SSR
ඇදගෙන යන්නේ නැතුව ජිවිතේ විදින්න ... ❤️💫
06/03/2026
🦋පාලනය කළ හැකි සහ නොහැකි දේවල්...
මේ ලෝකේ සිදුවෙන, අපි අත්දකින දේවල් හැමඑකක්ම අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න...🌝
එකක් තමයි අපිට පාලනය කරන්න බැරි දේවල්. හරියට කාලගුණය, අනික් මිනිස්සුන්ගේ සිතිවිලි, අපේ අතීත වැරදි, අනාගතයේ අවිනිශ්චිත බව වගේ...🌧️
හැබැයි ඒ දේවල් දිහා අපි බලන විදිය, දක්වන ප්‍රතිචාරය අපිට පාලනය කරන්න පුළුවන්...🧘🏻♀️
ඉතිං අපි අපිට පාලනය කරන්න බැරි දෙයක් ගැන හිතනවා කියන්නෙම හරියට උස්සන්න බැරි කළු ගලක් උස්සන්න හදනවා වගේ 'වැඩක් නැති වැඩක්'...🪨
හැබැයි දැන් ඔයාට හිතෙයි "ඔව්! මේක හිතලා වැඩක් නෑ තමයි. ඒත් ඒ සිතිවිල්ල ගහක අතු බෙදෙනවා වගේ මගේ හිතේ දුවනවානේ" කියලා...🤯
ඒ වගේ අකීකරු සිතිවිල්ලක් හිතේ සක්මන් කරද්දි "අයියෝ! මේක මම හිතන්න හොද නෑ" කියලා ඔයාගේ හිත බලෙන් නවත්තන්න යන්න එපා.
ඒකෙන් ඔයාගේ සිතිවිලි තවත් බලවත් වෙනවා...🤚
ඔයාට කරන්න තියෙන්නෙ ඒ වගේ අකීකරු සිතිවිල්ලක් ආවම ඒක පිළිගන්න. "අහ් මට මෙහෙම හිතෙනවා. ඉතිං මට මේකට කරන්න දෙයක් නෑනේ" කියලා හිතන්න. ඒ සිතිවිල්ලට ඔහේ ඉන්න දීලා ඔයා වෙන වැඩකට අවධානය දෙන්න...🌼
හරියට පැහැදිලි නිල් අහසට පාවෙලා ඇවිත් යන වලාකුළක් වගේ. එතකොට මොළය විසින් ඒ සිතිවිල්ලේ බලය අඩු කරනවා...😌
මේ දේවල් ප්‍රායෝගිකව කරන්නෙ කොහොමද කියලා අපි ඉස්සරහට බලමු...✌🏻❤️
SSR
14/03/2025
ළගම අයට හොදම යාළුවෙක් වෙන්න...❤️💫
හොදම යාළුවෙක්ගෙ එක වචනෙකට , පුංචිම පුංචි message එකකට පුළුවන් , හිතක් බිදින්නත්, හිතක් හදන්නත්...❤️🩹✨️
ඔයාට ජීවිතේ හමුවෙන ගොඩක් අයට කතාවක් තියෙනවා...
සමහරවිට ඒ කෙනා ඒ කතාව කියන්න කෙනෙක් හොයනවා වෙන්න පුළුවන්...
ඔයාට පුළුවන් නම් ඒ කෙනාගෙ හොදම යාළුවෙක් වෙලා ඒ කතාව අහන් ඉන්න...
ඒ කෙනාට තියෙනවා නං ඒ කතාව ඔයත් එක්ක බෙදාගන්න තරම් ඔයා ගැන විශ්වාසයක්...
මනුස්සයෙක් විදියට ඔයා එතන දි දිනුම්...🤍💫
SSR
25/05/2024
❤
25/05/2024
💯
03/03/2024
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo