Find Yourself

Find Yourself

Share

Counselling / Life Coaching
WhatsApp 0769099748

14/01/2025

මම අද ලියන්නෙ අපි හැමෝටම වැදගත්වෙන අපේ මනස සන්සුන් කරගන්න පුළුවන් පොඩි අභ්‍යාසයක් ගැන.

මෛත්‍රී කිරීම

තමන්ගෙන් පටන් අරන් පවුලේ අයට, යාළු මිත්‍රයින්ට, රස්සාව කරන තැන ඉන්න අයට, නෑදෑයන්ට මේ ඕනම කෙනක්ට අපිට පුළුවන් මෛත්‍රී කරන්න.

ඒක මෙන්න මේ වගේ. ඔයා ඔයාට මෛත්‍රී කරන්න ඕනෙ මුලින්ම. මෙන්න මෙහෙම හිතන්න.
මගේ හිතේ කිසි කෙනෙක් එක්ක තරහක් නෑ.වෛරයක් නෑ. මං මට මෛත්‍රී කරනවා.මගේ හිත හරිම සන්සුන්.මගේ හිත හරිම සාමකාමී.

ඒ වගේම පවුලේ අයට මෛත්‍රී කරද්දි අම්මට නම්
මම අම්මට මෛත්‍රී කරනවා, මට අම්මා එක්ක තරහක් නෑ.අම්මට යහපතක්ම වේවා,අම්මා නිදුක් වේවා,නීරෝගී වේවා ඔය වගේ තාත්තා, නංගි, මල්ලි, අයියා, අක්කා,ස්වාමියා, බිරිද, දූ දරුවන් ඔයාගෙ පවුලෙ ඉන්න හැමෝටම මෛත්‍රී කරන්න.

මේක ඔයා බුද්ධාගමේ කෙනෙක් නම් බුදුන් වදින වෙලාවට කරන්නත් පුළුවන් නැත්තං කාත් එක්ක හරි තරහක් ආපු වෙලාවකට නැත්තන් කවුරු හරි ඔයා එක්ක තරහින් ඉන්න වෙලාවක කරන්නත් පුළුවන්.

ඒ වගේම ඔයා වැඩ කරන තැන ඉන්න අය ඔයා ගැන කේලම්, බොරු,කටකතා,ඕපදූප වගේ දේවල් කියනවා නම් ඔයාට කැපිලි කෙටිලි තියනවා නම් ඒ අයටත් මෛත්‍රී කරන්න.

කොයිම වෙලාවක වත් එකට එක කරන්න යන්න එපා. ගැටුම් ඇති කරගන්නත් එපා. ඔයා නිහඩව මෛත්‍රීය ම කරන්න. ඔයා පතුරවන මෛත්‍රිය ස්වාභවයෙන්ම නැවත ඔයා වෙත පැමිණෙනවා. ඒ වෙලාවෙම එහෙම වෙන්නෙ නැති වුනත් කොයිම වෙලාවක හරි එහෙම වෙනවා.

මෛත්‍රී කිරීමෙන් ඔයාට

හිත සන්සුන් කරගන්න, අනවශ්‍ය ගැටුම් වලින් වලකින්න,හිත ඇතුලෙ සාමය පවත්වගෙන යන්න, ආතතිය අඩු කරගන්න, හිතේ බය නැති කරගන්න පුළුවන් වෙනවා වගේම හොදින් නින්ද යන්න උදවු වෙනවා,මූණ පැහැපත් වෙනවා.ලෙඩ රෝග අඩු වෙනවා. සතුටින් ඉන්න පුළුවන් වෙනවා.

ඉතින් ඔයත් මේ අභ්‍යාසය උත්සහ කරලා බලන්න.
සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න.

Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)

05/01/2025

උපදේශනය / Counselling ගැන මේ දේවල් ඔයා දැනගෙන හිටියද?

උපදේශනය එහෙමත් නැත්තන් Counselling කියන විෂය ගැන සමහර අය වැරදි මත වල ඉන්නවා. සමහර අයගෙ වචන වලින් කියනවා නම් ඒ අය හිතනවා උපදේශනය ලබා ගන්න යන්නෙ පිස්සො කියලා. ඔවුන්ට අනූව මානසික ලෙඩක් තියනවනම් විතරයි උපදේශනය කරා යොමු විය යුත්තේ. ඉතිං ඒ අයට උපදේශයනය ලබා ගැනීම පොඩි මදි පුංචි කමක් වගේ දැනෙනවා ඇති. ඒක සම්පූරණයෙන්ම වැරදියි.

තවත් සමහර අය හිතනවා උපදේශනය කියන්නෙ උපදෙස් දීමක් කියලා. ඒ මතයත් වැරදියි.

උපදේශනය කියන්නෙ පුද්ගල ගැටළු විසදා ගැනීමට කරන මගපෙන්වීමක්. ඒ කියන්නෙ ගැටළුව ඉදිරිපත් කරන කෙනාගෙ කුසලතා සංවර්ධනය කරමින් එම පුද්ගලයාට ගැටළු විසදා ගැනීමට ශක්තිය ලබා දීම තමයි උපදේශනයෙ අරමුණ වෙන්නෙ.

තවත් විස්තර කරනවනම් ව්විධ මනෝ චිකිත්සාවන් යොදාගෙන මානසික ගැටළු ව්සදීමයි. ඒ වගේම පුද්ගල මානසික සෞඛ්‍ය වර්ධනය කරමින් ධනාත්මක සංවර්ධනයක් සිදුකරනු ලබනවා.

ජීවිතයේ ඔයාට එන ගැටළු, අභියෝග, පරාජය වීම් හමුවේ නොසැලී ඒවා ජයගන්න මනෝ උපදේශනයෙන් ඔයාට සහය ලැබෙනවා. ඒ වගේම යහපත් ජීවිතයක් පවත්වාගෙන යන්න අවශ්‍ය සතුට, ආත්ම ශක්තිය වර්ධනය කරන අතරම ආතතිය , පීඩනය ,කලකිරීම් වගේ දේවල් වලට සාර්ථකව මූණ දෙන්න උපකාර වෙනවා. එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාව වැඩි වෙලා පවුල් සබදතා යහපත් ලෙස පවත්වාගෙන යාමට උදවු වෙනවා. ඒ අතරෙම විශාල සැහැල්ලුවක් ලැබෙනවා.

උපදේශනයෙදි ඖෂධ / බෙහෙත් ලබාදීමක් කරන්නෙ නෑ. මනෝ වෛද්‍යවරුන් තමයි ඖෂධ ප්‍රතිකාර කරන්නෙ. උපදේශනය මගින් විසදුම් ලබාගන්නත් බැරි නම් තමයි ඔයා මනෝ වෛද්‍යවරයක් වෙත යොමු වෙන්න ඕනෙ.

සියදිවි නසා ගැනීම්, විවිධ ඇබ්බැහි වීම්, විවාහ ජීවිතයේ ගැටළු , ළමුන් ගේ හිතකර නොවන ව්විධ චර්‍යා රටා, පවුලේ සාමාජිකයන්ගේ සබදතා ගැටළු, ලිංගික ගැටළු,වෘත්තිය ගැටළු , පුද්ගල ගැටළු වැනි විවිධ ගැටළු සදහා උපදේශනය මගින් ව්සදුම් ලබා ගන්න පුළුවන්.

ඉතිං මේ උපදේශනය ගැන කෙටි හැදින්වීමක් විතරයි. ඔයාට හරි ඔයාගෙ ළගම කෙනෙක්ට හරි තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ හෝ රැකියා ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක කාටවත් කියාගන්න බැරුව විදවනවා නම් දුක් වෙනවා නම් හෝ ආතතියකින් ඉන්නවා නම් උපදේශනය සදහා යොමු වන ලෙස හෝ යොමු කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒක ලොකු පිනක් වෙයි ඔයාට.

ඒ වගේම ආර්ථික අපහසුතා ඇති අයට නොමිලේ උපදේශනය ලබා ගන්න පුළුවන් පහත සදහන් ආයතන මගින්

- ජාතික මානසික සෞඛ්‍ය ඒකකය - 1926

- ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආයතනය - කොළඹ 07

පින්තූර අන්තර්ජාලය ඇසුරිනි.

Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)

02/01/2025

අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නෙ ගෘහණියන්, කාන්තාවන් කැමතිම මාතෘකාවක් වන ඉවුම් පිහුම් කලාව ගැන.

ආහාර වලට පුළුවන් මිනිසුන් ව ආකර්ෂණය කරගන්න. කටට රහට, පෙනුමට, පාටට තියනකොට පොඩි , ලොකු හැමෝම ආසාවෙන් කෑම ගන්නවා.

බොහෝ කාන්තාවන් උයන්න පිහන්න කැමති වුනත් සමහර අය ඉන්නවා උයන එක හරිම කරදරයක්, වදයක් කර ගත්ත. ඒ වගේම උයන්න කම්මැලි, ඕනෙවට එපාවට උයන. ඉතින් අන්න ඒ අයට තමයි අද මේ ලිපිය.

කොහොමද අපි ආසාවෙන් කැමැත්තෙන් උයන්නෙ?

🌸 මුලින්ම ඔයාගෙ මුළුතැන්ගෙය , උයන තැන ලස්සනට හදාගන්න. ඒක ඔයාට පහසු විදියට, ගැළපෙන විදියට, ඔයා ආස විදිහට කරගන්න.

🌸 ඒප්‍රන් එකක් / ඔයා කැමති විදියෙ ඇදුමක් කුස්සියෙ වැඩ කරනකොට භාවිතා කරන්න. ඒකෙන් ඔයාට පොඩි අභිමානයක් දැනෙයි ඔයා ගැන.

🌸 ඔයා කැමති විදිහෙ වළං , පිගන් භාජන ,දීසි වර්ග පාව්ච්චි කරන්න. හැබයි ඉතින් ඒවයෙ ගුණාත්මක භාවය ගැනත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. ඉවීම සදහා මැටි වළං භාවිතය වඩා සුදුසුයි කියලා පිළිගැනෙනවා. ඒ වගේම ඉවුම් පිහුම් කටයුතු වලදි වගේම ඔයාගෙ කුස්සියෙත් ප්ලාස්ටික් බඩු අඩු වෙන තරමට හොදයි.

🌸 ඔයා කෑම හදලා ඉවර වෙලා කෑම මේසයට කෑම අරින්න. හැමදාම බැරි වුණත් පවුලෙ අය හැමෝම ගෙදර ඉන්න වෙලාවට කෑම මේසයට කෑම බෙදලා හැමෝම එකට එකතු වෙලා කෑම ගන්න. පවුලෙ සතුට ,සමගිය වැඩි වෙනවා එතකොට.

🌸 කෑම උයද්දි පෙනුම සහ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. සමහර ආහාර පොඩි වේලාවක් ඇතුළත උයාගන්න ඕනෙ ඒවගෙ පාට , ගුණය ආරක්ෂා වෙන විදිහට කොළ පාට එළවළු ,කොළ මැල්ලුම් වගේ, සමහර කෑම වර්ග ටිකක් වෙලා අරන් උයාගන්න ඕනෙ පොළොස් ,කැකිරි වගේ දේවල්.

🌸 කෑම උයනකොට කොළ පාට, රතු පාට කහ පාට වගේ ව්විධ වර්ණ ගළපලා උයාගන්න ඒ වගේම කිරට, මිරිසට, තෙලට ඔය වගේ වර්ග කරලා උයනකොට ආහාර රුචියත් වැඩිවෙනවා.

🌸 පිරිසිදුකම තමයි අංක එක . මොකද අපි උයන්නෙ අපි වැඩියෙන්ම ආදරේ කරන අපේ පවුලේ අය වෙනුවෙන් නෙ. ඒ නිසා උයන්න පටන් ගන්න කලින් ඒ වගේම උයලා ඉවර වුනාට පස්සෙත් අත් , නියපොතු හොදින් පිරිසිදු කරගන්න.

🌸 ඔයා උයන තැනට හොද ආලෝකයක් ලැබෙන්න සලස්වගන්න.

ඔයත් මේ දේවල් උත්සහ කරලා බලන්න. ඔයාගේ ආදරණීයන්ට ආසාවෙන් , සතුටින් උයලා දෙන්න.

පින්තූරය අන්තර්ජාලය ඇසුරිනි.

Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)

30/12/2024

අපි අද කතාකරන්නෙ ඉතිරි කිර්‍රීමේ හොද පුරුද්ද ගැන

ඔයාට හරි ඔයාගෙ පවුලෙ කාට හරි එක පාරට ලෙඩක් ,කරදරයක් උනොත් හදිස්සියෙම සල්ලි ඕනෙ වෙන්න පුළුවන් ඉතින් ඒ වගේ වෙලාවක ඉතුරු කරපු සල්ලි ටිකක් තියෙනවා කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද?

ඒ විතරක් නෙවෙයි සමහර අය තමන්ගෙ සල්ලි වලින් wedding පවා කරගන්නවා පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරලා. ඒ වගේම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. තව සමහර අය යම් මුදලක් ඉතිරිකරගෙන අළුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ධෛර්යයවන්ත කෙල්ලො, කොල්ලො සල්ලි කීයක් හරි ඉතුරු කරගන්නවා රට යන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට අපි මුදල් ඉතුරු කිර්‍රිම ඉතා වටිනවා.

මුදල් ඉතුරු කරගන්නේ කොහොමද??

01. මාසික අයවැය ලේඛනයක් හදාගන්න.

ඊළග මාසයට ඔයාට ලැබෙන්න තියෙන ආදායමයි ගෙවන්න තියෙන වියදම් ටිකයි දාලා budget plan එකක් හදාගන්න. මේක පොතක ලියලා කරන්නත් පුළුවන් නැත්තන් ඔයාගෙ phone එකට app එකක් දාගෙන වුනත් කරන්න පුළුවන්. අදාළ මාසය අවසානයේ සත්‍ය අදායමයි වියදමයි එක්ක සංසන්දනය කරලා බලන්න එතකොට ඔයාට පැහැදිලි චිත්‍රයක් තියනවා කීයක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා.

02. ඔයාට ලැබෙන ආදායමෙන් මාසිකව යම් මුදලක් බැංකු ගත කරන්න

ඒක කරන්න ඔයා බැංකුවට යන්න ඕනෙම නෑ.online app එකකින් කරන්න පුළුවන් ඒකත් කරන්න අමතක වෙනවා නම් බැංකුව එක්ක කතා කරලා standing order එකක් දාන්න.එතකොට හැම මාසෙම අදාළ මුදල ඒ ගිණුමෙන් අඩුවෙලා ඔයා ඉල්ලන ගිණුමට යනවා.

03. අනවශ්‍ය වියදම් වලින් වැළකීම

මෙන්න මේ දේ තමයි ගොඩක් අයට කරන්න අමාරු. Budget plan 1 ව්ටිනාකම තියෙන්නෙ මෙන්න මේ වෙලාවට තමයි . අපි කලින් plan කරලා නැති වුනත් හදිසියේම අපිට නොයෙක් ගමන් බිමන්, එලියෙන් කෑම ගන්න, සාප්පු සවාරි යන්න , online order කරන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදි මතක් කර ගන්න මේ මාසෙ මම මේකට මුදල් වෙන් කරේ නෑ නේද කියලා සහ අත්‍යවශ්‍යම දෙයක් ඇරෙන්න දකින දකින දේවල් මිලදී ගන්න එපා.

04. ගිණුම් කීපයක් භාවිතා කිර්‍රීම

අපි එකම ගිණුමෙ මුදල් ලබා ගන්න එකයි වියදම් කරන එකයි ඉතුරු කරන එකයි කරන්න ගියොත් ඒක ටිකක් සංකීර්ණ වෙනවා. ඒ නිසා ඔයා ගිණුම් දෙකක් හෝ කීපයක් මේ සදහා භාවිතා කරන්න.

05. බිල්පත් හා ණය

ඔයාට පඩිය / ආදායම ලැබුණු ගමන්ම ඔයාට ගෙවන්න තියන ණය වාරික සහ විදුලි, ජල , දුරකථන , ණයපත් වගේ බිල් පත් මුලින් ගෙවලා ඉන්න. ඒවා අපේ වගකීම් නිසා ඉස්සෙල්ලම ඒවා අඩු කරගෙන ඉන්න. ඒ වගේම බැංකු ණය හා ණය පත් මාසයේ අදාළ දිනටම (due date) ගෙවීම් කිර්‍රිම මගින් අනවශ්‍ය පොළී ගෙවීම් වලින් වලකින්න පුළුවන්.

06. ණයපත් භාවිතය

ඔයා credit card එකක් හරියට පාවිච්චි කරනවා නම් ඔයාට මුදල් කළමනාකරණය කරගන්න එක ලේසියි එහෙම නැති වුනොත් ඔයා අමාරුවේ වටෙනවා. credit card එකෙන් මිලදී ගැනීමක් කළාම (භාණ්ඩයක් හෝ සේවාවක්) අදාල බැංකුව එක්ක කතා කරලා ඒක වාරික විදියට ගෙවන්න හදාගන්න.

07. කැට භාවිතය

කඩෙන් මිලදී ගත්ත කැටයක් හරි එහෙම නැත්තන් ඔයාම ලස්සනට හදාගත්ත කාඩ්බෝඩ් පෙට්ටියකට හරි දිනපතා ඔයාගෙ අතේ ඉතුරු වෙන මුදල් තැන්පත් කරන්න.

Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)

29/12/2024

සතුට සොයාගන්නා රහස් 06 ක්

1. විනෝදාංශ එකතු කරගැනීම

පොත් කියවීම, ගීත වලට සවන්දීම, නර්ථනය, සංචාරය කිරීම , විවිධ කෑම වර්ග අත් හදා බැලීම වගේ ඔයා කැමති විනෝදාංශයක් හෝ විනෝදාංශ කීපයක් එකතු කරගන්න.

2. Me Time

ඒ කියන්නෙ දවසෙන් විනාඩි 10-15 ක් වගේ අරගෙන වෙන කිසිම වැඩක් නොකර ඒ වෙලාව ඔයා වෙනුවෙන්ම ගත කරන්න. ඔයාට මේ වෙලාවෙදි උණු තේ හරි කෝපි එකක හරි රස බලන්න පුළුවන්, කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයා දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නැත්තං මිදුලට ගිහින් ගහ කොළ දිහා බලලා සතුටු වෙන්න ඒ වගේ ඕනෙම ඔයා සතුටු වෙන විදියෙ දෙයක් කරන්න.

3.සමාව දීම

මේකේ තේරුම ටිකක් ගැඹුරුයි. මේකෙන් කියන්නෙ අපිට වැරැද්දක් කරපු කෙනක්ව සාධාරණය කරන එකවත් , ඒ වැරැද්ද හරි කියන එකවත් නෙමෙයි.ඔයාට කාගෙ හරි අතින් වචනෙකින් හරි වැරැද්දක් උනොත් ඒක ගැන දිගින් දිගටම හිත හිත ඉන්නැතුව ඒක අමතක කරන්න ,අතෑරලා දාන්න කියන එක. ඔයා ඒ සිද්ධිය දිගින් දිගටම හිතේ තියාගෙන කල්පනා කර කර හිටියොත් ඒක ඔයාට අනවශ්‍ය පීඩනයක් ඒ නිසා සමාව දෙන්න පුරුදු වෙන්න.

4. කෘතඥතාව (Gratitude )

ඔයාට ලැබිලා තියෙන දේවල් වල අඩුපාඩු හොයන එක වෙනුවට ඒ දේවල් ලැබීම ගැන ස්තූතිවන්ත වෙන්න.ඔයාගෙ රූපෙ, ඔයාගෙ ගෙදර,ඔයාට ලැබෙන කෑම,ඔයාගෙ රස්සාව මේ හැමදේටම ස්තූති කරන්න.

5. ඉපැයීමේ මාර්ගයක් තිබීම

ගැහැණු පිරිමි වෙනසක් නැතුව අපි හැමෝටම යම් ආදායමක් එන මාර්ගයක් තිබිය යුතුයි. ඒක රස්සාවක්ම වෙන්න ඕනෙ නෑ. නිවසේ ඉදන් කරන පොඩි ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්.තාමත් ඔයාට ඔයාගෙ කියලා අදායමක් නැත්තං තමන්ගෙ හැකියාවන් පාවිච්චි කරලා පොඩි තැනකින් පටන් අරගෙන ඔයා ආදායමක් උපයන්න පටන් ගන්න.

6. අන් අයට සහයෝගය දැක්වීම.

මේකෙන් අදහස් කරන්නෙ ඔය අමාරුවෙ වැටීගෙන අනිත් අයට උදවු කරන්න කියන එක නෙමෙයි. ඔයාට පුළුවන්කමක් තියෙනවනම් අනිත් අය වෙනුවෙන් යම් සහයක් දක්වන්න. මෙහෙම හිතන්නකො ඔයාට කවුරු හරි යාළුවෙක් ඇවිත් එයගේ දුකක් කියනවා. ඒ වෙලාවට එයාට හොදට ඇහුම්කන් දෙන්න. වචනෙකින් හරි හිත හදන්න. වැඩ කරන තැන ඉන්න කාට හරි යාළුවෙක්ට අවශ්‍ය උනොත් වැඩ කරන්න පොඩි සපෝට් එකක් දෙන්න.තව ඔයාගෙ බිරිදට , සැමියට උදව් අවශ්‍යයි කියලා කටින් කිව්වත් නැතත් හොයලා බලලා අවශ්‍ය දේ කරලා දෙන්න. ඔයාගෙ පවුලෙ අය, නෑදෑයො මේ ඕනෙම කෙනෙක් සදහා මේ දේ කරන්න. හැබැයි මතක තියාගන්න වැදගත්ම දේ තමයි ඔයා stress නොවී සතුටින් තමයි ඒවා කරන්න ඕනෙ.

Sachini Chandrasiri
Dip.in Counselling Psychology
BSc.Management (USJP)

24/11/2022

ඔබ කෙනෙකුට ආදරේ නම් එම පුද්ගලයා වෙනස් කිරීමට මහන්සි නොවන්න.අවසානයේදී ඔබ හති වැටෙනු ඇත.එම නිසා ඔබ වෙනස් වී බලන්න.
Find Yourself

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo