Bond Of Humanity
මනුෂ්‍යත්වයේ බැඳීම වෙනුවෙන් සැමවිටම එකමුතු වෙමු.
14/06/2024
❤❤අන්තර්ජාතික රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය 2024❤❤
අද දින නෙලුම් පොකුණ රඟහලේදි ජාතික රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීමට ලක් කලහ.
එහිදී bond of humanity සංවිධානයද ඇගයීමට ලක්විය.
මානව දයාවෙන් යුතුව රුධිරය අවැසි රෝගීන් හට රුධිරය නිර්ලෝභීව,කිසිදු මූල්‍යමය බලාපොරොත්තුවකින් තොරව රුධිරය පරිත්‍යාග කරන උතුම් මිනිසුනි....ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායුශ පිරි සුබ අනාගතයක් වේවා...
මේ ඇගයීම් සහතිකය සංවිධානයේ ශක්තිය වූ ඔබටයි.
ස්තූතියි
Bond of humanity
මනුශ්‍යත්වයේ බැඳීම ❤️
12/02/2024
Bond Of Humanity සංවිධානය විසින් 10-02-2024 දින තෙවැනි වරට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පවත්වන ලද රුහිරු දාන කර්තව්‍යය සර්වප්‍රකාරයෙන්ම සාර්තක ලෙස නිම කිරීමට හැකිවිය.
ජීවිතයක් ජීවත් කිරීම සඳහා රුධිර පරිත්‍යාග කිරීමට 100කට අදික පිරිසක් සහභාගී වූ අතර එයින් 75 දෙනෙක් රුධිර පරිත්‍යාග කිරීමට හැකිවීම මේ වගේ අවස්තාවක ඉතාමත් සතුටු විය හැකි කරුණකි.
අප විසින් සංවිධානය කර මේ කර්තව්‍යය මෙතරම් සාර්ථකව නිමා කර ගැනීමට හැකි වූයේ මුදලින් උපකාර කළ ලක්ශිකා සිල්වා, කසුන් කුමාර, සියාම් හුමර්,සචිත්‍රා ගිම්හානි ,කේෂනි ෆොන්සේකා , ඉමේෂා ගුණවර්ධන ,ශාමලී විතානගේ,
ව්‍යාපාරික චම්මික ත් එලෙසම කිරි පැකට් වලට අනුග්‍රහය දක්වා ඒවා සපයා දුන් රජිත තිලංක, පානීය ජලය සඳහා පරිත්‍යාගශීලීන් සම්බන්ධ කල පූර්නිමා කලාපාලිත්, දහවල් ආහාරය සඳහා අනුග්‍රහය දැක්වූ අභීත ප්‍රනාන්දු හා නිෂ් අපොන්සෝ හා පුවත්පත් දැන්වීම් පලකරමින් සහයෝගය ලබා දුන් රංග ප්‍රභාත් සොයුරාටද අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.
එමෙන්ම තම කාලය ගෙවාගෙන ඇවිත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් හා
ශ්‍රමදායකත්වයෙන් මේ වැඩසටහන සාර්තක කරගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම නැවත නැවතත් අපගේ හෘදයාංග ස්තූතිය පලකරනෙමු.
Bond Of Humanity
ඔබේ ජීවිතෙන් මිනිත්තු 20ක කාලයක් වැයකර තවත් වියැකීයන ජීවිතයකට නැවත ජීවය දෙමුද
ඔබත් එන්න අප හා අත්වැල් බැදගෙන අහිංසක බලාපොරොත්තු පොදි බඳින ජීවිත ගණනාවකගෙ මුවගට සිනහවක් දෙන්න ..
450ml වූ රුහිර බිඳකින් ජීවිතයක් ජීවත් කරවන්න අපිත් සමඟ.....
2024 පෙබරවාරි 10 සෙනසුරාදා දින නරාහෙන්පිට ජාතික රුධිර පාරවියලන මධ්‍යස්තානයේදී ඒ උතුම් රුහිරු දාන පාරමිතාවට ඔබත් එකතුවන්න ..
ජීවයයකට පණ පොවන්න අපි ඉන්නවා ඔබ එනතුරු...
🩸🩸🩸🩸
සංවිධාන ශක්තිය Bond Of Humanity
28/05/2023
පණ යදින ජීවිත වලට පණ දෙන්න Bond Of Humanity සංවිධානය විසින් 27-05-2023 දින දෙවනවරට මහරගම අපේක්ෂා රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැත්වූ ලේ දන් දීමේ කර්තව්‍යය සාර්ථක ලෙස නිම කිරීමට හැකිවිය.
ජීවිතයක් ජීවත් කිරීම සඳහා රුධිර පරිත්‍යාග කිරීමට 50 දෙනෙක් දායක විය.
අප විසින් සංවිධානය කර මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට සහයෝගය දුන් සියලු දෙනාටම නැවත නැවතත් අපගේ හෘදයාංග ස්තූතිය පුදකරන්නෙමු.
එසේම මේ සඳහා මුදලින් හා ශ්‍රමයෙන් උපකාර කල සියලු දෙනාටත් තම කාලය කැපකරමින් පැමිණ ලේ දන් දුන් සියලුදෙනාටමත් නැවත ස්තූතිවන්ත වෙමු.
Bond Of Humanity ❤️❤️🩸🩸🩸🩸🩸🩸
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
Colombo