Suseemarama Praja Sewa Foundation

Suseemarama Praja Sewa Foundation

Share

Give, even if you only have a little. (Buddha)

Photos from Suseemarama Praja Sewa Foundation's post 29/12/2023

පොල්ගස්ඕවිට, රිළාවල සුසීමාරාම විහාරාධිපති අති ගෞරවණීය රාජකීය පණ්ඩිත සේදවත්තේ පඤ්ඤාවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුව උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් "සුසීමාරාම ප්‍රජාසේවා පදනම" විසින් ඉදිකරනු ලැබූ 3 වන නව නිවස විවෘත කර වැල්ලවාය වෙහෙරයාය සිරිපුරගම ඩී.එම්. අකිල තරංග මහත්මා ඇතුලු එම දරු පවුල වෙත ලබා දීම සහ

4 වන නව නිවස සඳහා මුල්ගල් තැබීමේ කටයුතු දෙසැම්බර් 28 වන දින උදෑසන අති ගෞරවනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සිදුකරනු ලැබුවා.

මෙවර මෙම 4 වන නව නිවසේ හිමිකරු තණමල්විල, හම්බෙගමුව, අළුත්වැව කේ.ජී. සමන් කුමාර මහත්මා ඇතුලු එම දරු පවුලයි.

ඔවුන් දරුවන් දෙදෙනෙක්ගෙන් සමන්විත පවුලකි.

මේ සඳහා සියලු ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු ද ඇතුලුව අනෙකුත් අඩුපාඩු සපයමින් "වැල්ලවාය නැනසවිය පදනම" අප හා ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරනු ලබයි.

මේ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට සහ දැකබලා අනුමෝදන් වන සියලුම දෙනාට ද මේ උතුම් පුණ්‍යකර්මයෝ සසර දුක නිවීම පිණිසම හේතු වාසනා වේවා !!! 🙏🙏🙏

Photos from Suseemarama Praja Sewa Foundation's post 24/05/2023

සුසීමාරාම ප්‍රජාසේවා පදනම විසින් ඉදිකිරීමට නියමිත 3 වන නව නිවස සඳහා මුල් ගල් තැබීම මැයි මස 15 වන සඳදා දින උදෑසන අති ගෞරවනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සිදුකරනු ලැබුවා.
මෙවර මෙම නව නිවසේ හිමිකරු වැල්ලවාය වෙහෙරයාය සිරිපුරගම ඩී.එම්. අකිල තරංග සහ කේ.එම්. අයේශා උමයංගනී යන මහත්ම මහත්මීන් දෙපලයි. ඔවුන් දරුවන් තිදෙනෙක්ගෙන් සමන්විත පවුලකි.(වැඩිමහල් පුතා සහ දියණියන් දෙදෙනෙක්)

මේ සඳහා සියලු ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු ද ඇතුලුව අනෙකුත් අඩුපාඩු සපයමින් "වැල්ලවාය නැණ සවිය පදනම" අප හා ඒකාබද්ධව ක්‍රියා කරයි.

Photos from Suseemarama Praja Sewa Foundation's post 12/09/2022

චාමර මහත්මාගේ දරු පවුල සහ සශිකලා මහත්මියගේ දරු පවුල වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවාස දෙක.

(සියලුම ඉදිකිරීම් හා සම්බන්ධීකරණ කටයුතු වැල්ලවාය නැණසවිය පදනම මගිනි)

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Suseemaramaya, Sri Saranankara Mawatha, Rilawala, Polgasowita
Colombo