වගේ අදහසක්.
In the end I was tired.
අවසානයේ මම මහන්සි උනා. ( ඒ තත්වයට පත් වුනා )
We chose red in the end.
අන්තිමේදී අපි රතු පාට තෝරා ගත්තා.
But, in the end we come to an agreement.
නමුත් අවසානයේ අපි එකගතාවයකට ආවා.
In the end we decided not to buy this.
අවසනයේ අපි තීරණය කලා ඒක මිලදී නොගන්න.
at the end ( at a point in time )
යම් දෙයක අවසානය එහෙමත් නැත්නම් යම් නිශ්චය කාල සීමාවක අවසානයේ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නෙ.
She lives at the end of the street.
ඇය ජීවත් වන්නෙ පාරෙ කෙලවරේ ( ගෙදරක )
I' m almost at the end of this novel.
මම නවකතා පොතේ අවසාන හරියෙ ඉන්නෙ.
At the end of her life, he had no regrets.
ඇයගෙ ජීවිතේ අවසානයේ ඇයට පසුතැවීමක් තිබ්බෙ නැහැ.
At the end of the day we went home.
දවස අවසානයේ අපි ගෙදර ගියා.
At the end of the film, they got married.
ෆිල්ම් එක අවසානයේදී එයාල කසාද බැන්දා.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo