Thej Vi

Thej Vi

Share

වසත් කල, මෙන්ම ගිම්හානයත් අතැර සිසිරයේ මිහිදන්වීමට පැතූ ස්නෝඩ්‍රොප්ස් මලක්...✨️

19/05/2026

මතක කියන්නේ කොහොමත් අමුතු මත්ද්‍රව්‍යක් වගේ දෙයක් එලී...

ඔයාට කවදාහරි හිතිලා තියෙනවාද අපේ ජීවිතෙත් නිකන් TV සීරීස් එකක් වගේ කියලා...?

එක එක සීසන්ස් වල, එක එක චරිත එනවා...
සමහර චරිත සීරිස් එක පුරාම ඉන්නවා...
සමහර අය ඉන්නේ එක සීසන් එකක නැත්තන් දෙක, තුනක විතරයි...

හැබැයි ඒ අයගෙන් සමහර අයගේ වචන, හිනාව, වයිබ් එක...අවුරුදු ගාණක් අපේ හිත් ඇතුළේ ජීවත් වෙනවා...

ඉතින්, මම කැමති ඔයාලත් එහෙම මතකයක් වෙනවාට...

එතකොට, කවුද ඔයාට අර සුරංගනා කතාව කිව්වේ...?
සමහර ගෑණු ළමයින්ට මේ ලෝකෙත් සුරංගනා ලෝකයක් කරන්න පුළුවන් කියලා...?

මට විශ්වාසයි අනිවාරෙන්ම, ඒ ලියම් වග 🤭...

ඉස්සර වගේ ඔයාගේ කන් පුරවන්න මම නැති වුනාට, දැන් ලියම් ඉන්න නිසා ඔයාට නම් පාළුවක් නැතිව ඇති...

ඉස්සරනම් ඔයාගේ ඇහුනේ නැත්තේ එක කනක් විතරයි...

හැබැයි දැන්නම් ඔයාගේ කන් දෙකම ඇහෙන්නේ නැතිව ඇති නේද 🤭
(මට විශ්වාසයි එයා අනිවාරෙන්ම, හුගක් කියවන කෙනෙක් වෙන්න ඕන වග)

ඒ මොනවා වුනත්, ඔයා සතුටින් ඉන්න එක ගැන මට සතුටුයි එලී...
ඒවගේම අන්තිමේදි ඔයාට, ඔයාගේ සෝල්මේට් හම්බුන එක ගැනත්...

ඒත්, මට නම් ඔයාලා නැතිව බෝඩිමක ඉන්න එක හරිම පාළුයි...

ජීවිතේ ගැන ගැඹුරු දේවල් කතා කරන්න, පිටසක්වල යාළුවෙක්ගේ හැගීම් තේරුම්ගන්න පුළුවන් යාළුවෙක් නැති එක...

ඒකනම් හරිම බෝරින්ග් ෆීලින්ග් එකක් එලී...

ඒ කොහොමවුනත් ඔයා දන්නවානේ මට පුළුවන් ඕනම පාළු, කම්මැලි මොහොතක්, ටක් ගාලා ලස්සන කරගන්න ක්‍රමයක් හොයාගන්න...

පුළුවන්නම් කියන්න... මේ වතාවේ ඒක මොකක් වෙන්න ඇතිද...?

- තේජ්වී ✍️

11/05/2026

ඇත්තටම එලී, සමහර වෙලාවට මට හිතෙනවා ජීවිතේ කියන්නේ අපි හැමදේම හොයාගෙන අවසානයකට යන්න තියෙන ගමනක් නෙවෙයි කියලා…

ඒක, අපි අපිවම ටිකෙන් ටික තේරුම් ගන්න ගමනක් වෙන්න ඕන කියලා...

අපි සමහර දේවල් පස්සේ හරි ඉක්මනට දුවන්නේ, ඒවා නැතිව අපි අසම්පූර්ණයි කියලා හිතෙන නිසා වෙන්න ඇති…

හැබැයි කාලයක් ගියාම තේරෙනවා, අපි හොයපු දේවල් වලට වඩා, ඒවා හොයද්දී අපි වෙනස් වෙච්ච විදිහ තමයි වටින්නේ කියලා…

ඒ නිසා, දැන් මම නම් හිතන්නේ ජීවිතේට ටිකක් නිදහස දෙන්න ඕනේ කියලා…

හැමදේම කලින්ම තේරුම් ගන්න උත්සාහ කරනවට වඩා, සමහර මොහොතවල් හිතට දැනෙන විදියටම විඳින්න ඉඩ දෙන්න ඕනේ…

මොකද සමහර ලස්සන දේවල් අපි බලෙන් හෙව්වම නෙවෙයි හම්බෙන්නේ…

අපි ටිකක් සන්සුන් වෙලා ඉන්නකොට...

ඔයා මොනවා කිව්වත්, මට නම් තාම ඕන රපුන්සල් එකේ කින්ග්ඩම් ඩාන්ස් එකට නිදහසේ නටනවා වගේ සැනසීමක්...

නැත්තන් දිග ගවුමක් ඇදගෙන සමනල්ලු එක්ක දුවගෙන දුවගෙන ගිහින්,
මල් පිරුණු මිටියාවතකින් නතරවෙනවා වගේ සැනසීමක්...

මල් වත්ත මැද්දේ වැතිරිලා අහස දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙනවා වගේ සැනසීමක්...

නැතුව ස්ට්‍රොන්ග්, ඉන්ඩිපෙන්ඩන්ට් ගෑණු ළමයෙක් වෙලා ඉන්න නම් නෙවෙයි 😒

ඔයාට හිතෙන්න පුළුවන් මට පිස්සු කියලා...

ඒත්, මම ඒ පිස්සු හැගීමට තමයි කැමතිම....

- තේජ්වී ✍️

10/05/2026

ඉඳහිට වැටෙන වැහි කෝඩෙක තෙමීගෙන
කහ මල් කිනිති පොළවට ඇස් අයාගෙන
ප්‍රේමය ගිය පසුව සුළඟේ ගසාගෙන
දුරුතු සඳ වැටුණි අහසෙන් කඩාගෙන 🌼

Every time, I hear this whole song... I get goosebumps 🥺❤

08/05/2026

ඔයා කවදාහරි හිතලා බැලුවද, අපි ඇත්තටම හැල්මේ දුවන්නේ ඇයි කියලා…?

අපි හැමෝම ජීවිත කාලේ පුරාම මොනාහරි දෙයක් හොයනවා මිරානා...

හැබැයි සමහර වෙලාවට අපි දන්නෙත් නෑ අපි හොයන්නේ මොනාද කියලා...

එහෙම හොයාගෙන හොයාගෙන ගිහින් අන්තිමේදී අපිට තේරෙනවා අපිට ලැබුන දෙයක් නෑ කියලා...

ඇත්තටම ඒකේ තේරුම අපිට මුකුත්ම ලැබිලා නෑ කියන එක නෙවෙයි...

දැන් ඔයාට තේරෙනවා නේද මම කියන්න හදන දේ…

සැනසීම කියන්නේ ඩෙස්ටිනේෂන් එකක් නෙවෙයි මිරානා…

ඒක අපි ඇත්තටම අපිට මොනවාද ඕන කියලා හොයගන්න එක කියලයි මම නම් හිතන්නේ...

ඒ වගේම, අපි යන පාර හරි කියලා අපිටම විශ්වාස කරන්න පුළුවන් වෙන පොඩි තත්පර ගාණක් වෙන්නත් පුළුවන්…

ඉතින්, මම නම් කියන්නේ හැල්මේ දුවලා හොයන්න ඕනේ මොනාද කියන එක අපි තේරුම් ගන්නකල් අපිට ඇත්තටම සැනසීමක් නෑ මිරනා...

ඒ නිසා ඒවගේ අවස්ථාවක් ලැබුනොතින් ඔයා ඒහෙම දෙයක් ඉල්ලන එකේ වැරැද්දක් නෑ...

ඒත්, නරකද ඒක ඔයාගේ ඇඩ්වෙන්චර් එකේ කොටසක් වෙන්න දීලා, ඔයාගේ සෝල්මේටව ඉක්මනින් හම්බවෙන්න කියලා ඉල්ලුවොත් 🫣

- තේජ්වී ✍️

31/01/2026

කැප්ෂන් එකක් හිතාගන්න බැරි පින්තූර 💜️✨

PC - Shanith Ashan

29/01/2026

ඔයාට දරාගන්නම අමාරු ගොඩාක් කාල පහු කරන්න වුන වග මං ඇස් දෙකට දැකලා තියෙනවා මිරානා...

ඒ වෙලාවට ඔයා අඩනවා, කතා නොකර ඉන්නවා, ඊටපස්සේ ආයම ඔයාම හිත හදාගෙන ඒ දේවල් එහෙම වුනේ ඇයි, ඒකෙන් ඔයාට ලැබුන හොද දේවල් මොනාද කියලා මටත් කියාදෙනවා...

ඒවගේ දෙයක් වුනාම අපි ඒකට මූණ දෙන්න ඕන මෙහෙමයි කියලා මටත් කියාදෙනවා...

මම ගොඩාක් වෙලාවට කළේ, සහ කරන්නේ ඔයා කියන දේ අහන් ඉන්න එක විතරයි...

මොකද ඔයාගේ ගොඩාක් ප්‍රශ්නවලදී ඔයාගේ තැන මම හිටියානම් ඒක කොහොම දරාගනීද කියලා හිතන්නවත් මට බැරිවුන නිසා...

ගොඩාක් වෙලාවට මිනිස්සු ඔයාගේ වේදනාව ජජ් කරනකොටත් ඔයා හිනාවෙලා පැත්තකට වෙලා ඉන්නවා මම දැක්කා...

ඒත්, ඒ ගොඩාක් අය මම වගේ, ඒක ජජ් කරන්න පුළුවන්තරම් එකක් නෙවෙයි කියලා දැනගෙන හිටියේ නෑ...

ඒවගේම ඔයා හැමවෙලේම කියන කතාවක් මට මතක් වෙනවා...

ඔයාට කවදාවත් ඔයාගේ මූණ දිහා බලාගෙන ඔයාව මරන්න බෑ කියන එක...

ඒ හැමදේකින්ම ඔයාව බේරගත්තේ ඔයාමයි කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ඔයාට මැවිලා පේනවා කියන එක...

"එතකොට කොහොමද එලී මම මාව මරන්නේ ?" කියලා ඔයා මගෙන් අහනවා...!

ම්ම්ම්, එතකොට ඔයා එවපු පින්තූරේ තිබුන, පාසි මල් නම් ඇත්තටම ගොඩාක් ලස්සනයි...

ඔයාට හිතෙන්නේ නැද්ද ඒක යුනිවර්ස් එකෙන් ඔයාට දුන්න පණිවිඩයක් කියලා...

පාසි වලත් මල් පිපෙන කාලයක් තියෙනවා මිරානා...

ඔයාටත් අනිවාරෙන්ම එහෙම කාලයක් එන බව මට විශ්වාසයි...

එදාට ඔයා ආයෙත් වතාවක් කණ්ණාඩියෙන් ඔයාව බලන කොට, ඒ පාසි මල් වලටත් වඩා ලස්සනට ඔයාට ඔයාව ම පෙනෙයි...

- තේජ්වී ✍️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Nugegoda
Colombo
900000