DJP
රට හදන මග
19/01/2023
දෙජාපෙන් මන්නාරමට නාම යෝජනා
ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමි ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කරන ලදි.
ජාතික සමගිය සහ සංහිදියාව සඳහා සියලු වාර්ගිකත්වයන් ස්වීයකරණය මගින් ජාතිය ගොඩනැංවීම සඳහා කල යුතුබව දේජාපයේ ප්‍රතිපත්තියයි. වාර්ගික බෙදිම් අනුව පළාත් බෙදීම ගෝත්‍රික උපායමාර්ගයක් ලෙස හෙලා දකින දේශප්‍රේමි ජාතික පෙරමුණ විවිධ වාර්ගිකත්වයන් එකට ජීවත් විමෙන් සංස්කෘතිකව සම්මිශ්‍රණය විමෙන් ජාතිය ගොඩනැගිය යුතුබව පිළිගනියි. පසුගිය එල්ටීටීඊ ත්‍රස්තවාදි කාලයට පෙර උතුරු සහ නැගෙනහිර පදිංචිව සිටි සිංහල ජනතාව යළි පදිංචි කිරිම ජාතික සංහිඳියාවේ අත්‍යාවශ්‍ය පූර්වතාවයකි. පසුගිය වසර ගණනාවක් 5 වසර ශිෂ්‍යත්වය සඳහා මන්නාරම් , මුලතිවු ,කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක වල කිසිදු සිංහල දරුවකු පෙනි සිටි නැත. යුද්ධයට පෙර සිංහල පවුල් 20000 ක් පමණ මන්නාරම දිස්ත්‍රික්කයේ ජිවත් වු බව සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා තහවුරු කරයි.
දේශප්‍රේමි ජාතික පෙරමුණ තවත් මැතිවරණ කොට්ඨාස කිහිපයකට නාම යෝජනා භාර දිමට කටයුතු යොදා ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo