Kuppiya

Kuppiya

Share

Behind the scenes

කෝටි ගණන් පඩි ගෙවන ලෝකයේ තියෙන අමුතුම රැකියා 15/05/2023

https://youtu.be/h0fVzijNAvk

කෝටි ගණන් පඩි ගෙවන ලෝකයේ තියෙන අමුතුම රැකියා #විශ්මදැනුම :Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use"...

08/05/2023

කෘත්‍රිම බුද්ධිය මිනිස් සිතිවිලි කියවයි

මොළය තුළට උපාංග ඇතුළු කිරීමකින් තොරව (non – inavasive) මිනිස් සිතිවිලි වචන බවට පෙරළිය හැකි පරිවර්තකයක් ප්‍රථමවරට ගොඩනැගීමට ඇමෙරිකාවේ Austinහි Texas සරසවියේ පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා. මේ සුවිශේෂී ජයග්‍රහණය අත්පත්කරගෙන ඇත්තේ කෘත්‍රිම බුද්ධියේ පිහිටෙන්.

මීට පෙර මිනිස් සිතිවිලි පරිගණක පද්ධති හරහා හඳුනාගැනීම සිදු කර තිබුණත් ඒ සියල්ල කර තිබුණේ මිනිස් මොළයට සංවේදක උපාංග ඇතුළු කිරීම් හරහායි. මෙම පර්යේෂණයේ දී භාවිතයට ගෙන තිබුණේ මොළයේ රුධිර වහනයේ සිදුවන වෙනස්කම් හරහා මොළයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ හැකි fMRI (Functional Magnetic Resonance Imaging) ස්කෑන් තාක්ෂණයෙන් ලබා ගන්නා දත්තයි. ඒවා Open AI සමාගම විසින් ChatGPT හඳුන්වා දීමට පෙර හඳුන්වා දී තිබූ GPT-1 නම් විශාල භාෂා මොඩලය (Large Language Model) යොදාගනිමින් විශ්ලේෂණය කිරීමට පර්යේෂකයන් කටයුතු කර තිබුණා.

මෙහි දී පර්යේෂකයන් පර්යේෂණයට ස්වෙච්ඡාවෙන් සහභාගි වූ තිදෙනෙකුට එක් අයෙකුට පැය 16 ක කාලයක් බැගින් පොඩ්කාස්ට්වලට සවන් දීමට කටයුතු සලසා තිබූ අතර එම කාලය තුළ ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය fMRI ඔස්සේ නිරීක්ෂණය කෙරුණා. ඉන්පසු පර්යේෂකයන් කළේ මොළයේ එම ක්‍රියාකාරීත්වයන් පොඩ්කාස්ට් හි අන්තර්ගතයට සමපාත කිරීමට GPT-1 භාෂා මොඩලය පුහුණු කිරීමයි. පසුව පර්යේෂණයට සහභාගිවූවන්ට වෙනත් නව පොඩ්කාස්ට් වලට සවන් දීමට ඉඩ සැලැස්වූ අතර ඒ අතරතුර දී ලබාගත් මොළයේ ක්‍රියාකාරීත්ව දත්ත විමර්ශනය කර එම නව පොඩ්කාස්ට්හි අන්තර්ගතය කුමක්දැයි පුරෝකථනය කිරීමට GPT-1 භාෂා මොඩලයට උපදෙස් ලබා දී තිබුණා. මෙහි දී අඩක් පමණ වන අවස්ථාවන්හි දී ආසන්න වශයෙන් නිවැරදිවත් සමහර අවස්ථාවල අතිශය නිවැරදිවත් සිතන ලද අදහස වචනයට හැරවීමට ⁣එය සමත් ව තිබෙනවා.

මෙම පර්යේෂණය මෙම ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. මිනිස් මොළය සහ පරිගණක එකිනෙක සම්බන්ධ වන අතුරුමුහුණතක් ගොඩනැගීමේ උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක් ලෙස මෙය හඳුන්වාදිය හැකියි. වරක් විද්‍යා ප්‍රබන්ධ වලට පමණක් සීමා ව තිබූ සිහින පටිගත කිරීමේ යන්ත්‍ර වැනි බොහෝ දෑ මේ හරහා සැබෑ යථාර්ථයන් බවට පත්වීමට ඉඩ තිබෙනවා.

මෙම පර්යේෂණයට අදාල පර්යේෂණ වාර්තාව මැයි 01 වන දා Nature Neuroscience ජර්නලයෙහි පළ කර තිබුණා.

The Guardian ඇසුරෙනි

දමිත නිපුණජිත්

13/04/2023

එයාලගෙ හුරතලේ

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo