Colombo Urban Digests

Colombo Urban Digests

Share

වැදගත් අලුත් කාලින දැනුම ඔබවෙත.

14/02/2026

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, හේලීස් (Hayleys) සමූහ ව්‍යාපාරය මගින් මන්නාරම උතුරු ප්‍රදේශයේ මෙරට විශාලතම පෞද්ගලික සුළං විදුලි ව්‍යාපෘතිය මේ වන විට ඉදිවන මෙගාවොට් 50 ක (50 MW) ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය හරහා වසරකට විදුලි ඒකක මිලියන 207 ක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත අතර, එහි ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ විදුලි ඒකකයක් සඳහා ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ශත 4.65 (දළ වශයෙන් රුපියල් 14.30 - 15.00) වැනි මෙරට ඉතිහාසයේ වාර්තා වූ අඩුම ලංසුවයි.

මෙම ධාරිතාව මෙරට ප්‍රධානතම ජල විදුලි ප්‍රභවයක් වන වික්ටෝරියා (210 MW) බලාගාරයේ නිෂ්පාදනයෙන් හතරෙන් එකකට (1/4) සමාන වන අතර, ඉන්ධන මගින් විදුලිය නිපදවීමට සාපේක්ෂව වසරකට රුපියල් බිලියන 3 කට අධික විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කිරීමට මෙයින් හැකි වේ.

චීනයේ Envision Energy සමාගමේ නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයින 10 ක් ස්ථාපිත කෙරෙන මෙම ව්‍යාපෘතිය, 2030 වන විට 70% ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා යන ශ්‍රී ලංකාවේ ගමනට මහඟු ශක්තියක් වනු ඇත.

Colombo Urban Digests

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo