Zayan Ayurved
We have the solution to all your physical
11/03/2025
19/08/2024
අංශභාග රෝගය ජය ගනිමු.
ආයුර්වේද ග්‍රන්ථ වල පක්ෂාගාතය,අංශවධය,අංශභාග,යන නමින් හඳුන්වන අංශභාග රෝගය හෙවත් paralysis රෝගය ජීවිතයේ මිනිසෙකුට අත්විඳින්නට සිදු වන අප්‍රසන්නම අවස්ථාවක් වනවා නිසැකයි.කායිකව මෙන්ම මානසිකවද රෝගීන් තදබල ලෙස පීඩනයකට පත් වන බව මම අත්දැකීමෙන් දන්නවා.
මේ රෝගය ඇති වන්නේ කොහොමද?
අධි රුධිර පීඩනය,හෘද ගත රෝග,රුධිර කැටි ගැසීම් ඇති වීම ආදී හේතූන් නිසා මොලයට රුධිරය ගමන් කරන ධමනියක් අවහිර වීම හෝ පුපුරා යාම හේතුවෙන් මොලයේ එම කොටසේ ස්නායු වලට හානි වීම ප්‍රධාන හේතුවයි.ඊට අමතරව මොලයේ ඇතිවන පිලිකා,අර්බුද ආදියත් බලපානවා
මේ හේතු නිසා ස්නායු අකර්මණ්‍ය වීම තමයි අංශභාග රෝගය කියන්නේ.මෙහිදී අංශයක් අප්‍රාණික වීම,මුහුණ ඇද වීම,මල මූත්‍ර අවරෝධය හෝ පාලනය කල නොහැකි වීම,ආදී රෝග ලක්ෂණ ඇති වෙනවා.
රෝගය සුවකල හැකිද?
මේක සංකීර්ණ අවස්ථාවක්.මෙහිදී රෝගියාගේ තත්ත්වය හා රෝග තත්ත්වය බලපානවා.
රුධිර පීඩනය සහිතයි නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කල යුතුයි.ඊට අමතරව මොලයේ අවහිරතාවය ඉවත් කිරීමට සුදුසු ඖෂධ හා ලංඝන කර්ම කලයුතු වෙනවා.ඒ වගේම වාත නාශක චිකිත්සා ක්‍රම අනුගමනය කරන්න ඕනේ.අවසානයේ ස්නායු පෝෂක ඖෂධ ප්‍රයෝග කල යුතුයි.මේ කාලයේදී ව්‍යායාම ඇතුලත් ක්‍රියාකාරකම් වලට යොමු කිරීමත් වැදගත් වෙනවා.
රෝගියා හා සමීපතමයන්ගේ කැපවීම හා අධිශ්ඨානයත් එකතු කලොත් ඇත්තටම අංශභාග රෝගය ජය ගන්න පුලුවන්...
වැදගත්ම දෙයක් තියෙනවා.ඒ තමයි මේ රෝගයට ගොදුරු නොවී ඉන්න එක.අධිරුධිර පීඩනය,කොලෙස්ටරෝල්,වගේ බෝ නොවන රෝග වලින් හැකිතාක් වැලකෙන්න.කායික මානසික සමබර තාවය පවත්වා ගන්න.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය M.R.M.Ruskan
075 790 5797/0767315797
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
126/6 Diyas Place Gunasingapura Colombo 12
Colombo
01200
Opening Hours
| Monday | 09:30 - 18:00 |
| Tuesday | 09:30 - 18:00 |
| Wednesday | 09:30 - 18:00 |
| Thursday | 09:30 - 18:00 |
| Sunday | 09:30 - 18:00 |