Thilanka Rathnayake

Thilanka Rathnayake

Share

A Patriotic Sri Lankan, Hope of the Nation ! Loyalty to country always. And also He is a Political analyst & activist.

21/04/2026

Protecting my peace..♥️✨

14/04/2026

උදාවූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයට නව බලාපොරොත්තු, නව අපේක්ෂාවන් සහ නව ආරම්භයන් ගෙන එන සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා!! 💛✨

22/09/2025

බ්‍ර්තාන්‍ය පාලකයන් පසු හදුන්වාදුන් "දියවඩන නිළමේ නිලවරණය"..

ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ වැඩ සිටින කරඬු හතෙන් රජතමය කරඬුවේ නොහොත් පළමු කරඬුවේ යතුරේ භාරකාරත්වය දියවඩන නිලමේ වරයා සතුය. ඒ, දළදා වහන්සේගේ ගිහිභාරකාර වරය‍ා වන හෙයිනි. එය “ධාතුවංසයේ” ධාතුරක්ඛාධිකාරි ලෙසින් හඳුන්වා ඇත. දළදා මාලිගාවේ දෛනික පුද පූජා මෙන්ම වාර්ෂික මංගල්ලයන් ද නිසි ලෙස සිදු කිරීමේ වගකීම ද ඔහු සතුයි. මාලිගාවේ දේපොළ, වගකීම් මෙන්ම රාජකාරි දූරයන්ගේ කාර්ය්‍යන් නිසිලෙස සිදුවේදැයි විමර්ශනය ද පැවරී තිබේ. ඒ අතර රාජතාන්ත්‍රිකයින් හා දෙස් විදෙස් ප්‍රභූන් පිළිගැනීම ද දියවඩන නිලමේතුමාගේ රාජකාරියකී. දියවඩන නිලමේ යන තනතුරක් ගැන ඓතිහාසික පොත්පත්වල නම් සඳහන් වන්නේ නැත. එය මුලින් ම හමුවන්නේ මහනුවර යුගයේ ලියවුණු දුනුවිල හටන යන කවිපොතෙයි.

ශ්‍රී දළදා මාළිගාවට නව දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා රජ සමයේ සිට පැවත එන සම්ප්‍රදායක් පවතින අතර ඒ සඳහා නීතිරීති අණ පනත් ද පවතින්නේ ය. දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය සඳහා පත්වන දියවඩන නිලමේවරයාට ඒ සඳහා වසර දහයක කාලයක් වගකීම් පැවරෙන අතර ඔහු පත් කිරීමේදී ඡන්ද විමසීමක් සිදු කළ ද එය නිලවරණයක් නොව බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව කැඳවන ලද රැස්වීමක මත විමසීමක් වන්නේ ය. ක්‍රි.ව 1876 දී බ්‍රිතාන්‍ය පාලකයන් නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරට පත්කිරීම සඳහා මෙම ක්‍රමය,මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හඳුන්වා දුන්හ. එතෙක් ජීවිතාන්තය දක්වා වූ දියවඩන නිලමේ ධුර කාලය වසර 10කට සීමා විය. යළිත් තරග කර හැකිනම් තව වරක් පත්වීමේ අවකාශ මෙහිදී හිමිවීම සුවිශේෂී වේ. සක්‍රීය දියවඩන නිළමේවරයෙකු ගේ ධුර කාලය අවසන් වීමත් සමග - එම ධුරයට සුදුසු නව දියවඩන නිළමේවරයෙකු නියමිත පටිපාටියට අනුව තෝරාපත් කරගන්නා තෙක්, එම ධුරයේ වැඩ බැලීම සඳහා වැඩබලන දියවඩන නිළමේවරයෙකු පත් කිරීමේ බලය ඇත්තේ රජයේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ය.

ශ්‍රී දළදා මාළිගාවට නව දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාගේ අධීක්ෂණය යටතේ චන්ද විමසීමක්ද සිදු කෙරෙයි. දියවඩන නිලමේවරයකු තෝරා පත් කර ගැනීමේ දී ඡන්ද අයිතිය හිමිවන්නන් ගැන විහාර හා දේවාලගම් ආඥා පනතේ 40 වැනි වගන්තියේ දැක්වේ.

“පුරුෂයෙක් ද, බෞද්ධ සැදැහැවතෙක් ද, වයසින් 21 අවුරුද්ද සම්පූර්ණ වූවෙක් ද නම් මිස, එසේ නොමැති කිසිවකුට උපදේශක සභාවේ සාමාජිකයකු වීමට හෝ අටමස්ථාන සභාවේ සාමාජිකයකු වීමට හෝ ඒ සභාවට පත් කිරීමට සාමාජිකයකුගේ නම නියම කිරීමට හෝ සිද්ධස්ථානයක භාරකරුවකු වීමට හෝ භාරකරුවකු තේරීමේදී ඡන්ද දීමට හෝ අයිතිවාසිකමක් නැත.”

එම චන්දය ලබාදීමේ හිමිකම ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක, ප්‍රාදේශීය ලේකම් වරුනටද ලැබෙයි. එය අතීත රජ දවසේ දිසාවටද, පසු කලෙක මෙරට ඉංග්‍රීසී පාලනය සමයේ රජයේ ඒජන්ත හෙවත් ගවර්මන්ට් ඒජන්ට් වරුන්ටද හිමිව තිබූ බව ඉතිහාසයේ පැවසේ. 1931 අංක 19 දරණ විහාර දේවාල ගම්පණතේ ප්‍රකාරව 4/01 වගන්තිය යටතේ පාලනය වන ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානවල සියලුම ගිහි (දේවාල වල) පැවිදි භාරකරුවන්ටද දියවඩන නිළමේ වරයෙකු පත්කිරීම සඳහා චන්දය පාවිච්චි කිරීමේ බලය හිමිවනු ඇත. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයන්හී මහානායක හිමි පාණන් වහන්සේලාටද, උන්වහන්සේලාගේ පාර්ශවයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හී විහාරාධිකාරී හා විහාර භාරකාරත්වය හිමි නායක භික්ෂූන් වහන්සේලාටද, මෙහිදී චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවේ. ඌව පලාත, මධ්‍යම පලාත, සබරගමුව පලාත, මාතර මොරවක් කෝරළේ, හිනිදුම් පත්තුව (ගාල්ල) සහ උතුරු පලාතේ වව්නියාව සිංහළ පත්තුව යන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් වරුන්ටද, දළදා මාළිගාවට දියවඩන නිළමේ වරයෙකු තෝරා පත් කර ගන්නා නිලවරණයේදී සියචන්දය පාවිච්චි කිරීමේ බලය හිමිව ඇත.

මෙම තනතුර සඳහා ඡන්දදායකයන් වන මණ්ඩලය අතිශය සුවිශේෂී වන අතර, එයට ඡන්ද 361ක් පමණ ඇතුළත් වේ. මෙහිදී මල්වතු සහ අස්ගිරි පාර්ශවවල මහානායක හිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 150ක් , ප්‍රාදේශීය ලේකම්වරුන් 170ක් , බස්නායක නිලමේවරුන් 31ක් සහ ඇතැම් විහාරාධිපතිවරුන් 10ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. කෙසේ වෙතත්, 1931 බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතට අනුව, ප්‍රාදේශීය ලේකම්වරුන් බෞද්ධ සහ පිරිමි විය යුතු අතර කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් කාන්තා ප්‍රාදේශීය ලේකම්වරුන් 100කට ආසන්න සංඛ්‍යාවකට ඡන්දය දීමේ අයිතිය අහිමි වී ඇත.

මෙම උත්තරීතර ධූරය සඳහා පත්වෙන්නා කවුරුන් වුවත් - සූරාවෙන්, සූදූවෙන්, දුරාචාරයෙන් මෙන්ම සකලවිධ විෂමාචාරයන්ගෙන් වියුක්ත සාදූ චරිතයක් වියයුතු බව සමාජයේ මෙන්ම බොදුනුවන්ගේ ද පොදු මතය වී තිබේ. දියවඩන නිළමේ තනතුර සඳහා ඉල්ලුම් කිරීමට හැකි වන්නේ නිශ්චල දේපලවලින් රු.1,000.00කට නොවැඩි වටිනාකම් ඇත්තකු විය යුතු හෝ වාර්ෂික ආදායම් රු.500 වැඩි අය විය යුතු වන්නේ ය. තවද හොරමැරකම්, වංචා ආදියට වැරදිකරුවකු වූ අයට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක. තවද හේ රජයේ සේවකයෙකු වන්නේ නම් ඔහුට ඉල්ලිය නොහැක. එලෙසම යමෙකු පන්සලේ පරවෙනි ඉඩම් භුක්තිකරුවෙකු හෝ බදුකරුවකුව සිටින්නේ නම් ඔහුට ද ඉල්ලිය නොහැක. එලෙසම, වයස අවුරුදු 70ට වඩා වැඩි අපේක්ෂකයන් මෙම තනතුර සඳහා අයදුම් කරනු ලබන අවස්ථාවන්හි දී මහාභාරකාරතුමා වෙතින් අනුමත කිරීමේ ලිපියක් ලබාගෙන තිබිය යුතු වන්නේ ය. මේ ආදී සුදුසුකම් තෝරා ගැනීමේ අපහසුතාවයක් ඇති වුවහොත් විහාරාධිපතිතුමා ඉල්ලා සිටින නියෝජිතයකු මහාභාරකාරතුමා විසින් පත් කරනු ඇත. මෙම දියවඩන නිලමේ පිළිබඳ යම් කිසි චෝදනාවක් එල්ල වූ විට ඒ පිළිබඳ නඩු ඇසීමේ බලය මහාභාරකරතුමා සතු වන්නේ ය. එලෙසම යම් කිසි නිලමේවරයෙක් ඔහුගේ යම් කිසි දුර්වලකමකින් හෝ යම් හේතුවක් මත එම නිලය පුරප්පාඩු වුවහොත් මහාභාරකාරතුමාට ඒ වෙනුවෙන් වි.දේ. ආඥා පනත අනුව වෙනත් අයකු පත් කිරීමේ බලය ඇත. ඒ අතර එම නිලය සඳහා වැඩ බැලීමේ පදනම මත කෙනකු පත් කිරීමට ද ඔහුට බලය ඇත. මේ පත්වීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ලබා ගත යුතු වන්නේ ය...

©️ සෙංකණ්ඩ පුර - තිලංක රත්නායක

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Palanwatta, Pannipitiya
Colombo