Gadget Kamare
We are here to bring you all about cricket 🏏
17/01/2021
ඔබ මේ දකින්නේ ලෝකයේ ලොකුම ධනවාතා එහෙමත් නැත්නම් ටෙස්ලා කාරයේ නිර්මාතෘ එලොන් මස්ක් විසින් 1995 දී තම BMW 1978 කාරය කාර්මිකයෙකුට මුදල් දීමට තරම් වත්කමක් නොතිබුන නිසා තමා විසින්ම භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි කොටස් යොදා අළුත්වැඩියා කරගන්නා ආකාරයයි. ඔහුගේ මව විසින් මෙම ඡායාරුපය ට්විටර් ගිනුම ඔස්සේ ප්රචාරය කරන ලද අතර එහි ඇය විසින් සදහන් කර තිබුණේ තම පුතා කාර් ගැන දන්නේ මොනවාද කියා එදා මිනිසුන් ප්රශ්න කල බවයි.
https://twitter.com/mayemusk/status/1204482749358166017?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1204482749358166017%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.carandbike.com%2Fnews%2Fmusks-mother-shares-a-1995-photo-of-him-fixing-car-window-2147797
මේ රූපරාමු වල ඔබ දකින්නේ තල්මසකු විසින් තම ආහාරය සදහා කුඩා මාලුන් ගොදුරු කරගන්නා ආකාරයයි. තයිලන්තය අසල මුහුදේදී මෙම දර්ශනය ඩ්‍රෝන යානයක් මගින් හසු කරගෙන තිබෙනවා. මෙම දර්ශන මේ වන විට ලෝකය පුරා ඉතා ඉක්මනින් ප්‍රචලිත වී තිබෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයට සතුන් මුහුදු ජලයේ ඉහල ස්තරයේ රැදී ඇත්තේ ජලයේ ඔක්සිජන් මට්ටම පහල ගොස් ඇති නිසා බවයි පැවසෙන්නේ. මෙය සිදු වී ඇත්තේ සමුද්‍ර දූශනය හෙතුවෙනි. කවර ආකරයෙන් වුවද සිදුවන පරිසර දූශනය සතුන්ගේ ක්‍රියාකාරකම් වලට ඍජුව හෝ වක්‍රව බලපාන බවට මෙය කදිම නිදසුනක්.
15/01/2021
සූර්යයන් 3ක් පායන පිටසක්වල ග්‍රහලෝකය
පෘථිවියට ආසන්නම තාරකාව සූර්යයායි. අපගේ සූර්යයා තනිව පිහිට ඇති තාරකාවක් නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආලෝකය ලැබෙන්නේ සූර්යයාගෙන් පමණි. නමුත් විශ්වයේ බොහෝ තාරකා පිහිට ඇත්තේ ද්විත්ව හෝ ත්‍රිත්ව තාරකා පද්ධති (Double and triple star systems) ලෙසටයි. එනම් එක ප්‍රධාන තරුවක් වට භ්‍රමණය වන තවත් කුඩා තාරකා කිහිපයක් පිහිටන අතර ඉන් එක හෝ තාරකාවක් වටා ග්‍රහයන් (planets) පිහිටා තිබුනොත් එම ග්‍රහයන්ට මේ තාරක සියල්ලෙන්ම ආලෝකය ලැබෙනවා.
අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට/පිටසක්වල ග්‍රහලෝක (exoplanets) සොයන කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය(Kepler planet-hunting space telescope) පසුගියදා මෙවැනි ග්‍රහලෝකයක් සොයාගත්තා. Cygnus තාරකා රාශියේ පිහිටා ඇති මේ තාරකා පද්ධතිය තාරකා තුනකින් සමන්විතයි. KOI-5A ලෙස නම් කර ඇති මින් විශාලතම තාරකාව වටා පරිභ්‍රමණය වන පෘථිවිය මෙන් 7 ගුණයක් පමණ විශාල ග්‍රහලෝකයක්ද(KOI-5Ab) මේ සොයාගැනීමට අයත්. මේ අනුව මේ ග්‍රහලෝකයට සුර්යයන් 3ක් මගින් ආලෝකය ලැබෙනවා. ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවක් වන Star Wars හි Star Wars IV: A new hope චිත්‍රපටයේ ටැටුයින් (Tattooine) ලෝකයෙහි මෙන් සුර්යයන් 3 පායන සහ බැසයන දසුන් මේ KOI-5Ab ලෝකය මතුපිට දකින්නට ලැබෙනවා ඇති.
මේ සොයාගැනීම කල කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය ග්‍රහලෝක සෙවීම සඳහාම ගුවන්ගත කල උපකරණයක්. 2009 වසරේ සිට කෙප්ලර් මෙහෙයුම අවසන් වූ 2018 දක්වා මේ මගින් පිටසක්වල ග්‍රහලෝක(Exoplanets) 2662ක් සොයාගනු ලැබුනා. පෘථිවිය හා සමාන, ජීවින් පැවතිය හැකි යැය් සැක කෙරෙන ග්‍රහලෝක කිහිපයක්ද මීට අයත්.
සටහන - දක්ෂිණ ශාක්‍ය
https://www.sciencealert.com/astronomers-have-found-a-gas-giant-planet-with-three-suns
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo