Hiru RMES
Hiru RMES
30/12/2025
උපුටා ගැනීමක්
බුලත්විට
වයස අවුරුදු 31ක් වුනු සුන්දර යුවතියක් දවසක් මා හමුවට ආවා ප්‍රතිකාර සඳහා.රෝග නිර්ණයට පෙර රෝගියා පරික්ෂාවේදි මා දැනගත්තා ඇය බුලත් විට කෑමට ඇබ්බැහි වූ කාන්තාවක් බව.ඇය දිනකට බොහෝ වාර ගණනක් බුලත් විට හපන බව සහ ඇය එය නැවැත්වීමට අකමැති බව මා හට පැවසුවෙ ඇගෙ ස්වාමියා විසින්.ඒක හරි වෙනස් කතාවක්. බොහෝ විට අපිට සමාජයේ මුණ ගැහෙන්නෙ මේ කතාවෙ දෙපැත්ත මාරු වෙලානෙ නේද,ඒත් මේ කතාව එහෙමයි. එදා මට තේරුම් ගිය දෙයක් තමයි තවමත් සමාජය මේ ගැන හරියට දැනුවත් නැහැ කියන කාරණාව.ඉතින් එනිසයි අද මේ විදියට මේ ලිපිය ලියන්න අදහස් කළේ.
වර්තමානය වන විට පිළිකා නිසා ලොව පුරා සිදුවන මරණ ප්‍රමාණය ඉහළ යමින් පවතිනවා. ඒවා අතරින් මුඛ පිළිකාවට ලංකාවේ බොහෝ දෙනෙක් බහුලවම ගොදුරු වනවා. ලංකාවේ මුඛ පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක වන්නේ බුලත් විට කෑම, දුම්පානය, මත්පැන් පානය, සහ මත් පුවක් වර්ග භාවිතා කිරීම යි. ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් අතුරින් දුම් පානය, මත්පැන් පානය, සහ මත් පුවක් භාවිතය සෞඛ්‍යයට අහිතකර ක්‍රියාවන් බව සමාජගතව තිබෙනවා. එම නිසා ඒවා වැලැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. නමුත් බුලත් විට කෑම අහිතකර ක්‍රියාවක් බව තවමත් සමාජගතව නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෙනෙකු දැන හෝ නොදැන අධික ලෙස බුලත් විට කෑම මඟින් මුඛ පිළිකාවලට ගොදුරු වෙනවා.
👉බුලත් විටක අඩංගු වන ද්‍රව්‍ය
ලංකාවේ සැලකිය යුතු පිරිසක් දෛනිකව බුලත් විට කෑමට පුරුදුව සිටිනවා. එම නිසා බුලත් විට කඩ අප රට තුළ සුලභව දක්නට ලැබෙනවා. කඩවල විකිණීමට තිබෙන බුලත් විටක අඩංගු වන්නේ බුලත්, පුවක්, හුණු, සහ දුම්කොළ යන ද්‍රව්‍යය හතර යි. සාමාන්‍යයෙන් බුලත් විටක් අඩු මිලට ලබාගත හැකි නිසා ඒවා භාවිතයට පුරුදුව සිටින සමහර උදවිය දිනකට කිහිප වතාවක් බුලත් විට කන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
බුලත් විට කෑම වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටින්නේ අඩු ආදායම් සහිත රැකියාවල නිරතව සිටින උදවිය යි. ඔවුන්ට බුලත් විට කෑම නිසා ඇතිවන හානිය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා එය පුරුද්දක් ලෙස පවත්වාගෙන යනවා විය හැකියි. ඔවුන් දැන හෝ නොදැන පිළිපදින පුරුද්ද නිසා අකාලයේ මුඛ පිළිකාවලට ගොදුරු වීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.
👉 බුලත් විට පිළිකා කාරකයක් වන්නේ ඇයි?
බුලත් කොළයේ නැටිවල අඩංගු වන සැෆ්රෝල් නම් රසායනිකය මිනිස් සිරුරෙහි පිළිකා ඇති කිරීමට හේතු වන බව මෑත දී කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන තිබෙනවා. පැරණි මිනිසුන් බුලත් විට කෑමට පෙර බුලත් කොළයේ අග සහ මුල කඩා දැමීමට පුරුදුව සිටියා. ඒ එහි විෂ තිබෙන බවට ඔවුන් අතර මතයක් පැවති නිසා යි. එලෙස බුලත් කොළයේ නැටිවල අහිතකර රසායනික ද්‍රව්‍යය අඩංගු වන නිසා බුලත් කොළ සීමාවක් නැතිව ආහාරයට ගැනීම පිළිකා ඇතිවීමට හේතුවක් වනවා. බුලත්වලට අමතරව බුලත් විටක පුවක් ද වැඩි වශයෙන් අඩංගු වනවා. පුවක් ද පිළිකා කාරකයක් වන බව මෑත යුගයේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පුවක්වල අඩංගු වන්නේ ඇල්කොලයිඩ් නම් රසායනික කාණ්ඩය යි.එමඟින් මුඛයේ දී සහ ආමාශයේ දී සිදුවිය හැකි රසායනික සංයෝජන හේතුවෙන් පිළිකා සෑදීමට තිබෙන ඉඩ වැඩියි.
හුණුත් සමග බුලත් කන විට කටේ ඇතුළු පැත්ත තුවාල වනවා. එසේ තුවාල වීම නිසා පුවක් හා දුම්කොළවල අඩංගු පිළිකාජනක රසායනික ද්‍රව්‍ය උරාගැනීම පහසු කරනවා. ඊට අමතරව පුවක්‌වල තිබෙන ඇල්කොලයිඩ් සංයෝගවල තිබෙන පොලිෆීනෝල් ශ්ලේෂ්මල සෛල මත ක්‍රියා කිරීම හේතුවෙන් ජානමය විකෘතිතාවයන් ඇති වීමේ හැකියාව තිබෙනවා. දුම්කොළවල පිළිකාජනක සංඝටක 28ක් පමණ අඩංගු වනවා. දුම්කොළ වැවීමේ දී විශාල වශයෙන් කෘමිනාශක ඉසිනු ලබනවා. එසේම දුම්කොළ පදම් කිරීමේ දී විවිධ රසායනික ද්‍රව්‍ය යොදනවා. දුම්කොළ වේළීම සඳහා භාවිතා කරන දුම්ගැසීමේ ක්‍රියාවලිය ද එතරම් හිතකර එකක් වන්නේ නැහැ. එම නිසා බුලත්විට කෑමේ දී මිනිස් සිරුරට ලැබෙන වඩාත්ම අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යය වන්නේ දුම්කොළ යි.
👉 මුඛ පිළිකාවක ලක්ෂණ
සාමාන්‍යයෙන් මුඛ පිළිකාවක් ඇතිවීමට පෙර පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. එම පූර්ව මුඛ පිළිකා ලක්ෂණ හඳුනාගැනීමට හැකියාව ලැබුණොත් පිළිකාවේ මූලික අවස්ථාවේ දී ප්‍රතිකාර සඳහා යොමු විය හැකියි. පහත දක්වා තිබෙන්නේ එම මූලික ලක්ෂණ කිහිපය යි.
1) මුඛය තුළ කල්පවතින සුදු ලප ඇතිවීම
2) මුඛය තුළ රතු හෝ සුදු ගැටිති සහිත ලප ඇතිවීම
3) මුඛය තුළ රතු පැහැති මතුපිටක් ඇති ප්‍රදේශ දක්නට ලැබීම
4) දිව නැමීමට සහ මුඛය විවෘත කිරීමට අපහසු වීම
5) මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් ඇතිවීම
ඉහත රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු නිසි පරිදි ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු යි. එසේ නොවුණොත් අනිවාර්යෙන්ම මුඛ පිළිකාවකට ගොදුරු විය හැකියි. මුඛ පිළිකාවක් වැළදුණු පුදගලයෙකු තුළ පහත සඳහන් ලක්ෂණ කිහිපය දක්නට ලැබෙනවා.
1) මුඛයේ ඉදිමීමක් දක්නට ලැබීම
2) මුඛයේ සුව නොවන තුවාල දක්නට ලැබීම
3) මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම
4) පිළිකාව වටා ඇති දත් සෙලවීම
5) තොල් හිරිවැටීම
6) මුඛයේ හකු ප්‍රදේශයේ විවර ඇතිවීම
ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකුට මුඛ පිළිකාවක් වැළඳී ඇති බව නිගමනය කළ හැකියි. එවිට එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයාව හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. පිළිකාව දරුණු අන්දමට පැතිරී නැත්නම් රෝගියාව ඉන් මුදවාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මුල් අවධියේ දී එය හඳුනාගැනීමට නොහැකි වුණොත් රෝගියාව බේරාගැනීම සඳහා වෛද්‍යවරුන්ට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවනවා. එම නිසා මුඛ පිළිකාවේ පූර්ව ලක්ෂණ මතුවුණු විගස වෛද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු යි.
මුඛ පිළිකාවෙන් ආරක්ෂා වීම සඳහා කළ හැකි දේවල්
වර්තමානයේ දී ලංකාවේ සිටින පිරිමි පුද්ගලයන් සුලභවම මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටිනවා. එලෙස මුඛ පිළිකාවලට ගොදුරු වන පුද්ගලයන්ගෙන් පිරිසක් මරණයට පත්වනවා. එම අවාසනාවන්ත තත්ත්වය පාලනය කිරීම සඳහා පහත දැක්වෙන දේවල් කළ හැකියි.
1) බුලත්විට කෑම නැවැත්වීම
2) එක්වරම බුලත්විට කෑම නැවැත්වීමට අපහසු නම් ක්‍රමයෙන් බුලත්විට කන වාර ගණන සීමා කිරීම
3) බුලත්විට කටේ තබාගෙන හපන කාලය අඩු කිරීම
4) බුලත්විට කෑමෙන් පසුව හොඳින් මුඛය සේදීම
5) හුණු, පුවක්, සහ දුම්කොළ භාවිතය අඩු කිරීම
6) පූර්ව මුඛ පිළිකා ලක්ෂණ මතුවුණු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම
දැනුවත්ව හෝ නොදැනුවත්ව බුලත් විට කන්න ඇබ්බැහි වුනු කෙනෙක් නම් ඔබ දැන්වත් මෙහි භයානකකම තේරුම් ගෙන එයින් මිදීමට වහ වහා කටයුතු කරන්න.මොකද ඔබෙ නිරොගිකම අපේ එකම සතුටයි.
සුවබර දිගු දිවියක්
24/12/2025
Merry christmas
සුබ නත්තලක් වේවා...!
10/08/2025
උපුටා ගැනීමකි.
බොමුද තේ එකක්.............!
🛑🛑🛑මෙම නවෝත්පාදන පෙළට,
01.Ceylon Tea Whisky
02. Ceylon Tea Gin
03. Ceylon Tea Vodka
04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.
Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.
අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo