Joint Development Officers Centre
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Joint Development Officers Centre, Labor Union, Colombo.
18/06/2026
Web linkhttps://pubad.gov.lk/web/images/contents/cs-services/dos/dos-deficiencies-in-the-doc-submitted-for-confirmation-promotion-other-organizational-matters.pdf
18/06/2026
අමාත්‍යතුමා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යාංශය,
සෙත් සිරිපාය,
බත්තරමුල්ල.
2026.06.18
අමාත්‍යතුමානි,
සමාජ ආරක්ෂණ මණ්ඩලයට අනුයුක්ත කළ සංවර්ධන නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සම්බන්ධවයි
2020 රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබා. වර්තමානයේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත අනුයුක්තව සේවය කරන නිලධාරීන් මුහුණ දෙන දැඩි වෘත්තීය සහ මානසික ගැටලු කිහිපයක් කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය කඩිනමින් යොමු කරනු පිණිස මෙම ලිපිය ඉදිරිපත් කරමු.
02 අදාළ නිලධාරීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ වත්මන් තත්ත්වය
මෙම පත්වීම් ලබා දීමේදී උපාධිධාරීන්ගේ සුදුසුකම් හෝ කැමැත්ත සලකා බලා නොමැත. රජයේ ප්‍රතිපාදන බෙදාහැරීමක් වෙනුවට, රාජකාරිය වී ඇත්තේ විශ්‍රාම වැටුප් නොලබන මහජනතාවගෙන් දායකත්ව මුදල් එකතු කිරීමයි. වත්මන් දැඩි ආර්ථික අපහසුතා හමුවේ මිනිසුන් ස්වේච්ඡාවෙන් මෙයට දායක වීමට අකමැතිය.
මුලින් පවසා තිබුණේ මහජනතාව දැනුවත් කිරීම සහ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදී බඳවා ගැනීමේ නිලධාරීන් සම්බන්ධීකරණය කිරීම පමණක් මෙම නිලධාරීන්ට පැවරෙන බවයි. නමුත් වර්තමානයේ රක්ෂණ නියෝජිතයන් මට්ටමට පත් කරමින්, මුදල් එකතු කිරීමේ ඉලක්ක මත පදනම්ව කාර්ය සාධනය අඩු බව පවසමින් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනුවලට අවාසි සහගත ලිපි ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටී.
2026 අප්‍රේල් මාසයේ සිට බඳවා ගැනීමේ වාරික මුදල් ප්‍රමාණය විශාල ලෙස ඉහළ දමා ඇති අතර, එක් නිලධාරියෙකුගේ බඳවා ගැනීමේ ඉලක්කයද 120-150 සිට 450-550 දක්වා හදිසියේ ඉහළ නංවා ඇත. පවතින සමාජ - ආර්ථික වටපිටාව තුළ මෙය කිසිසේත් සපුරාගත නොහැකි මට්ටමකි.
බඳවා ගැනීම් සිදු කරන ක්ෂේත්‍ර නිලධාරීන්ට (ග්‍රාම නිලධාරී ආදී) ලබා දුන් දිරි දීමනාව 19% සිට 12% දක්වා අඩු කිරීම නිසා ඔවුන්ගෙන් ලැබෙන සහාය ද සම්පුර්ණයෙන්ම පාහේ අහිමි වී ඇත.
අධික සහ අසාධාරණ ඉලක්ක සපුරා ගැනීමට සිදුවීම නිසා නිලධාරීන් දැඩි කායික හා මානසික පීඩනයකට ලක්ව ඇති අතර, බොහෝ පිරිසක් රෝගාබාධ වලට පවා ගොදුරු වී ඇත. සේවයෙන් ඉවත් වීමට අවශ්‍ය වුවද, " අනුප්‍රාප්තිකයෙකු " නොමැති බව පවසමින් ඊට ද අවස්ථාවක් ලබා නොදේ.
සුදුසුකම් සපුරා තිබියදීත්, 2025 වසරේ සිට හිමි විය යුතු වැටුප් වර්ධක ලබා දී නොමැති අතර සේවා ස්ථිර කිරීමේ ලිපි ලබා දීම ද පැහැදිලි හේතුවක් නොමැතිව ප්‍රමාද කර ඇත.
ඉහත සඳහන් කරුණු සලකා බලා, මෙම නිලධාරීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරනු වස් පහතසඳහන් සහන ලබාදීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්ථාන මාරුවීම්/අංශ මාරුවීම් අනුප්‍රාප්තිකයෙකු ඉල්ලා සිටීමේ කොන්දේසියෙන් බැහැරව වෙනත් අංශයකට යොමු වීමට හෝ අමාත්‍යාංශය යටතේ පවතින වෙනත් සුදුසු තනතුරකට මාරු වීමට අවස්ථාව සලසා දීම.
ඉලක්ක සංශෝධනය කිරීම. බඳවා ගැනීම් සඳහා තර්ජනාත්මක ලෙස ඉලක්ක පැනවීම සහ අනිවාර්ය කිරීම වහාම නතර කර, ඒ වෙනුවට මාසිකව පැවැත්විය යුතු " මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් " ප්‍රමාණයක් මතපදනම්ව කාර්ය සාධනය මැන බැලීම
දැනට ප්‍රමාද කර ඇති සේවා ස්ථිර කිරීමේ ලිපි කඩිනමින් ලබා දීම සහ 2025 වසරේ සිට හිඟ වැටුප් වර්ධක නිසි පරිදි ලබා දීමට පියවර ගැනීම.
මෙම කරුණු සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
ස්තූතියි.
මෙයට,
ලේකම්,
ධම්මික මුණසිංහ, (0714176030)
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
පිටපත්:
🔺ලේකම් - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය,
🔺ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
🔺සභාපති - ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo