Anagi TV
TV Channel
27/03/2023
2022 වසරේ වනජීවී ජයග්‍රාහී ඡායාරූපය
පහත දැක්වෙන ජයග්‍රාහී ඡායාරූපය ස්වභාවධර්මය එහි තේජාන්විත බව පෙන්වන අතර එය සංරක්ෂණය කිරීමේ දැඩි අවශ්‍යතාවය පිළිබඳව කාලෝචිත මතක් කිරීමක්ද සිදුකරනවා.
2022 වසරේ වනජීවී ඡායාරූප ශිල්පිනිය ලෙස එක්සත් ජනපදයේ Karine Aigner නම් කරන අතර ඒහි දැක්වෙන්නේ ටෙක්සාස්හි උණුසුම් වැලි මත කැරකෙන පතොක් මී මැස්සන්ගේ ඝෝෂාකාරී බෝලයක් ලෙස සිටින ආකාරයයි.
මෙම සමීප රූපයෙන් ග්‍රහණය කරගනු ලබන්නේ පිරිමි මී මැස්සන් සමූහයක් තනි ගැහැණු සතෙකු සමඟ සංසර්ගය සඳහා එකිනෙකා සමඟ තරඟ කරන අවස්ථාවයි.
වසරේ වනජීවී ඡායාරූප ශිල්පීන්‌ගේ වාර්ෂික තරඟය, ලන්ඩනයේ සෑම වසරකම පවත්වනු ලබන අතර, සති අන්තයේ දී සම්මානය සමඟ ප්‍රදර්ශනයක්ද පවත්වනු ලබනවා. වසර 58ක ඉතිහාසයේ ඉහළම ත්‍යාගය ලැබූ පස්වැනි කාන්තාව බවට 2022 වර්ෂයේදී Karine Aigner සමත් වනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
No. 135
Colombo
10826