JaYa

JaYa

Share

ඉතින් ප්‍රේමිය සිතින් පෙම් බැන්දොත් මම වැරදිද?.........✨️🖤

07/05/2025

✨🤍

+ ඒයි

• ඕ කියන්න

+ මොකද කරන්නෙ ඔයා.

• ඔයා එනකල් බලන් හිටියෙ.

+ කොච්චර වෙලාද?

• ඒක ගැන නම් හරියටම දන්නෙ නෑ.

+ හරි දැන් මොනාද කරන්නෙ.

• දැනුයි ගෙදර ආවෙ.

+ අද ගොඩක් වැඩ තිබ්බද?

• එහෙම කියන්නත් බෑ.

+ බොරු නේද කියන්නෙ.

• ඇයි එහෙම කියන්නෙ.

+ මම දන්නව එහෙම කිව්වොත් නිදියන්න කියන නිසානෙ මෙහෙම කිව්වෙ.

• ඔයා දන්නව වැඩී මං ගැන.

+ ඔව් මම දන්නව.

• ඉතින් අදවත් මොනාහරි කියන්න තියනව්ද?

+ මොකුත් නෑ, ඔයාම කියන්න.

• අද ඔයාට කියන්න ගොඩක් දේවල් තියනව.

+ මන් අහන් ඉන්නෙ.
......................................

+ දැන් ඔයා කාලද ඉන්නෙ

• තාම නෑ.

+ එහෙනම් ගිහින් කන්න.

• පස්සෙ කන්නම්.

+ ඔයාගෙන් දෙයක් අහන්නද?*

• ඔව් අහන්න.

+ ඔයා කවදද මේක නවත්තන්නෙ.

• මොකක්ද?

+ මේ වගේ මතකයක් එක්ක ජීවත් වෙන එක.

• ඒක ගැන නම් මම දන්නෙ නෑ.

+ අපි අන්තිමට කතා කරපු දවසින් පස්සෙ ඔයා මේක කරන්න පටන් ගත්ත.

• අනේ මන්ද.

+ අනේ මන්ද කියන්නෙ.

• මන් දන්නෑ, පාලුව කියන්නෙත් එක විදිහක සතුටක් එහෙත්, ඒක මකා ගන්න මම ඔයාව ලං කරගත්ත.

+ එතකොට කවදද මාව අමතක කරන්නෙ.

• ඒක ගැන නම් මට දැනුමක් නෑ, ඒත් පාලුවට තියන බය නික්මුන දවසට මම ඔයාව හිතින් නිදහස් කරන්නම් එහෙත්,

මතකෙන් නෙමෙයි 🥀👀..
By : JaYa🖤°__|

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
01