SpearEdge
Your Daily Edge in Sports
11/07/2026
New Sri Lanka record Ayomal Akalanka ❤
49.03s - 400m H
ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී වසර 26ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට අයෝමාල් අකලංක සමත් වේ.
තත්පර 49.44ක් වූ පැරණි වාර්තාව 2000 වසරේ අගෝස්තු 31දා ජකර්තාහි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී හරිජන් රත්නායක විසින් පිහිටුවන ලද්දකි.
09/07/2026
ආසියාව දිනන්න යන අපේ නෙට්බෝල් කෙල්ලෝ ❤️
ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක දෙක ඉන්න රටක නෙට්බෝල් තියන ලෙවල් එක අපිට ගොඩක් දුරයි. ඉතින් නවසීලන්ත විශ්වවිද්‍යාල කණ්ඩායමකට වුණත් මේ දුන්න ෆයිට් එක සුපිරි. විශේෂයෙන්ම ලකුණු 7ක පරතරයක් අන්තිම විනාඩි කිහිපය ඇතුළෙදි, පීඩනය හසුරුවාගෙන එක ලකුණකට අඩු කරා කෙල්ලො ටික 🫡
පැරදුනත් පරදින්න ඔන මෙන්න මේ විදියට 🔥
Final score 🇱🇰 59-60 🇳🇿
ආසියානු ශූරතාව ඉලක්ක කරමින් පැවැත්වුණු තරග 6ක තරගාවලියෙ ජය තරග 5-1ක් විදියට නවසීලන්ත ලින්කන් ක්‍රීඩිකාවන්ට
Thank you Lincoln University Sports 🫶
04/07/2026
ඉතිහාසයේ පළමුවරට සිංහ ධජය ෆෝර්මියුලා 3 ජයග්‍රහණ පීඨිකාවේ 🇱🇰
Well Done Yevan David - Master of Defense. ❤🏎️
ෆෝර්මියුලා 3 ධාවන ශූරතාවලියේ මහා බ්‍රිතාන්‍යයේ Silverstone ධාවන පථයේදී පැවැත්වුණු Sprint Race තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් අද සමත් වුණා. AIX Racing සමගින් තරගවදින යෙවාන් දෙවන ස්ථානයයෙන් (P2) තරගය ඇරැඹි අතර එහිදී විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් තරග වට 18ක් පුරාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දෙවනියා ලෙස තරගය නිම කිරීමට සමත් වුණා. තරගයේ පළමු ස්ථානය ඇමරිකානු ක්‍රීඩක යූගෝ උගෝචුක්වු දිනා ගත්තා.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo