Alone with Dil

Alone with Dil

Share

Freelance Writing about any topic

10/04/2025

හීනි ඇස්දෙක අගින් හිනැහෙන
කතාබස් කනකටත් නෑසෙන
සුදුම නැතිමුත් හුරුම බුහුටිව
සිටියොතින් ඈ තමයි ඔබෙ ළද...

තිබිය යුතුමයි දිගට වරලස
ඇදිය යුතු මල් ගවුම් ඉදහිට
දුකට සතුටට කදුළු වගුරන
විය යුතුයි ඈ ඔබේ පතිනිය......

අච්චාරු ටිපිටිප් කතාවල
ඉර බහින පෙම්බර සැදෑවල
ආදරේ හරි පැණි රසම බව
දැන ගනී ඈ වෙලා ඔබෙ පෙම....

අඩු නැතුව විදි දුක් පුරාවට
මදි නැතුව තනිකම වෙලා පෙම
දිවි බරම හිසමත තබාගෙන
ආ මගේ බාගයයි මට තව.....

හීන හීනම තමයි හැමදම....

9/04/2025
Dilini Adipaththu 😌❤️

09/12/2024

මගේ නමින් මුළු අහසම
එක දවසක් ලියා තබමි
හදට නිවාඩුවක් කියා
පණිවිඩයක් යවා කියමි....

අදුරු වළාවන් පොරවා
හද හාවා නිදි කරාවි
ලොවට හොරා එක දවසක්
තරු අහසේ පෙම් කරාවි....

හදට හිතේ දුක කියනා
පෙම්වත්තුන් මග බලාවි
නෑවිත් හිටි ආදරියට
හරි හරියට කවි ලියාවි
එයින් එකක් හෙට උදයෙම
මගෙ ගෙයි දොරකඩ තියේවි ....

9/12/2024
❤️😌
Dilini Adipaththu

11/10/2024

බුක්ෆෙයා යං බීර ගන්නට 🍻❤

සැපවත් නොදැන ඉපයූ
තුට්ටුවටවත් පඩිය නොකැතූ
සේසතම දී පොත් ම ගනිපූ
උබල අපි නම් මරු මිනිස්සු

දියකරපු ජීවිතෙන් කාලක
තතු ලියෙව්වොත් පොතක පිටුවල
සම්මාන ගත් නවකතාවල
තිබුණෙ බොරුමයි හිතෙයි ඇත්තට

බුක්ෆෙයා සතියක් පුරාවට
උබට මට කවි කතා වික්කෙම
පැමිණි දුක් පැණිරස නොවූවිට
බීර වෙනුවට දුකට බොන්නට

05/10/2024

12/08/2024

බර වැඩිම හදවත කාගෙද?

ආදරෙන් ඉදහිට රැවැට්ටූ
කැඩුණු හිත් ඇහිදන් ඇවිත්
ලන්ද පාමුල හුස්ම අතහැරි
මගේ මලගම සරසපන්.....

ඉදුරාම ඔහු හිත කොනිත්තා
ආදරේ ගැන කියාපන්
නොදොඩාම ඉන්නවා නම් තව
හාදුවෙන් මුව තෙමාපන්
ඒත් ඇස් අග නොතෙමුනෝතින්
පපුව මැද්දෙන් පලාපන්
ගැහුන හදවත හොහේහරි ඇති
හොයාගෙන කන තයාපන්

යාන්තම් පන ගැහෙනවානම්
ආදරේ ගැන කියාපන්
මග බලපු මහ දිග දවස්වල
ඔහුටම ලියපු කවි කියෝපන්
කටහඩට ඇසිපිය සැලෙයි නම්
මාත් මළ බව කියාපන්
බය නොවී හදවත ගලෝගෙන
කන්දකට යටකරාපන්

මල්සරා උබටත් ඇඩුනොතින්
හිත ගලෝලා තියාපන්
මගේ සොහොනෙත් හිසට ඉහලින්
පොපි ගහක් හරි හිටෝපන් .......

12/08/2024
🖤🌼
Dilini Adipaththu

19/07/2024

සදහට ම ගොලුවෙලා තිබිය යුතුමයි මුහුද........

පිටු අතර නොලියවෙන අතහැරුනු පෙම් ගීත
ලියා අකුරක් නෑර තිබ්බොතින් හැමදාට
ආවොතින් වැරදිලාවත් දිනෙක නුඹ අතට
නැගෙන එක කදුළකට ගොඩ ඒවි මහ මුහුද

මා දන්න ආදරේ හොදම සොදුරු ම හරිය
මූදු රැළි මෙන් ඇවිත් වෙරළ සිම්බා මිසක
හිත් වෙරළ මත ඔබට මා ලියූ පෙම් කවිය
තනිව කියවා රෑට හීල්ලුවෙ මහ මුහුද

19/07/2024
Dilini Adipaththu

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ambanpola , Kurunagala
Colombo
60650