Chamara Goonarathne

Chamara Goonarathne

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamara Goonarathne, Lawyer & Law Firm, Turnour Road, Colombo.

10/09/2025
15/03/2025

මොකක්ද මේ සාධාරණ නඩු විභාගයක් කියන්නේ?
____________________

සාධාරණ නඩු විභාගයකදී චෝදක පාර්ශවය වගේම චූදිත පාර්ශවය කියන කොටස් ද්විත්වයම එක සමාන ආකාරයේ අයිතිවාසිකම් භුක්ති විදිනවා.මෙතනදී නඩු තීන්දු නීතිය හරහා සාධාරණ නඩු විහාගයකදී චූදිතයෙකු සතු අයිතිවාසිකම් නිර්වචනය කරලා තියෙනවා.2008 1 SLR 226 වාර්තාගත The Attorney-General v Segulebbe Latheef and Another නඩුවේදී සාධාරණ නඩු විභාගයක් සම්බන්ධයෙන් පහත සඳහන් අයිතිවාසිකම් චූදිතයෙකු සතුවන බවට දක්වලා තියෙනවා.

1. The equality of all persons before the court. නීතිය ඉදිරියේ සියලු පුද්ගලයන්ගේ සමානාත්මතාවය.

2. A fair and public hearing by a competent independent and impartial /tribunal established by law. නීතිය මගින් ස්ථාපිත කර ඇති නිසි බලය ඇති හා ස්වාධීන අධිකරණයක හෝ විනිශ්චය සභාවක සාධාරණ හා විවෘත නඩු ඇසීමකට ඇති අයිතිය.

3. Presumption of innocence until guilt is proven according to law. නීතියට අනුව වරද ඔප්පු කරන තෙක් නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය.

4. The right of an accused person to be informed of promptly and in detail in a language he understands of the nature and cause of the charge against him. චූදිතයෙකුට ඔහුට එරෙහිව ඇති චෝදනාවේ ස්වභාවය හේතුව ඔහුට වැටහෙන භාෂාවකින් ඉක්මනින් හා විස්තරාත්මකව දැනගැනීමට ඇති අයිතිය.

5. The right of an accused to have time and facilities for preparation for the trial. නඩු විභාගයට සුදානම් වීමට චූදිතයෙකුට කාලය හා පහසුකම් ලබාගැනීමේ අයිතිය.

6. The right to have a counsel and to communicate with him. නීතිඥවරයෙකු ලබාගැනීමට හා ඔහු හා සන්නිවේදනය කිරීමට ඇති අයිතිය

7. The right of an accused to be tried without much delay. වැඩි ප්‍රමාදයකින් තොරව විනිශ්චයට භාජනය වීමට ඇති අයිතිය.

8. The right of an accused to be tried in his presence to defend himself or through counsel. තමා ඉදිරියේ විනිශ්චයට භාජනය වීමට හා නීතිඥවරයෙකු මගින් පෙනීසිටීමට අයිතිය.

9. The accused has a right to be informed of his rights.චූදිතයෙකුට ඔහුගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්වීමට ඇති අයිතිය.

10.lf the accused is in indigent circumstances to provide legal assistance without any charge from the accused. චූදිත දරිද්‍රතා තත්වයකින් සිටී නම් කිසිදු අයකිරීමකින් තොරව නීතිඥ සහය සපයාදීම.

11. The right of an accused to examine or have examined the witnesses against him and to obtain the evidence and examination of witnesses on his behalf under the same conditions as witnesses against him. තමාට එරෙහි සාක්ෂිකරුවන් විභාග කිරීමට හෝ විභාගවීමට හා සමාන කොන්දේසි යටතේ තමා වෙනුවෙන් සාක්ෂි සපයාගැනීමට හා සාක්ෂිකරුවන් විභාග කිරීමට ඇති අයිතිය.

12.lf the accused cannot understand or speak the language in which proceedings are conducted to have the assistance of an interpreter. නඩු කටයුතු මෙහෙයවන භාෂාව චූදිත ට අවබෝධ කරගත නොහැකිනම් භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබාගැනීම.

13. The right of an accused not to be compelled to testify against himself or
to confess guilty.තමාට විරුද්ධව සාක්ෂි දීමට බල නොකිරීමට හෝ වරද පිලිගැනීමට බල නොකරවා ගැනීමට ඇති අයිතිය.

මේ ඉහතින් දක්වන ලද කාරණා චූදිතයෙකු ට ඇති අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොතරම් දුරට අපේ අධිකරණ නිදර්ශන න්‍යාය සංවර්ධිතද යන්න ඔබට අවබෝධ වේවී.එය ඒ තරම් ඉහලයි.

අනිත් කාරණය තමා අපේ රටේ තියෙන එදිරිවාදි අධිකරණ පද්ධතිය තුල පැමිණිලි පාර්ශවයට වගේම චූදිතටත් සාක්ෂි ගෙන එන්න පුළුවන්.අනිත් අතට විත්තියේ නඩුවේදී කිසිවක් නොකියා නිහඬව සිටීමේ අයිතිවාසිකම ඇතුළු අයිතිවාසිකමක් කීපයක් චූදිතයෙකු ට හිමිවෙනවා.සාක්ෂි සම්බන්ධයෙන් සලකා බලන විට චූදිතයෙකු ගෙන එන සාක්ෂි සම්බන්ධයෙන් ද පැමිණිල්ලේ සාක්ෂි සම්බන්ධයෙන් ද එකම වටිනාකමක් දැක්විය යුතු වෙනවා.මේ බව

ගරු සිසිර ද ආබෲ විනිසුරුතුමා Don Ranasuriya Arachchige Rohana Kithsiri
Vs. The Attorney General CA 214/2008,
2014.02.11 දිනැති ව තීරණය කරන ලද ගරු අභියාචනාධිකරණ නඩුවේදී පහත ආකාරයට දක්වනවා.

" in evaluating evidence, a judge should not look at the evidence of an accused person with a squint eye.”
"සාක්ෂි ඇගයීමේදී චූදිත තැනැත්තෙකුගෙ සාක්ෂි දෙස විනිසුරුවරයෙකු වපර ඇසක දෘෂ්ටියෙන් නොබැලිය යුතුය."

ඉතිං මේ සියල්ල මත තමා අවසානයේ යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය ශක්තිමත් වෙන්නේ.ඒ නිසා පුරවැසියන් විදියට අපිට තීරණ ගන්න වෙන්නේ නොනැසී පවතින වටිනා නීති සම්ප්‍රදායන් මත හා නීත්‍යානුකූල කාර්යපටිපාටිවල වපසරිය ඇතුලේ.එහෙම නැති ව හැඟීම් හා හුදු සංවේදනා මත හැමදේම තීරණය වුණොත් නීතිය හා සාමය අර්බුදයකට ලක්වෙන්න පුළුවන්.
___________
සටහන - නීතිඥ සුසිත දන්ගහදෙනිය

Want your practice to be the top-listed Law Practice in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Turnour Road
Colombo
08