H O R I Z O N
Movement for freedom
22/04/2022
යුක්තිය සොයා ලුහුබඳිමි පාපතර නරුම කැල.👣
21/04/2022
රෝස නිම්නය පෙනි පෙනී
සමනලුන් හට වෙඩි වදී
පෑදි දිය මත පා වෙවී
ස්වර්ගෙට යයි මළ මිනී
බුදු හිමියනි නැවත එන්න
අල්ලාහ් නැවත එන්න
ජේසුනී නැවත එන්න
මිනිසුන්ට කියලා දෙන්න, ප්‍රේමය නම් ආගම
පද -Timran keerthi
වෙහෙස - Kalana Gunasekara
Remembering | 2019 - 04 - 21🏴
21/04/2022
මෙලොව ඇති බලවත්ම ආයුධය ප්‍රේමයම හැර අන් කවරක්ද..! 🖤
21/04/2022
සාමය 🖤
21/04/2022
කඳුලු ගෑස් ප්‍රහාරයකදී ක්‍රියාත්මක වෙන්න ඕනෙ කොහොමද ?
==============================
අරගලයට කළ හැකි ඩිජිටල් මාධ්‍ය සහයක් විදිහටයි මේක ලියන්නෙ...
• කඳුලු ගෑස් කියන්නෙ මොකක්ද ?
• මේ ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්නෙ කොහොමද ?
• ප්‍රහාරයකින් පසු කළයුතු දේවල් මොනවද ?
කියන දේවල් ගැන මම හොයාගත්ත දේවල් මේ පෝස්ට් එක හරහා කියන්නම්.
#කුලී_මිනීමරුවන්_පිරිසක්_ආවොත්_ඒ_අයගෙ_ටී_පනස්_හය_වෙඩි_උන්ඩ_වර්ශා_නවත්වන_විදිහ_නම්_මට_තේරෙන්නෙ_නැහැ. කෙසේවෙතත්.....
කඳුලු ගෑස් කියන්නෙ මොකක්ද ?
-----------------------------------------------------
කඳුලු ගෑස් එහෙම නැත්නම් Tear Gas කියන්නේ හදිසි අවස්ථාවකදී ජනතාව පාලනය කිරීමට භාවිතා කරන ප්‍රභල නොවන රසායනික ප්‍රහාරයක්. කඳුලු ගෑස් මූලිකවම o-chlorobenzylidene, malononitrile; (C10H5ClN2) කියන රසායනික ද්‍රව්‍ය දෙක භාවිතා කර නිපදවා තිබෙනවා. මේක මදුරුවන් පළවා හරින්න භාවිතා කරන මදුරු කොයිල් වර්ග සහ වේපරයිසර් (Vaporizer) වල ඇති රසායනික ද්‍රව්‍යට ටිකක් සමානයි.
"කඳුලු ගෑස්" කියල කිව්වට ඇත්තටම මේක වායුවක් නෙමේ. මේක මයික්‍රෝ පරිමාණයේ සහැල්ලු අංශු විශේෂයක්. මේකෙ සැහැල්ලු බව නිසාම සාමාන්‍ය වාතයේ වේගයෙන් පැතිරිලා යන්න පුළුවන්. කඳුලු ගෑස් වල තිබෙන රසායනික ද්‍රව්‍ය නාසය හෝ මුඛය හරහා ශ්වසන පද්ධතියට එකතු වීම නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිතව අතිශය වේදනාකාරී තත්වයක් ඇති වෙනවා.
කඳුලු ගෑස් ප්‍රහාරයකට නිරාවරණය වූ විට,
• ශ්වසන මාර්ගය සහ පපුවේ දැවිල්ල ස්වභාවයක් (Burning Sensation) ඇති වෙනවා.
• හුස්ම ගැනීමේ අපහසුතා සහ අධික හිසරදයක් ඇති වෙනවා.
• මුහුණ සහ ඇස් ආශ්‍රිතව ඇති වෙන වේදනාකාරී ස්වභාවය නිසා දිගින් දිගටම කඳුලු ගැලීමට පටන් ගන්නවා.
• විනාඩි 20 පමණ කඳුලු ගෑස් වලට නිරාවරණය වුවහොත් වමනය සහ සිහිය මද ගතියක් ඇති විය හැකියි.
කඳුලු ගෑස් ශරීරයට අහිතකරද ?
----------------------------------------------------
සරලම පිළිතුර 'ඔව්'. කඳුලු ගෑස් වල ඇති රසායනික ද්‍රව්‍ය ඇදුම රෝගය හෝ වෙනත් ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මිකතා ඇති අයට හොඳ දෙයක් නෙමෙයි.
සාමාන්‍යයෙන් මූලික මට්ටමේ කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක්වූ අයෙක්ට ශාරීරික අපහසුතාවය ඉවත් වීමට විනාඩි 10ක් පමණ ගත වෙනවා. නමුත් විශාල වශයෙන් නිරාවරණය වූ කෙනෙක්ට මෙය පැය තුනක් පමණ වන තෙක් පලපානවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා තියන අයට දිගු කාලීන ආසාද්මිකතා පවා ඇති විය හැකියි.
කඳුලු ගෑස් ප්‍රහාරයකින් ආරක්ෂා වෙන්නෙ කොහොමද ?
----------------------------------------------------------------------
කඳුලු ගෑස් canister එකක් තමන් අසලට වැටුනහොත් දිගින් දිගටම ඒ අසල නොසිට හැකිතාක් ඉක්මණින් ඉවත් වෙන්න.
මුහුණ තෙත රෙදි කැබැල්ලකින් ආවරණය කර ගැනීමට හැකි නම් වඩාත්ම සාර්ථකයි.
කුඩා ළමුන් සහ වඩා සංවේදී පුද්ගලයන් ඉක්මණින් එවැනි අවස්ථාවකදී ඉවත් කළ යුතුයි.
මාර්ග බාධක සඳහා භාවිතා වන කෝන් එකක් අසල තිබුනොත් එයින් කඳුලු ගෑස් canister එක වසා උඩින් ජලය වත් කරන්න. (සාමාන්‍යයෙන් ජලය සැලකියයුතු ප්‍රමාණයක් වැටුනහොත් යම් තාක්දුරට පැතිරීම වලක්වාගන්න පුළුවන්)
#පහළ රූපය බලන්න
ඒ අසලම ජල කානුවක් හෝ ජලාශයක් තිබුනොත් ජලාශයට වැටෙන ලෙස canister එකට පයින් ගසන්න. (අතින් අල්ලන්න එපා)
කඳුලු ගෑස් ප්‍රහාරයක් අතරතුරදී නොකළ යුතු දේවල්
--------------------------------------------------------------------------
ඇයි මම කඳුලු ගෑස් canister එක අතින් අල්ලන්න එපා කිව්වෙ ? 🙂
කඳුලු ගෑස් කෑන් එකක් විසි කිරීමට භාවිතා කරන්නේ විදින තුවක්කුවක්. (Tgas Launcher) ඉතින් මේකෙන් අධික වේගයෙන් එලියට විසි වෙන කඳුලු ගෑස් කෑන් එක අධික ලෙස රත් වෙලා තියෙන්නෙ. එය අතින් අල්ලා විසි කිරීමට යාමේදී අත පිළිස්සෙන්න සම්භාවිතාවක් තියනව. රෙදි කැබැල්ලකින්හරි වෙනත් දෙයකින් අල්ලා ඉවතට විසි කිරීම තමයි වඩාත් යෝග්‍ය.
කඳුලු ගෑස් විදිනය එල්ල කල විට ඒ අසලට යන්න එපා. අධික වේගයෙන් එන කඳුලු ගෑස් canister එක ශරීරයේ වැදුනොත් මාරාන්තික තුවාල ඇති වෙන්න පුළුවන්. (පහළ රූප බලන්න)
ප්‍රහාරයකින් පසු කළයුතු දේවල් මොනවද ?
---------------------------------------------------------------
කඳුලු ගෑස් ප්‍රහාරයකට ඔබ ලක් වුණොත් හොඳින් වාතාශ්‍රය තියන තැනකට යන්න.
ගලා යන ජලයෙන් මුහුණ සෝදන්න. (භාජනයකට ගත් ජලයෙන් සෝදන්න එපා, එයින් නැවත නැවතත් රසායනිකය ශරීරයේ තැවරෙන්න පුළුවන්.
කිරි, පෙට්‍රෝලියම් ජෙල් වර්ග , එළවලු තෙල් වැනි දේවල් මගින් මුහුණේ දැවිල්ල ස්වභාවය අවම කර ගත හැකියි. (නමුත් මෙය හැමෝටම එක වගේ ක්‍රියා කරනවද කියල තහවුරු වී නැහැ)
කඳුලු ගෑස් වලින් බේරෙන්න නම් ඔය දේවල් කරන්න පුළුවන්, නමුත් වෙඩි තැබීමකදි ජීවිතේ බේරගන්න හැටි කියන්න නම් මට තේරෙන්නෙ නැහැ.
අරගලයට ජය !
✊
තොරතුරු අන්තර්ජාලයෙන්.
21/04/2022
Anonymous සහ Hashtag
මුලින්ම මේ concepts දෙකත් එක්කම දැන හෝ නොදැන, හරියට හෝ වැරදියට එකතු උන හැමෝටම ස්තූතිය පුද කරනවා... මොකද හිනා යන meme එකක් share කරන් ආතල් එකේ ඉන්න වෙලාවෙ මෙහෙම දේකට දායක වෙන්න හිතන්නෙ බොහොම සුළු පිරිසයි.
කාරණයට බහිමු. # එකකින් වෙන්නෙ track කරන එක්. අදාල # එක ගැහුවම ඒක සහිතව Post කීයක් දාල තියනවද, දාපු post මොනවද කියල බලන්න පුලුවන්.
Comments වල මේව දැම්ම කියල කිසිම වැඩක් වෙන් නැහැ. අරගලයට අදාලව තමන්ගෙ සිතුවිල්ලක් ලියල # එකක් හෝ දෙකක් එක්ක පළ කරන්න ❤️
දැන් මිලියන 4.2 ක් . ඒ නිසා Copy paste කරපු පෝස්ට් නොදා දැන් ලස්සන Content වලට යමු.
Anonymous කියන්නෙ decentralized movement එකක්. කරන්නෙ කවුද කලින් අය ද දැන් ඉන්නෙ , ඕව දන්නෙ නෑ. එයාල කරන්නෙ සැගවුන දත්ත එලියට දාන එක.
මෙතන සාධක දෙකක් තියනවා.ලංකාව කියන්නෙ තාම File උඩ දුවන රටක්. ඒ නිසා මෙහෙ website වලින් ගන්න දත්ත නෑ. අනික් එක දත්ත එලියට දැම්මට රටේ නීතියෙන් ඕන ඒවට දඩුවම් දෙන්න. උදා : පැන්ඩෝරා වාර්ථාවට තවම කිසිම පියවරක් අරන් නැහැ. හැබැයි 8 Million twitter Account එකකින් ලංකාවෙ ප්‍රශ්න ගැන කතාකරන එකම ලොකු දෙයක්.
ඒ නිසා මේක උඩත් ඕනවට වඩා පන්නන්න එපා. ❤️
අපි මේ ක්‍රමය හදන එක ගැන අවධානය යොමු කරමු .මුලින් දූෂිතයන් උඩ ඉදන් පහලට ගෙදර යවමු. ඉන් පසුව සංශෝධන ගේමු. දීර්ඝකාලීන විසදුම් හොයමු 💪
Anuruddha Bandara ✊
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
Colombo, Western
Colombo
01